"අපි කිසිදු යුද්ධයක් ආරම්භ කළේ නැහැ.. යුක්‍රේනයට බටහිර භූමි ප්‍රදේශ අහිමි වීම වැළැක්විය නොහැකියි".. - රුසියානු ජනාධිපති පුටින්ගෙන් විශේෂ ප්‍රකාශයක්
යුක්‍රේන යුද්ධයේ වර්තමාන තත්ත්වය සහ යුක්‍රේනයේ භූමියේ අනාගතය පිළිබඳව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් විශේෂ අදහස් දැක්වීමක් සිදු කර තිබේ.
එහිදී ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ රුසියාව කිසිදු යුද්ධයක් ආරම්භ නොකළ බවත්, කිසිදු ආක්‍රමණයක් සිදු නොකළ බවත්ය. බටහිර රටවල සහයෝගය ඇතිව යුක්‍රේනය දියත් කළ සතුරු ක්‍රියාමාර්ගයන්ට රුසියාව ප්‍රතිචාර දක්වමින් සිටින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
යුක්‍රේනයේ බටහිර ප්‍රදේශ පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපති පුටින් ප්‍රකාශ කරන්නේ, දෙවන ලෝක යුද්ධයෙන් පසුව ජෝසප් ස්ටාලින් විසින් එම භූමි ප්‍රදේශ යුක්‍රේනයට ලබා දුන්නේ එකම රාජ්‍යයක් (සෝවියට් සංගමය) තුළ පවතිනු ඇතැයි යන පදනම මත බවයි. අද වන විට උද්ගතව ඇති තත්ත්වය එදා ස්ටාලින් කිසිවිටෙකත් අපේක්ෂා නොකරන්නට ඇති බව ද ඔහු පැවසීය.
කෙසේ වෙතත්, ඉදිරියේදී යුක්‍රේනයට මෙම බටහිර භූමි ප්‍රදේශ අහිමි වනු ඇති බවට තමාට විශ්වාසයක් පවතින බව රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. මින් පෙර පෝලන්තය, හංගේරියාව සහ රුමේනියාවට අයත්ව තිබූ එම භූමි ප්‍රදේශ අවසානයේදී ඓතිහාසික වශයෙන් නැවත තිබූ තැනටම පත්වනු ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.
යුක්‍රේනයේ භූමික අඛණ්ඩතාව තහවුරු කළ එකම සහතිකකරු රුසියාව වූ බව මතක් කර දුන් ජනාධිපති පුටින්, තමුන්ට අවශ්‍ය සහ වාසිදායක ලෙස සිතා යුක්‍රේනය විසින් රුසියාව තම සතුරා ලෙස ප්‍රකාශයට පත් කළ බවට ද චෝදනා කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්