සුරේෂ් සලේ වදකාගාරයක දමා මරා දැමීමට හැදූ කුමන්ත්‍රණය සත්‍යග්‍රහය නිසා වැළකුණා.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා වදකාගාරයක් තුළ මියයන තත්ත්වයට හෝ සියදිවි නසාගන්නා තත්ත්වයට පත් කිරීමට උත්සාහ කළ බවත්, එහෙත් ඔහු වෙනුවෙන් ක්‍රියාත්මක වූ සත්‍යග්‍රහය නිසා එම උත්සාහය ව්‍යර්ථ වූ බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘර අයුරින් සැලකීමට විරෝධය පළ කරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්‍යග්‍රහයකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මෙසේද පැවසීය:
"ඔවුන් උත්සාහ කළේ මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතාව වදකාගාරයක් තුළ මියයන තත්ත්වයට පත් කිරීමට හෝ සියදිවි නසාගන්නා තත්ත්වයට පත් කිරීමටයි. ඉතින් ඔවුන්ට ඒක කරන්න බැරි වුණා. මේ උද්ඝෝෂණය සහ සත්‍යග්‍රහය නිසා ඔවුන්ට සිද්ධ වුණා ඔහුව රෝහල් ගත කරන්න. ඒක විශාල ජයග්‍රහණයක්.
මේ සම්බන්ධයෙන් පැහැදිලි කොමිෂන් සභා වාර්තා තුනක් සහ ඇමෙරිකාවේ එෆ්.බී.අයි (FBI) වාර්තා පවා නිකුත් වෙලා තියෙනවා. මේ අන්තවාදී දෘෂ්ටිවාදය නිසා තමයි මේ අය බෝම්බ තියන්න පෙළඹුණේ. ඊට අමතරව අපේ රටේ ඔත්තු සේවාවලින් සී.අයි.ඩී (CID) එකටත්, පොලිසියටත් මේ වගේ අන්තවාදී ක්‍රියාවලියක් යනවා කියලා දැනුම් දීලා තිබුණා. නමුත් එවකට රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව මුස්ලිම් පක්ෂවල විරෝධයට ලක්වෙයි කියලා ඊට පරීක්ෂණ කරන්න ඉඩ දුන්නේ නැහැ. ඒක පාස්කු කොමිෂන් වාර්තාවේ පැහැදිලිව තියෙනවා.
මේ බෝම්බකරුවන් පුහුණු කරන්න, ඔවුන්ගේ මොළ සෝදන්න ඉඩ දීලා බලාගෙන හිටපු පිරිස අතරට ශානි අබේසේකර කියන පොලිස් නිලධාරියාත් ඇතුළත්. ඔහුත් මේකට පියවර නොගෙන වෙන්න ඉඩ හැරියා. හැබැයි දැන් කරන්නේ මේ පිළිබඳව තොරතුරු ලබා දුන්න බුද්ධි නිලධාරියා (සුරේෂ් සලේ) වැරදිකරු කරලා නඩුවක් හදන එකයි.
මේක පිටුපස ප්‍රධාන අරමුණු දෙකක් තියෙනවා එකක් තමයි ආරක්ෂක හමුදා මානසිකව බිඳ දැමීම. රටේ ඔත්තු සේවා ප්‍රධානියාට මේ විදිහට අයුක්ති සහගත ලෙස සලකන කොට, ඉදිරියට රට වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ මොන නිලධාරියාද? මේක ඩයස්පෝරාව සතුටු කරන්න වත්මන් ආණ්ඩුව කරන දුෂ්ට ක්‍රියාවලියක්.
දෙවැන්න තමයි සැබෑ මහමොළකරුවන් සැඟවීම. මේ ප්‍රහාරයට මුල් වෙච්ච 'මාස්ටර් මයින්ඩ්' එක තමයි ඉස්ලාමීය අන්තවාදය සහ වහබ්වාදය. මේ ආගමික අන්තවාදයට එරෙහිව මතයක් ගොඩනැඟීම වැළැක්වීම සඳහා, දැන් චෝදනාව වෙන පැත්තකට (බුද්ධි අංශ වෙත) එල්ල කරනවා.
දැන් අඩියක් පස්සට තියලා සුරේෂ් සලේ මහතාව රෝහල් ගත කළා. ඉන් පසුව නැවත ඔහුව වදකාගාරයට ගන්න ලෑස්ති වෙන්න එපා කියලා අපි ආණ්ඩුවට කියනවා. වහාම මෙම ක්‍රියාවලිය මහේස්ත්‍රාත් අධිකරණයේ අධීක්ෂණයට යටත් කළ යුතුයි. ආණ්ඩුව නිර්දෝෂී නම් ආණ්ඩුවටත් පුළුවන් ඒ ඉල්ලීම අධිකරණයෙන් කරන්න.
ඇතැම් කතෝලික පියතුමන්ලා දැන් වෙනම කතාවක් කියනවා. මේ කතා කරන පියවතුමන්ලා බොහොම දෙනෙක් රාජ්‍ය නොවන සංවිධාන (NGO) වලට සම්බන්ධ පිරිස්. ගෝඨාභය රාජපක්ෂ මහතා මේ අයි.එස්.අයි.එස් (ISIS) අන්තවාදය වළක්වන්න සහ නැවත වින්දිතයන් ඇති නොවීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මඟින් යෝජනා 57ක් ඉදිරිපත් කළා. හැබැයි මේ පියතුමන්ලා ඒ ගැන එක වචනයක් කතා කරන්නේ නැහැ. වින්දිතයන්ට සාධාරණය ඉටු කරන්න පුළුවන් හොඳම දේ තමයි නැවත එවැනි ප්‍රහාරයක් ඇතිවීම වැළැක්වීම. ඒ වෙනුවෙන් ගෙනා යෝජනා ගැන කතා නොකරන ඔවුන්ගේ අවංකභාවය පිළිබඳව බරපතළ ප්‍රශ්නයක් තියෙනවා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා