News Category
From Date
To Date
Maximum Number of Result

ඉරානය සමඟ ඇති සටන් විරාමය දීර්ඝ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

පාස්කු ප්‍රහාරයට යුද හමුදා බුද්ධි අංශය සම්බන්ධ බවට සිරිල් ගාමිණී පියතුමා ප්‍රකාශ කර ඇති බවත්, පාස්කු ප්‍රහාරය පිළිබඳව පූර්ව දැනුවත් භාවයකින් සිටි පුද්ගලයන්ගෙන් මේ වන විට ප්‍රශ්න නොකර බුද්ධි අංශ මෙම සිදුවීමට අල්ලාගෙන සිටින බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

අමෙරිකාව සහ ඉරානය අතර පැවැත්වීමට නියමිත සටන් විරාම සාකච්ඡා සම්බන්ධයෙන් දෙපාර්ශවයෙන්ම පරස්පර විරෝධී අදහස් පළකරමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය 20 වනදා පස්වරුවේ යුක්රේනය පිළිබඳව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය කැඳවා තිබූ හදිසි සාකච්ඡාවකදී, එක්සත් ජාතීන්ගේ (එජා) චීනයේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත සන් ලී, එක්සත් ජනපද නියෝජිතයාගේ පැරණි ආඛ්‍යාන පුනරාවර්තනය සහ අසත්‍ය චෝදනා ප්‍රචාරය කිරීම තරයේ ප්‍රතික්ෂේප කළ බව චීන මධ්‍යම රූපවාහිනිය (CCTV) අද(21) වාර්තා කළේය.

දෙරණ 360° වැඩසටහනට පැමිණි අමාත්‍ය වසන්ත සමරසිංහ සහ එම වැඩසටහන මෙහෙය වූ කලිඳු කරුණාරත්න අතර ඇතිවූ සංවාදයේදී ශානි අබේසේකර සක්‍රීය දේශපාලනයේ නියැලුණේ නැති බව ඇමතිවරයා සිදුකළ ප්‍රකාශයට කලිඳු කරුණාරත්න සාක්ෂි සහිතව ශානි අබේසේකර සක්‍රීය දේශපාලනයේ යෙදී සිටි බව සනාථ කරන ආකාරය දැකගත හැකි විය.

තමා දන්නා පරිදි අමාත්‍ය බිමල් රත්නායක හැරෙන්නට ආණ්ඩුවේ අනෙක් මැති ඇමතිවරු සියලු දෙනා ධනය රැස්කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අමෙරිකාවේ ආර්ථිකය ඉරානයේ ආර්ථිකය මෙන් දාසයගුණයක් පමණ වන බවත්, එහෙත් අමෙරිකාවට ඉරානය පරාජය කිරීමට නොහැකි වී ඇත්තේ ඉරානය සැලසුම් සහගත ලෙස ක්‍රියාකිරීම නිසා බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

ගල්අඟුරු ආනයනයට අදාළ ක්‍රියාවලිය පරීක්ෂා කර බැලීම සඳහා විශේෂ ජනාධිපති කොමිසමක් පත් කරන ලදී. වර්තමාන ආණ්ඩුවේ ගල්‍අඟුරු ටෙන්ඩරය පිළිබඳ විමර්ශනයෙන් ජනාධිපති කොමිසමට වැඩ ආරම්භ කළ හැකි ය. ඒ පිළිබඳ ව පැවැත්වූ විගණනයේ වාර්තාව ඊට පදනමකි. එකී විගණනයේ නිර්දේශ ගැන කෙරෙන විමසුමේ දෙවැනි කොටස පහත වීඩියෝවෙන්..

ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනයක් වන කොළඹ ඩොක්යාඩ් (Colombo Dockyard PLC) සමාගම, ඉන්දීය රජයට අයත් 'Mazagon Dock Shipbuilders' (MDL) සමාගමේ පාලනය යටතේ ක්‍රියාත්මක වන අනුබද්ධිත ආයතනයක් බවට පත්ව තිබේ.


දේශීය පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල යටතේ සබන් නිෂ්පාදන හා පාපිසි නිෂ්පාදන පුහුණු වැඩසටහන්..

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල වැඩසටහන යටතේ ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සබන් නිෂ්පාදනය සහ පාපිසි නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන් දෙකක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..

සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත..

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත භාර දී තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට, අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

බාල ගල් අඟුරු නිසා පාඩුව බිලියන 15.7යි..- බලශක්ති ඇමති

මෑතකදී ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු හේතුවෙන් රටට රුපියල් බිලියන 15.765 ක මුළු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිසම තීරණය කරයි..

මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මෙට්‍රෝ බස් රියේ ගැටුණු පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්..

අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

හම්බන්තොට වරායේ කළුගල් මාලදිවයිනට..- අගමැතිනි..

මාගම්පුර වරාය පරිශ්‍රය ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කර ගැනීම සඳහා එහි ගොඩගසා තිබූ කළුගල් තොගයක් මාලදිවයින වෙත අපනයනය කිරීමට 2024 වසරේදී පෞද්ගලික සමාගමකට එක්වරක් පමණක් වලංගු වන විශේෂ බලපත්‍රයක් නිකුත් කර තිබූ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.