සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා හදිසි ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
රෝහල් ආරංචි මාර්ග තහවුරු කළේ, ඒ මහතා ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළ බවය.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ඒ මහතා, මේ දක්වා පසුවුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේය.
එහිදී තමාට අමානුෂික වදහිංසා සිදුකරන බවට පවසමින් ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළම ආහාර වර්ජනය කරමින් උපවාසයක් ආරම්භ කර තිබුණි.
මේ අතර, තමන්ගේ මරණය ආසන්න බව හැඟෙන බැවින් දෑස් දන්දීමට හා සිය අවසන් කැමැති පත්‍රය සැකසීමට අවශ්‍ය ලිපිලේඛන රැගෙන කඩිනමින් එන්නැයි සුරේෂ් සලේ මහතා දැනුම්දුන් බව ඔහුගේ නීතිඥයින් ඊයේ (07) අනාවරණ කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා වෙත ලිපියක් යොමුකරමින් සලේ මහතාගේ නීතිඥවරයා පවසන්නේ සිය අවසන් කැමැති පත්‍රය සැකසීමට අවශ්‍ය ලිපිලේඛන සැකසීම සඳහා සිය නීතිඥයින්ට කඩිනමින් තමන් හමුවීමට පැමිණෙන ලෙස සලේ මහතා දැනුම් දී ඇති බවය.
එසේම, එම ලිපිය මගින් සලේ මහතාව පහසුකම් සහිත රෝහලකට යොමුකරන ලෙසත්, ස්වාධීන වෛද්‍ය කණ්ඩායමක් මගින් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය විනිශ්චය කරන ලෙසත් ඉල්ලා සිටියි.
ඒ මහතාව, ඉකුත් පෙබරවාරි 25 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ චෝදනා එල්ල කරමිනි.
අනතුරුව රැඳවුම් නියෝග මත සලේ මහතා එම දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටියි.
මෙවන් පසුබිමක සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය පොලිස්පතිවරයාට ලිඛිත පැමිණිල්ලක් ද යොමුකර තිබුණි.
එමඟින් ඇය තම ස්වාමි පුරුෂයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී සිදුව ඇති බව පැවසෙන කෘෘර, අමානුෂික සහ අවමන් සහගත සැලකීම් මෙන්ම වෛද්‍ය ප්‍රතිකාර ලබානොදීම් ඇතුළු කරුණු පිළිබඳ වහාම ස්වාධීන අපරාධ පරීක්ෂණයක් අරඹන ලෙස ඉල්ලා සිටියි.
සලේ මහතාට ප්‍රමාණවත් තරම් ආහාර ලබානොදෙන බවත්, ඒ සඳහා අවශ්‍ය උපකරණ නොමැති බවත්, රාත්‍රි 10න් පසුව වැසිකිළි පහසුකම් භාවිත කිරීමට පවා අවසර නොමැති බවත් පැමිණිල්ලේ සඳහන් වේ.
එහි ප්‍රතිඵලයක් ලෙස සුරේෂ් සලේ වන තම සැමියාට දරුණු මලබද්ධ තත්ත්වයක් සහ විවිධ ශාරීරික සංකූලතා මතුව ඇති බවත් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා නිකුත් කළ වාර්තාවේද සඳහන් බවත් ඇය පෙන්වා දෙයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා