News Category
From Date
To Date
Maximum Number of Result

යූඑස්එස් ජෙරල්ඩ් ආර් ෆෝඩ් නෞකාවේ ඇති වූ ගින්නක් හේතුවෙන් අමෙරිකානු නාවික භටයින්ට තුවාල සිදු වී සෙබළුන්ගේ නිදන ඇඳන් 100 ක් විනාශ වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. යුද මෙහෙයුමකදී ලොව විශාලතම ගුවන් යානා ප්‍රවාහන නෞකාවට හානි ගෙන දුන් නවතම අනතුර මෙය බව යුද විශේෂඥයෝ පවසති.

මාර්තු මාසය තුළ ලිට්‍රෝ ගෑස් මෙට්‍රික්ටොන් 38,000ක් දැනටමත් රටට ගෙනවිත් ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

පසුගිය 14 වන සෙනසුරාදා දින විදුලිය සැපයීම වෙනුවෙන් විදුලිබල මණ්ඩලයට ඩීසල් ලීටර් 850,000 ක ප්‍රමාණයක් වැය කිරීමට සිදු වූ බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා අනාවරණය කළේය.

මාර්තු 15 දින නොරොව්වෝල ලක් විජය බලාගාරයෙ විදුලි ජනන පද්ධති 3න් උපදවා ඇත්තේ ඉතා අඩු විදුලිය බල උත්පාදනයක් බව වාර්තා වන අතර, 300MW උපදවිය යුතු වුවත්, මේ පද්ධති 3 න්ම උපදවා ඇත්තේ ඊට අඩු ප්‍රමාණයකි.

බාල ගල් අඟුරු නිසා විදුලිය නිපදවීමේ දී දවසකට ඩීසල් කොපමණ ප්‍රමාණයක් වැය කිරීමට සිදුව ඇත්දැයි ආණ්ඩුව ගණන් හිලව් ඇතිවම ප්‍රකාශ කළ යුතු බවත්, ජනාධිපතිවරයා ජනාධිපති ධුරයට පත්වීමට පෙර තමන් ජනාධිපතිවූ පසු තෙල් පෝලිම්, ගෑස් පෝලිම් නොමැති බවත් සිනමා ශාලාවල පෝලිම් පමණක් තිබෙන බවත් පැවසූ බව ආචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් FBI එක විශේෂ විමර්ෂණයක් සිදුකළ බවත්, ISIS සංවිධානයට ලංකාවේ සම්බන්ධිත පුද්ගලයින් 37ක් එමගින් අනාවරණය කළ බවත්, එම අය අතරින් ප්‍රධානියා ලෙස සැලකෙන්නේ මොහොමඩ් නවුෆර් මිල්හාන් නමැත්තෙකු බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා හෙළිකරයි.

පවතින ඉන්ධන සපයා ගැනීමේ ගැටලුව සැලකිල්ලට ගෙන ඊට මුහුණදීම සඳහා රජයේ සේවකයින්ට එළැඹෙන බදාදා (17) සිට සෑම සතියකම බදාදා දිනවල නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.

එක්සත් ජනපදය සහ සියොන්වාදී තන්ත්‍රය විසින් පනවන ලද ආක්‍රමණශීලී යුද්ධයට එරෙහිව ඉරානය දක්වන "ගෞරවනීය සහ නොසැලෙන ප්‍රතිරෝධයක්" මධ්‍යයේ සටන් විරාමයක් සඳහා කිසිදු ඉල්ලීමක් ඉදිරිපත් කර නොමැති බව විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි ප්‍රකාශ කළේය.

ඉස්ලාමීය විප්ලව ආරක්ෂක බලකායේ නාවික හමුදාපති රියර් අද්මිරාල් අලිරේසා ටැංසිරි, ඉරානයේ දකුණු ඛර්ක් දූපතට පසුගියදා එල්ල කරන ලද එක්සත් ජනපද හමුදා ප්‍රහාරයේ ප්‍රතිවිපාක සම්බන්ධයෙන් අනතුරු ඇඟවීය.


දේශීය පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල යටතේ සබන් නිෂ්පාදන හා පාපිසි නිෂ්පාදන පුහුණු වැඩසටහන්..

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල වැඩසටහන යටතේ ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සබන් නිෂ්පාදනය සහ පාපිසි නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන් දෙකක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..

සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත..

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත භාර දී තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට, අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

බාල ගල් අඟුරු නිසා පාඩුව බිලියන 15.7යි..- බලශක්ති ඇමති

මෑතකදී ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු හේතුවෙන් රටට රුපියල් බිලියන 15.765 ක මුළු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිසම තීරණය කරයි..

මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මෙට්‍රෝ බස් රියේ ගැටුණු පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්..

අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

හම්බන්තොට වරායේ කළුගල් මාලදිවයිනට..- අගමැතිනි..

මාගම්පුර වරාය පරිශ්‍රය ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කර ගැනීම සඳහා එහි ගොඩගසා තිබූ කළුගල් තොගයක් මාලදිවයින වෙත අපනයනය කිරීමට 2024 වසරේදී පෞද්ගලික සමාගමකට එක්වරක් පමණක් වලංගු වන විශේෂ බලපත්‍රයක් නිකුත් කර තිබූ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.