කතානායකගේ සහ පෞද්ගලික ලේකම්ගේ නිල නිවාස ගැන තොරතුරු ඉල්ලයි..
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සහ ඔහුගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේ පාවිච්චි කරන්නේ යැයි පැවසෙන රජයේ නිල නිවාස සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා නව ජනතා පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් නායක සහ නාගරික මන්ත්‍රී දිනේෂ් අබේකෝන් මහතා ඇතුළු පිරිසක් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට තවත් අයදුම්පතක් යොමු කර තිබේ.
මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ තොරතුරු ගැනීමට අමාත්‍යාංශයට පසුගිය පසුගිය වසරේ ජුලි මාසයේ සිට අයදුම්පත් තුනක් යොමු කර ඇතත් මේ දක්වාම ඒ එකම අයදුම්පතකට හෝ බලධාරීන් කිසිදු පිළිතුරක් ලබාදී නැතැයි ඔහු සඳහන් කළේය.
කතානායකවරයා සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා පාවිච්චි කරන නිවාස සංඛ්‍යාව, ඉන්ධන කෝටාව සහ වාහන ඇතුළු පහසුකම් පිළිබඳව මෙමගින් තොරතුරු ඉල්ලා සිටින බව පැවසූ අබේකෝන් මහතා ඔවුන්ගේ එම පහසුකම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවෙන්ද තොරතුරු ඉල්ලා ඇතත් කිසිදු තොරතුරක් නොලැබුණු බව සඳහන් කළේය.
රටේම ආන්දෝලනයට ලක් වූ සිද්ධියක් සම්බන්ධයෙන් තොරතුරු ලබා නොදී මේ ආකාරයට මගහැරීම ගැන කණගාටුවන බවත් මෙය තමා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට ඉදිරිපත් කරන අවසාන අයදුම්පත බවත් දිනේෂ් අබේකෝන් මහතා සඳහන් කළේය.
සිවුවැනි අයදුම්පත සම්බන්ධයෙන් අදාළ බලධාරීන් තොරතුරු දෙන්නේ දැයි තමා විමසිල්ලෙන් පසුවන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා