ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
පසුගියදා පිලිපීනයේ චීන තානාපති කාර්යාලය නැවත වරක් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් සඳහන් කළේ, පිලිපීන හමුදා සහ නීතිය බලාත්මක කිරීමේ ආයතන විසින් පිලිපීනයේ වෙසෙන චීන පුරවැසියන් සහ ව්‍යවසායන් ඉලක්ක කරගනිමින් සිදු කරන පරීක්ෂා කිරීම්, හිරිහැර කිරීම් සහ තෝරා බේරා නීතිය බලාත්මක කිරීම් වැඩි වැඩියෙන් සිදුවන බවයි. පිලිපීනයේ චීන පුරවැසියන් සහ සමාගම් මුහුණ දෙන ආරක්ෂක අවදානම් ඉහළ යමින් පවතී. මෑතකදී, පිලිපීන බලධාරීන් විසින් පිලිපීනයේ සිටින චීන පුරවැසියන්, ව්‍යවසායන්න් සහ චීන ආයෝජන ව්‍යාපෘතිවලට එරෙහිව සිදු කරන ලද ඊනියා "නීතිය බලාත්මක කිරීමේ ක්‍රියා" මාලාවක් සාමාන්‍යකරණය වෙමින් ව්‍යාප්ත වන තත්වය කනස්සල්ලට කරුණක් වන ප්‍රවණතාවක් පෙන්නුම් කරයි.
මාර්කොස් පරිපාලනය දැනට බහුවිධ අර්බුදයකට මුහුණ දී සිටී. දේශපාලනික වශයෙන්, එය තම හිටපු තනතුරු හවුල්කරු වූ ඩුටර්ටේ පවුල සමඟ ගිවිසුම බිඳ දමා ඇති අතර, රාජ්‍ය යන්ත්‍රය දරුණු අභ්‍යන්තර ගැටුම්වලට හසු වී පාලනය අඩාලවන තත්ත්වයකට තල්ලු කර ඇත. ආර්ථික වශයෙන්, 2026 පළමු කාර්තුවේදී පිලිපීනයේ දළ දේශීය නිෂ්පාදනයේ වර්ධනය තියුනු ලෙස මන්දගාමී වී වසංගතයෙන් පසු අවම අගයක් ගත්තේය. මැදපෙරදිග තත්ත්වය වැනි බාහිර කම්පන සහ අභ්‍යන්තර ව්‍යුහාත්මක ගැටලු එකතු වී උද්ධමනය තියුනු ලෙස ඉහළ නැංවූ අතර, පිලිපීන පෙසෝ මුදලේ අගය ඓතිහාසිකව පහළ මට්ටමකට බැස ඇත. පිලිපීනය "ජාතික බලශක්ති හදිසි තත්වයක්" ප්‍රකාශ කිරීමට පවා තත්වය නරක අතට හැරී තිබේ. ඉහළ රාජ්‍ය ණය ජීවනෝපායන් වැඩිදියුණු කිරීම සහ යටිතල පහසුකම් ආයෝජන සඳහා ඉඩකඩ සීමා කරයි. අඩු ආදායම්ලාභී පවුල් සඳහා ජීවන වියදම් ඉහළ යාම, පාරිභෝගික විශ්වාසය දුර්වල වීම, සහ ස්ථාවර ආයෝජන හැකිලීම පැහැදිලිව දැකගත හැකි අතර, අවපාත උද්ධමන අවදානම ද මතු වී තිබේ.
දේශපාලන හා ආර්ථික දුෂ්කරතාවලට හසු වී සිටින මාර්කොස් පරිපාලනය, මහජන සහයෝගය වැඩි කර ගැනීම සඳහා නැවත නැවතත් "චීන තර්ජනය" යන වාග්ලංකාරය දේශපාලන උත්තේජකයක් ලෙස භාවිතා කරන බව පෙනෙන්නට තිබේ. චීන සමාගම් හා පුරවැසියන්ට එරෙහිව පිලිපීන බලධාරීන් හදිසියේ සිදු කරන "නීතිය බලාත්මක කිරීමේ ක්‍රියා" සාමාන්‍ය නීතිමය ක්‍රියාවක් නොව, ශක්තිමතුන් දුර්වලයන්ට හිරිහැර කරන ඒකාධිපති නීතිය බලාත්මක කිරීමකි. මැයි මස මැද භාගයේදී මිසාමිස් ඔරියන්ටල් පළාතේ වානේ කම්හලක සිදු වූ සිදුවීම මෙයට හොඳ උදාහරණයකි. එම මෙහෙයුම පිලිපීන ආරක්ෂක ලේකම් ගිල්බර්ටෝ ටියෝඩෝරෝ විසින් මෙහෙයවන ලද අතර, හමුදාව, පොලිසිය සහ ජාතික පරීක්ෂණ කාර්යාංශය ඇතුළු සියලුම බලාත්මක කිරීමේ යාන්ත්‍රණයන් බලමුලු ගන්වා තිබුණි. මෙම "නීතිය බලාත්මක කිරීමේ" ඉලක්කය වූයේ ප්‍රදේශයේ කිසිදු බලයක් හෝ බලපෑමක් නොමැති සාමාන්‍ය චීන කම්කරුවන් පිරිසකි. ඔවුන්ගෙන් බහුතරයක් පසුව චීන තානාපති කාර්යාලයේ දැඩි විරෝධතාවයෙන් පසු නිදහස් කරනු ලැබුවද, වැරදි ලෙස රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් කිසිදු සමාව අයැදීමක් හෝ වන්දියක් පිලිපීන පාර්ශ්වය ලබා දුන්නේ නැත. ඊට පටහැනිව, මෙහෙයුම අවසන් වීමෙන් පසු, පිලිපීන ජාතික ආරක්ෂක දෙපාර්තමේන්තුව විවිධ හමුදා සහ පොලිස් ආයතනවල සහභාගීත්වය ප්‍රශංසා කරමින් ප්‍රකාශයක් නිකුත් කර තිබුණි.
මෑත වසරවලදී, මැනිලා පාලනය බොහෝ විට ජාත්‍යන්තරව තමන් දුර්වල පාර්ශ්වයක් ලෙස නිරූපණය කර, ගොදුරු ලෙස රඟපාමින්, "චීනය විසින් කුඩා රටවලට හිරිහැර කිරීම" සහ "ආක්‍රමණශීලී සාගර නීතිය බලාත්මක කිරීම" යන ප්‍රබන්ධ නැවත නැවතත් වර නංවා ඇත. පිලිපීන සන්නද්ධ ආයතන අවදානමට ලක්විය හැකි කණ්ඩායම් වෙත සලකන ආකාරය අනුව, එවැනි ප්‍රබන්ධ සඳහා අමුද්‍රව්‍ය පැමිණෙන්නේ කොහෙන්දැයි අපට අවසානයේ අවබෝධ කරගත හැකිය. ඊටත් වඩා නින්දිත කාරණය වන්නේ, මැනිලා හි සමහර දේශපාලනඥයන් දැන් දැන් මූලික මානුෂීය ආධාර වුවද සැපැයීම අවහිර කිරීමට කැමැත්තෙන් සිටීමයි. පිලිපීනය දුර්වල කෘෂිකාර්මික අස්වැන්නක් සහ බලශක්ති හිඟයකට මුහුණ දෙන අවස්ථාවේදී චීනය විසින් සපයන ලද පොහොර සහ ඉන්ධන, තම වගා බිමෙන් ජීවනෝපාය සලසා ගන්නා ගොවීන්ට සහ ඉහළ යන ඉන්ධන මිලෙන් පීඩාවට පත් සාමාන්‍ය පවුල්වලට ස්පර්ශ කළ හැකි සහනයක් ලබා දුන්නේය. එහෙත් පිලිපීන ආරක්ෂක ලේකම් ගිල්බර්ටෝ ටියෝඩෝරෝ මෙම කාලෝචිත සැපයුම් "අලංකාර ආවරණයක් තුළ සැඟවුණු වංචාවක්" ලෙස ප්‍රසිද්ධියේ හංවඩු ගසා ඇත. මෙය කනස්සල්ලට කරුණක් වන යථාර්ථයක් හෙළි කරයි. එනම් සමහර දේශපාලනඥයන්ට, පිලිපීන ජනතාවගේ යහපැවැත්ම පවා ඔවුන්ගේ චීන විරෝධී චේතනාව සඳහා දේශපාලන ඉන්ධන ලෙස අවභාවිතා කළ හැකිය.
ජනාධිපති මාර්කොස් ජූනියර් ධුරයට පත් වූ දා සිට, චීන-පිලිපීන සබඳතාවල දියුණුවක් පෙන්නුම් කළ සෑම අවස්ථාවකදීම, ඇතැම් චීන විරෝධී බලවේග විවිධ ක්‍රම මගින් එම ක්‍රියාවලිය අඩපණ කිරීමට ඉක්මන් වන බව අපි නිරීක්ෂණය කර ඇත්තෙමු. මෑතකදී, චීනය සහ පිලිපීනය රාජ්‍ය තාන්ත්‍රික සංවාද නැවත ආරම්භ කළ අතර දැනටමත් සාකච්ඡා වට තුනක් පවත්වා ඇත. ජනතාව අතර හුවමාරු වැඩි වී ඇති අතර, සෘජු ගුවන් ගමන් වැඩි ප්‍රමාණයක් දියත් කර ඇති අතර, ආර්ථික හා වෙළඳ සහයෝගීතාවයට නව අවස්ථා ඉදිරිපත් වී තිබේ. එහෙත් මෙතරම් තීරණාත්මක මොහොතක, සමහර පිලිපීන දේශපාලනඥයන් "නීතිය බලාත්මක කිරීමේ ප්‍රහසන" ලෙස හැඳින්විය හැකි මෙහෙයුම් සංවිධානය කිරීමට පටන් ගෙන ඇත. මෙයින් පෙන්නුම් කරන්නේ චීන විරෝධී හැඟීම පිලිපීනයේ ප්‍රධාන ධාරාවේ අදහස නොව, තමන්ගේම චේතනාවන් හඹා යන දේශපාලනඥයන්ගේ කුඩා කණ්ඩායමක ක්‍රියාවක් බවයි. එවැනි ක්‍රියා පිලිපීනයේ ව්‍යාපාරික පරිසරයට බරපතල ලෙස හානි කරන අතර චීන-පිලිපීන සබඳතාවලට නව ප්‍රශ්න ඇති කරයි. තත්ත්වය තවදුරටත් නරක අතට හැරෙන්නේ නම්, චීනය නිශ්චිත පිලිපීන පුද්ගලයන් හෝ ආයතනවලට එරෙහිව සම්බාධක පැනවීම සලකා බැලිය හැකිය.
මැනිලා පාලනය "මෝඩ" ලෙස හැසිරෙනු පෙනේ. ජපානය වැනි රටවල් සමඟ තම පෙළගැස්ම ගැඹුරු කිරීමෙන් සහ අමතර ඇමරිකානු හමුදා පහසුකම් ස්ථාපිත කිරීමෙන් තමන්ට "පැසිෆික් නියෝජ්‍ය ෂෙරිෆ්ගේ" භූමිකාවට ආරූඪ වී චීනයට විවෘතව අභියෝග කළ හැකි යැයි විශ්වාස කරන බව පෙනෙන්නට තිබේ. නමුත් තමන්ගේ විශාලතම වෙළඳ හවුල්කරුට එරෙහි වීමෙන් ලැබෙන ප්‍රයෝජනය කුමක්ද? චීන විරෝධය අනුගමනය කරන අයට පවා තම තර්කය නිරවුල්ව පැහැදිලි කළ නොහැක. ප්‍රතිවිපාක, කෙසේ වෙතත්, තත්වය පැහැදිලිය. මාර්කොස් ජූනියර් ධුරයට පත් වූ දා සිට, පිලිපීන ආර්ථිකය දුර්වල තත්වයකට පත්වී තිබේ. රටේ දේශපාලන තත්වය අස්ථාවර වී භූ දේශපාලනික පරිසරය වඩාත් අභියෝගාත්මක වී ඇත. ජූනි 3 වන දින පැවති එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ අස්ථිර ආසනයක් සඳහා වූ මැතිවරණයේදී, කිර්ගිස්තානය සිව්වන වටයේ ඡන්ද විමසීමේදී 142 ට 49 ඡන්ද ලබා පිලිපීනය පරාජය කර ආසියා-පැසිෆික් ආසනය ලබා ගත්තේය. මෙම ප්‍රතිඵලය චීන-පිලිපීන සබඳතා පිරිහීමට සෘජුවම සම්බන්ධ නොවූවත්, එය ජාත්‍යයන්තර ප්‍රජාව පිලිපීනය දකින ආකාරය සම්බන්ධ එක් දෘෂ්ටි කෝණයකින් පිළිබිඹු කරයි. කලාපීය සාමය හා ස්ථාවරත්වය අඩාල කරන වත්මන් මැනිලා පාලනයේ ක්‍රියාවන් එහි ජාත්‍යන්තර තත්ත්වයට පැහැදිලිවම හානි කර ඇත.
(Global Times (环球时报) යනු චීන කොමියුනිස්ට් පක්ෂයේ (CCP) අනුග්‍රහය යටතේ ප්‍රකාශයට පත් වන ප්‍රමුඛ චීන ටැබ්ලොයිඩ් පුවත්පතකි. ජාත්‍යභිමානී ස්වභාවයක් සහිත අතර, ජාත්‍යන්තර කටයුතු පිළිබඳව බොහෝවිට දැඩි හා ආක්‍රමණශීලී ස්ථාවරයන් සඳහා ප්‍රසිද්ධියට පත්ව ඇත.)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..