ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ
එක්සත් ජනපදය ඉරානයට එරෙහිව කරන යුද මෙහෙයුම් සඳහා අතිරේක අරමුදල් ඉල්ලා සිටි අවස්ථාවේදී, එක්සත් ජනපදයේ යුද ලේකම් පීට් හෙග්සෙත් (Pete Hegseth) සෙනෙට් මණ්ඩලයේ ඩිමොක්‍රටික් පක්ෂ සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට මුහුණ මුහුණ දී ඇතැයි වාර්තාවේ.
ධවල මන්දිරය මැද පෙරදිග මෙහෙයුම් සඳහා අතිරේක මූල්‍ය ප්‍රතිපාදන ඉල්ලා සිටින අතරතුර, සෙනෙට් මණ්ඩලයේ ප්‍රතිපාදන කමිටුව හමුවේ සාක්ෂි ලබාදෙමින් හෙග්සෙත්ගෙන් ඩිමොක්‍රටික් සෙනෙට් සභිකයන් ඉරාන යුද්ධය පිළිබඳව දැඩි ප්‍රශ්න මාලාවක් එල්ල කර ඇති බවද පැවසේ.
මෙම මස මුලදී එක්සත් ජනපදය සහ ඉරානය නැවතත් අන්‍යෝන්‍ය මිසයිල හා ගුවන් ප්‍රහාර හුවමාරු ආරම්භ කළ අතර, දෙපාර්ශ්වයම ප්‍රකාශ කළේ කලින් පැවති සටන් විරාමය ප්‍රායෝගිකව බිඳ වැටී ඇති බවයි.
ඊයේ (21) සෙනෙට් ප්‍රතිපාදන කමිටුව හමුවේ අදහස් දක්වමින් හෙග්සෙත් පැවසුවේ, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායලය එක්ව පෙබරවාරි 28 දින ආරම්භ කළ ඉරානයට එරෙහි යුද මෙහෙයුම සඳහා මේ දක්වා ඇස්තමේන්තුගත වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 37.5ක පමණ වියදමක් දරා ඇති බවයි.
ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ, පෙන්ටගනය සඳහා කොංග්‍රසයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 87ක අතිරේක ප්‍රතිපාදන ඉල්ලා සිටින බවත්, එයින් ඩොලර් බිලියන 67ක් මැද පෙරදිග යුද මෙහෙයුම් සඳහා වෙන් කිරීමට අපේක්ෂා කරන බවත්ය.
"මෙම අරමුදල් නොලැබුණහොත්, අපගේ හමුදා සාමාජිකයන්ගේ වැටුප් ගෙවීමට, යුද උපකරණ හා අවි ආයුධ ඉක්මනින් ප්‍රතිපූරණය කිරීමට සහ අත්‍යවශ්‍ය යුද මෙහෙයුම් බාධාවකින් තොරව පවත්වාගෙන යාමට බරපතළ හිඟයන්ට මුහුණ දීමට සිදුවනවා." යැයි හෙග්සෙත් පැවසීය.
මෙම විවාදයේදී ඩිමොක්‍රටික් සභිකයන් චෝදනා කළේ ජනාධිපති ට්‍රම්ප් තමන් ප්‍රකාශ කළ යුද අරමුණු සාක්ෂාත් කර ගැනීමට අසමත් වී ඇති බවත්, යුද තත්ත්වය සම්බන්ධයෙන් මහජනතාව නොමඟ යවන ප්‍රකාශ සිදු කර ඇති බවත්ය.
නිව්යෝර්ක් ප්‍රාන්තයේ සෙනෙට් සභික කර්ස්ටන් ගිලිබ්‍රෑන්ඩ් (Kirsten Gillibrand) පැවසුවේ, හෙග්සෙත් මීට පෙර ඉරානයේ ඉතිරිව තිබූ මිසයිල තොග "දැඩි ලෙස විනාශ කර අවසන්" බව ප්‍රකාශ කළද, පසුගිය සතියේ ජෝර්දානයේදී ඉරාන ප්‍රහාර හේතුවෙන් අවම වශයෙන් ඇමෙරිකානු හමුදා සාමාජිකයන් දෙදෙනකු මියගොස් ඇති බවයි.
"මේ හේතුව නිසාම නිව්යෝර්ක් වැසියන් බොහෝ දෙනෙක් ව්‍යාකූලත්වයට පත්ව සිටින අතර, මෙම යුද්ධය පිළිබඳ දැඩි කනස්සල්ලෙන් සහ අප්‍රසාදයෙන් පසුවෙති," ඇය පැවසුවාය.
ඊට පිළිතුරු දුන් හෙග්සෙත් කියා සිටියේ, ඉරානයේ ආරක්ෂක කර්මාන්ත පදනම බොහෝ දුරට විනාශ කර ඇති නමුත් භූගත පහසුකම් තවමත් පවතින බවයි.
"ඉරානය වසර 47ක් පුරා තම මිසයිල කඳු යට සඟවා තැබීමට උත්සාහ කර තිබෙනවා," යැයි ඔහු සඳහන් කළේය.
ජෝර්ජියා ප්‍රාන්තයේ සෙනෙට් සභික ජෝන් ඔසොෆ් (Jon Ossoff) ද හෙග්සෙත්ගෙන් ප්‍රශ්න කළේ, මාස හතරකට පෙර ඉරානයේ මිසයිල තර්ජනය සම්පූර්ණයෙන්ම පරාජය කර ඇති බවට kaLa prakaashaya රජය තවමත් විශ්වාස කරන්නේද යන්නයි.
ඊට පිළිතුරු දෙමින් හෙග්සෙත් පැවසුවේ, "සෑම මිසයිලයක්ම විනාශ වී ඇති බව කිසිවෙකු කිසිදා ප්‍රකාශ කළේ නැහැ. ඉරානයට සම්පූර්ණයෙන්ම මිසයිල ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව අහිමි වනු ඇතැයි අපි කිසිවිටෙකත් බලාපොරොත්තු වූයේ නැහැ," යනුවෙනි.
කෙසේ වෙතත්, මිසයිල ප්‍රහාර සම්බන්ධයෙන් ඉරානයට එක්සත් ජනපදය සමඟ සෘජුව තරඟ කළ නොහැකි බවද ඔහු අවධාරණය කළේය.
හෙග්සෙත් සිය ආරම්භක ප්‍රකාශය සිදුකරමින් සිටියදී, ඉරානයට එල්ල කරන ඇමෙරිකානු ප්‍රහාර සහ ගාසා තීරයේ ඊශ්‍රායල යුද මෙහෙයුම් හෙළා දකින විරෝධතාකරුවන් කිහිප වතාවක්ම ඔහුගේ කතාවට බාධා කළහ.
එම විරෝධතා නොතකා හෙග්සෙත් කියා සිටියේ, මෙම යුද මෙහෙයුම ඉතා සාර්ථක එකක් බවත්, පෙර පැවති ඇමෙරිකානු පාලන මෙන් නොව ජනාධිපති ට්‍රම්ප් "මෝඩ යුද්ධවලට" රට ඇදගෙන යාමට ඉඩ නොදෙන බවත්ය.
"මිලිටරිමය වශයෙන් බලන විට, ආරම්භයේ සිටම ඉරානය සම්පූර්ණයෙන්ම පරාජයට පත්ව තිබෙනවා," යැයි හෙග්සෙත් ප්‍රකාශ කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..