News Category
From Date
To Date
Maximum Number of Result

"සියල්ල හරියට කරලා රට බාරදුන්නා... දැන් තියෙන්නෙ කරගෙන යන්න පමණයි... හරිනි ව්‍යවස්ථාව දන්නේ නැතිනම් කියල දෙන්න පුලුවන්" යැයි හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකළ ප්‍රකාශය පිළිබඳව අගමැති හරිනි අමරසූරිය විසින් පිළිතුරු නොබැඳීම පිළිබඳව ලංකා ලීඩර් පාඨකයන් විසින් අදහස් යොමුකරති. එම අදහස්වල සම්පිණ්ඩනය මෙසේ දැක්විය හැකිය.

නව රජය විසින් මුදල් අච්චු ගැසීම පිළිබඳව එල්ලවන චෝදනා සහ ඊට අමාත්‍ය විජිත හේරත් ලබාදෙන පිළිතුරු පිළිබඳ ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

මහ මැතිවරණ ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (30) ආරම්භ වීමට නියමිතව තිබේ.

රජයේ සේවකයන්ට, පෞද්ගලික අංශයේ සේවකයන්ට දීමනා ලබාදීමට කැමැති වුවත්, භාණ්ඩාගාරයේ ඇති මුදල් අනුව එය තීරණය වන බවත්, ජනවාරියේ සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට හිටපු ජනාධිපතිවරයා මුදල් වෙන් කිරීමක් කර නොමැති බවත් අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

කියුබාව ත්‍රස්ත ලැය්ස්තුවෙන් ඉවත් කරන ලෙසත් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී කියුබාවට එරෙහිව පනවා ඇති සම්බාධක ඉවත් කරන ලෙස ඉදිරිපත්වන යෝජනාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී ඡන්ද විමසීමට පෙර නිව් යෝර්ක්, ලොස් ඇන්ජලීස් සහ අනෙකුත් එක්සත් ජනපද නගරවල විරෝධතා පැවැත්වූ බව විදෙස් පුවත් සේවා පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් බිලියන සීයකට ආසන්න මුදලක් මුද්‍රණය කර ඇති බව වාර්තා වේ.

වසර පහකට පමණ පෙර විසුරුවා හරින ලද පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නැවතත් ක්‍රියාත්මක කිරීමට සූදානමක් පවතින බව වාර්තා වෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතියෙන් ක්‍රියාත්මක කිරීමට සුදානම් වන දේශීය සහ විදේශීය ණය ප්‍රතිව්‍යහගතකරණය පිළිබඳ අවධානය යොමු කරමින් පෙරටුගාමි සමාජවාදි පක්ෂය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කර ඇත.

පිවිතුරු හෙළ උරුමයේ පක්ෂ මූලස්ථානය පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සිදු කරන ලද ඉමාම් කමිටු වාර්තාව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා අද හෙළිදරව් කළේය.


දේශීය පුවත්

හරක් කටා මාධ්‍ය අමතයි... ටිරාන් අලස්ට, දේශබන්දුට බරපතල චෝදනාවක්

පාතාල නායකයෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා, හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ වැඩ තහනම් කරන ලද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ඉල්ලා සිටි බව කියන රුපියල් මිලියන 300 ක අල්ලසක් ගෙවීම ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලයක් ලෙස තමන් තංගල්ලේ රඳවාගෙන සිටින බවට චෝදනා කර තිබේ.

කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකයක් ඉදිකිරීම ගැන ශ්‍රී ලංකා රජය විරෝධය පළ කරයි..

ශ්‍රී ලංකා රජය, පදනම් විරහිත ජන සංහාර චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන අතර කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කර බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.

අත්අඩංගුව ගන්න එපායැයි ඉල්ලා මහින්දානන්ද අපේක්ෂිත ඇප අයැදුම්පතක් ගොනුකරයි..

තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීම නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පතක් ගොනු කර ඇත.

යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් සමඟ වෙසක් පොහෝ දින අට සිල් සමාදන් වූ උපකුලපතිවරයා..

යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා වන මහාචාර්ය ශ්‍රී සත්ගුණරාජ් මහතා වෙසක් පොහෝ දින විශ්ව විද්‍යාල සිසුන් සමඟ අට සිල් සමාදන් වී තිබේ.

රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?

මේ වන විට දිවයින පුරා පැපොල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, රෝගය වැළැක්වීමට උපකාරී වන වරිසෙල්ලා එන්නත දැනට රජයේ රෝහල් ගබඩාවල නොමැති බව වාර්තා වේ.

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත කරන්නැයි ඉල්ලු පෙත්සම සලකා බලන්න දින දෙයි..

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම තහවුරු කිරීම සඳහා ජුනි මස 26 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

ඡන්දේ කාලේ කුඩු බෙදූ විපක්ෂයේ අය හෙළිකරන්නැයි චතුරංග අබේසිංහට කියයි..

නි. අමාත්‍ය චතුරංග අබේසිංහ පසුගිය මැතිවරණ සමයේ සිය පාක්ෂිකයන්ට මත්ද්‍රව්‍ය ලබාදුන් සියලු විපක්ෂ සාමාජිකයන්ගේ නම් හෙළිකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසයි.

ආනයන වියදම 11.1% කින් ඉහළට..

මේ වසරේ (2025) පළමු මාස තුනේදී ශ්‍රී ලංකාවේ මුළු වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම සියයට 11.1කින් ඉහළ ගොස් ඇත.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.