මහාභාණ්ඩාගාර කොල්ලයට මහබැංකුවත් වගකිව යුතුයි.. නන්දලාල්ටත් වැඩ වරදියි.. - මුදල් කාරක සභාවේ සභාපති හර්ෂ කියයි
රජයේ භාණ්ඩාගාරයට අයත් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ද වගකීම දැරිය යුතු බවට මහා භාණ්ඩාගාරය සකස් කළ වාර්තාවක දක්වා ඇතැයි රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කරයි.
ඊයේ රාත්‍රියේ විකාශය වූ ‘දෙරණ 360’ වත්මන් දේශපාලන වැඩසටහනට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළකළේය.
මෙම වාර්තාවේ අඩංගු සොයාගැනීම් සම්බන්ධයෙන් මහ බැංකුවේ ස්ථාවරය සහ නිල පැහැදිලි කිරීම ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවට සතියක කාලයක් ලබා දී ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.
භාණ්ඩාගාර අරමුදල් අතුරුදන් වීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඊයේ (08) රැස් වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම කරුණු අනාවරණය වී තිබේ.
මෙම සාකච්ඡාව සඳහා මහාභාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් කාරක සභාව හමුවට කැඳවා තිබිණි.
එහිදී කාරක සභාව විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් භාණ්ඩාගාරය සකස් කළ වාර්තාව දීර්ඝ වශයෙන් සමාලෝචනය කළ බවත්, මේ පිළිබඳව මහබැංකුවේ මැදිහත්වීම සහ භූමිකාව සම්බන්ධයෙන් ඔවුන්ගෙන් වැඩිදුර පැහැදිලි කිරීම් ඉල්ලා සිටි බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා