සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය. එළැඹෙන මාස තුනක කාලය තුළ ලෝක වෙළෙඳපොළේ දැවැන්ත පෙරළියක් සිදු නොවන්නේ නම්, සිපෙට්කෝ සමාගම නිකුත් කරන ඉන්ධන මිල ඉහළ දැමීමේ සූදානමක් නොමැති බව ද ඒ මහතා අවධාරණය කළේය. පෞද්ගලික ඉන්ධන සමාගම් මුහුණ දී ඇතැයි පැවසෙන පාඩුව සහ අර්බුදය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා පවසා සිටියේ, යම් හෙයකින් රජය නියම කරන මිලකට ඉන්ධන අලෙවි කිරීමට සිදුවීමෙන් එම සමාගම්වලට අලාභයක් සිදුවුවහොත්, එම පාඩුව රජය විසින් පියවිය යුතු බවට ගිවිසුම්ගත කොන්දේසියක් පවතින බවයි.
කෙසේ වෙතත්, කිසියම් නිශ්චිත මිලකට ඉන්ධන අලෙවි කරන ලෙස රජය මෙතෙක් එම සමාගම් වෙත ලිඛිතව කිසිදු නියෝගයක් නිකුත් කර නොමැති බව ඔහු අවධාරණය කළේය.
එම සමාගම් දැනට සිදු කරන්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් ස්වේච්ඡාවෙන්ම අනුගමනය කිරීම පමණක් බවත්, එබැවින් පාඩු ලබන්නේ නම් තමන්ට කැමති මිලක් නියම කර ඉන්ධන අලෙවි කිරීමට එම සමාගම්වලට පූර්ණ නිදහස පවතින බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.
වෙළෙඳපොළේ කුමන අර්බුදයක් නිර්මාණය වුව ද ඒ සියල්ලට මුහුණ දී ජනතාවට බරක් නොවී සේවය සැපයීමේ හැකියාව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පවතින බව සභාපතිවරයා අවධාරණය කළේය.
"මම ඉතා වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නේ නම් මෙම මාසය අවසන් වන තෙක් හෝ බොහෝ දුරට ඉදිරි මාස තුනක කාලය තුළ ඉන්ධන මිල ඉහළ දැමීමට සංස්ථාව කිසිදු යෝජනාවක් ඉදිරිපත් නොකරන බවයි" යනුවෙන් ඔහු පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් "මෙරට පවතින ඉන්ධන සංචිත පිළිබඳව අනියත බියක් ඇති කරගත යුතු නැහැ. සංචිත සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැතිව ඉදිරි කාලය සාර්ථකව කළමනාකරණය කර ගැනීමට පියවර ගෙන තිබෙනවා" යනුවෙන් සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි