News Category
From Date
To Date
Maximum Number of Result

සමාජ මාධ්‍ය භාවිතය සඳහා අනුමත වයස් සීමාව අවුරුදු 13 සිට 15 දක්වා වැඩි කිරීමට සහ තරුණ පරිශීලකයින්ට අන්තර්ජාල ක්‍රියාකාරකම්වලින් සිදුවන බලපෑම සම්බන්ධයෙන් ඇතිවී තිබෙන කනස්සල්ලට විසඳුම් සෙවීමට දැඩි පාලනයන් හඳුන්වා දීමට නෝර්වේ රජය සැලසුම් කර තිබේ.

බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා පවසන්නේ පසුගිය කාලයේ විවිධ ගිවිසුම්වලට එළැඹී පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනයකට කමිටුවක් පත් කළ බවය.

ඊශ්‍රායල ආරක්ෂක හමුදා ඉරානයේ “හමුදා ඉලක්ක වෙත නිශ්චිත ප්‍රහාර” සිදු කරමින් සිටින බව ඊශ්‍රායල හෞම්දා ප්‍රකාශක ඩැනියෙල් හගාරි අද(26) උදෑසන ප්‍රකාශයක් නිකුත් කරමින් තහවුරු කළේය.

පවතින සාම්ප්‍රදායික දේශපාලනය තුළ රටේ ගැටලු විසඳිය නොහැකි බවත්, එතනින් එහා ගිය නව දේශපාලන ක්‍රමවේදයක් රටට අවශ්‍ය බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම අද(26) පැවැත්වෙන අතර, ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් කර තිබේ.

පසුගියදා ‍YouGov නම් සමාජ මත විමසුම් කරනු ලබන ආයතනයක් විසින් කළ මත විමසුමකට අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කමලා හැරිස් යන දෙදෙනාගේම ආධාරකරුවන් විසින් කළ සමාන ලෙස මත දක්වීමට අනුව, ඇමරිකානුවන්ගෙන් 27% ක් පමණ එළඹෙන එක්සත් ජනපද ජනාධිපතිවරණයෙන් පසු සිවිල් යුද්ධයක් ඇති විය හැකි බවට විශවාසය පළ කරයි.

ආරුගම්බේ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට සැලසුමක් ඇති බවට වාර්තා වූ තොරතුරු, හුදෙක් ඊශ්‍රායල ජාතිකයක් ඉලක්ක කර සැලසුම්කළ ප්‍රහාරයක් බව දැනට සිදුකෙරෙමින් පවතින විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

ආරුගම්බේ ප්‍රදේශයේ රැඳීසිටින ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ලකිරීමේ සැලසුමක් ඇතැයි අමෙරිකානු සහ ඉන්දීය බුද්ධි අංශ පසුගිය දිනක මෙරට ආරක්ෂක අංශ දැනුම්ත් කර තිබිණි.

පාස්කු වාර්තා රවි සෙනෙවිරත්න සහ ශානි අබේසේකරට විරුද්ධව අර්ථ දැක්වීම පදනම් විරහිත බව රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ නිකුත් කළ ප්‍රකාශයක සඳහන් වේ.


දේශීය පුවත්

හරක් කටා මාධ්‍ය අමතයි... ටිරාන් අලස්ට, දේශබන්දුට බරපතල චෝදනාවක්

පාතාල නායකයෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා, හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ වැඩ තහනම් කරන ලද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ඉල්ලා සිටි බව කියන රුපියල් මිලියන 300 ක අල්ලසක් ගෙවීම ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලයක් ලෙස තමන් තංගල්ලේ රඳවාගෙන සිටින බවට චෝදනා කර තිබේ.

කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකයක් ඉදිකිරීම ගැන ශ්‍රී ලංකා රජය විරෝධය පළ කරයි..

ශ්‍රී ලංකා රජය, පදනම් විරහිත ජන සංහාර චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන අතර කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කර බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.

අත්අඩංගුව ගන්න එපායැයි ඉල්ලා මහින්දානන්ද අපේක්ෂිත ඇප අයැදුම්පතක් ගොනුකරයි..

තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීම නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පතක් ගොනු කර ඇත.

යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් සමඟ වෙසක් පොහෝ දින අට සිල් සමාදන් වූ උපකුලපතිවරයා..

යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා වන මහාචාර්ය ශ්‍රී සත්ගුණරාජ් මහතා වෙසක් පොහෝ දින විශ්ව විද්‍යාල සිසුන් සමඟ අට සිල් සමාදන් වී තිබේ.

රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?

මේ වන විට දිවයින පුරා පැපොල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, රෝගය වැළැක්වීමට උපකාරී වන වරිසෙල්ලා එන්නත දැනට රජයේ රෝහල් ගබඩාවල නොමැති බව වාර්තා වේ.

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත කරන්නැයි ඉල්ලු පෙත්සම සලකා බලන්න දින දෙයි..

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම තහවුරු කිරීම සඳහා ජුනි මස 26 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

ඡන්දේ කාලේ කුඩු බෙදූ විපක්ෂයේ අය හෙළිකරන්නැයි චතුරංග අබේසිංහට කියයි..

නි. අමාත්‍ය චතුරංග අබේසිංහ පසුගිය මැතිවරණ සමයේ සිය පාක්ෂිකයන්ට මත්ද්‍රව්‍ය ලබාදුන් සියලු විපක්ෂ සාමාජිකයන්ගේ නම් හෙළිකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසයි.

ආනයන වියදම 11.1% කින් ඉහළට..

මේ වසරේ (2025) පළමු මාස තුනේදී ශ්‍රී ලංකාවේ මුළු වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම සියයට 11.1කින් ඉහළ ගොස් ඇත.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.