ඉරානයෙන් ජෝර්දානයේ ඇමරිකානු හමුදා කඳවුරට හදිසි මිසයිල ප්‍රහාරයක් – යුද උණුසුම යළිත් ඉහළට
මැදපෙරදිග පවතින ඇමරිකානු–ඉරාන ගැටුම තවත් උත්සන්න කරමින්, ඉරානය ජෝර්දානයේ පිහිටි එක්සත් ජනපද හමුදා කඳවුරක් ඉලක්ක කර බැලිස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව ඇමරිකානු නිලධාරීන් ප්‍රකාශ කර ඇත. මෙම ප්‍රහාරය, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවලට අවස්ථාව ලබාදීම සඳහා දින කිහිපයකට පෙර ප්‍රහාර තාවකාලිකව නතර කළ පසු ඉරානය විසින් සිදු කළ පළමු සෘජු ප්‍රහාරය ලෙස සැලකේ.
ඇමරිකානු මධ්‍යම විධානය (CENTCOM) සඳහන් කළේ ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) මෙම "හදිසි ප්‍රහාරය" සැලසුම් කළ බවයි. ඇමරිකානු වාර්තාවලට අනුව, මිසයිල සියල්ල ගුවනේදීම බිඳ හෙළීමට හැකි වූ බවත් මෙම ප්‍රහාරයෙන් ඇමරිකානු හමුදා සාමාජිකයන් කිසිවෙකු මිය ගොස් හෝ තුවාල වීමක් සිදු නොවූ බව ප්‍රකාශ කර තිබේ.
මෙම සිද්ධිය සිදුවූයේ ඉරානය සහ ඇමරිකාව අතර සටන් තාවකාලිකව නවතා සාකච්ඡා ආරම්භ කිරීමේ උත්සාහයන් අතරතුරදීය. පසුගිය සිකුරාදා සිට ට්‍රම්ප් පරිපාලනය ගුවන් ප්‍රහාර නවතා තිබුණේ රාජ්‍යතාන්ත්‍රික විසඳුමකට ඉඩ සලසා දීමේ අරමුණින් බව වාර්තා වේ. එහෙත් ඉරානයේ මෙම නව ප්‍රහාරය හේතුවෙන් එම උත්සාහයන්ට දැඩි බලපෑමක් එල්ල වී ඇත.
ප්‍රහාරයෙන් අනතුරුව, ඇමරිකානු සහ සෞදි අරාබි ගුවන් හමුදා ඒකාබද්ධව ඉරාකයේ පිහිටි ඉරානයට හිතවත් සන්නද්ධ කණ්ඩායම්වල අවි ගබඩා, සැපයුම් මධ්‍යස්ථාන සහ යුද පහසුකම් ඉලක්ක කර ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කළ බව වාර්තා වේ. මෙම ඒකාබද්ධ මෙහෙයුම ඇමරිකාව සහ සෞදි අරාබිය එක්ව සිදු කළ පළමු සෘජු ප්‍රහාරය ලෙසද සැලකේ.
ඇමරිකානු ආරක්ෂක නිලධාරීන් පවසන්නේ පසුගිය දින කිහිපය තුළ ඉරානය අනුග්‍රහය දක්වන කණ්ඩායම් විසින් ඩ්‍රෝන ප්‍රහාර 30කට අධික සංඛ්‍යාවක් සිදු කර ඇති අතර, පෙබරවාරි මාසයේ සිට ඇමරිකානු හමුදා සහ ඔවුන්ගේ කඳවුරු ඉලක්ක කර ප්‍රහාර සිය ගණනක් වාර්තා වී ඇති බවයි.
මෙම ප්‍රහාරය සිදුවීමට පෙරද ජෝර්දානයේ පිහිටි එම හමුදා කඳවුරට එල්ල වූ ඉරාන ප්‍රහාරයකින් ඇමරිකානු හමුදා සාමාජිකයන් මියගොස් තිබූ අතර, එයට ප්‍රතිචාර ලෙස ඇමරිකාව දින ගණනාවක් පුරා ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කළේය. එම ගැටුම්වලින් පසු දෙපාර්ශ්වය අතර සටන් තාවකාලිකව නතර වුවද, නව මිසයිල ප්‍රහාරයත් සමඟ එම විරාමය අවසන් වී ඇති බවට විශ්ලේෂකයන් පෙන්වා දෙයි.
මෙම ප්‍රහාරය එල්ල වූයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේදී ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සමඟ "වසා දැමූ දොරවල් පිටුපස" පැවති හමුවක් පැවැත්වීමෙන් පැය කිහිපයකට පසුවය. එම සාකච්ඡාව මිනිත්තු 90කට ආසන්න කාලයක් පැවති අතර, ධවල මන්දිරය එය "ධනාත්මක සහ ඵලදායී" සාකච්ඡාවක් ලෙස විස්තර කළද, එහි අන්තර්ගතය පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණය කර නොතිබිණි.
පසුගිය සිකුරාදා(24) ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉස්ලාමීය ජනරජය (ඉරානය) වෙත එල්ල කළ ඇමරිකානු ප්‍රහාර තාවකාලිකව අත්හිටුවීමෙන් පසුව, ඉරානය විසින් එක්සත් ජනපද හමුදා පහසුකමක් ඉලක්ක කර බැලිස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කළ පළමු වාර්තාගත අවස්ථාව ලෙස මෙම සිද්ධිය සැලකේ.
සඳුදා ට්‍රම්ප් ප්‍රකාශ කළේ වොෂින්ටනය සහ ටෙහෙරානය අතර "ඉතා මිත්‍රශීලී" සාකච්ඡා පැවැත්වෙන බවයි. එහෙත් රාජ්‍යතාන්ත්‍රික උත්සාහයන් අසාර්ථක වුවහොත් එක්සත් ජනපදය යළිත් "දැඩි යුද ක්‍රියාමාර්ග" වෙත යොමුවිය හැකි බවට ඔහු අනතුරු ඇඟවීය. සාකච්ඡාවලට අවස්ථාව ලබාදීම සඳහා තමන් ගුවන් ප්‍රහාර අත්හිටුවූ බව ඔහු ප්‍රකාශ කළ අතර, කිසිදු එකඟතාවකට පැමිණීමට නොහැකි වුවහොත් ඉරානයට "දැඩි ප්‍රහාරයක් එල්ල කරන" බවටද තර්ජනය කළේය.
ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ, සාකච්ඡා අසාර්ථක වුවහොත් ඉරානයට එරෙහි දැඩි යුද ක්‍රියාමාර්ග නැවත ආරම්භ කරන බවයි. එමෙන්ම හෝර්මුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සහ කලාපීය ආරක්ෂාව සම්බන්ධ ගැටලු සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර තවමත් එකඟතාවකට පැමිණ නොමැති බවද වාර්තා වේ.
විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මෙම නව ප්‍රහාරය මැදපෙරදිග යුද ගැටුම තවත් පුළුල් වීමේ අවදානම වැඩි කරන අතර, තෙල් මිල, ජාත්‍යන්තර වෙළෙඳාම සහ කලාපීය ආරක්ෂාව කෙරෙහිද සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකි බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..