ඇමරිකාව ප්රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.
විදේශ බලපෑම් හා ජාත්‍යන්තර ගිවිසුම් පිළිබඳව අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ, ඇමරිකාව ප්රමුඛ බටහිර කඳවුර සහ ඉන්දියාව වැනි ප්‍රාදේශීය බලවතුන් ශ්‍රී ලංකාව සිය ග්‍රහණයට නතු කරගනිමින් සිටින බවයි.
ඉන්දියානු ආරක්ෂක අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයන් සහ ඒ හා සබැඳි ආරක්ෂක ගිවිසුම්, ගොඩබිම, බලශක්ති හා ප්‍රවාහන ක්ෂේත්රයන්ට අදාළ ද්විපාර්ශ්වික එකඟතාවන් පිළිබඳව ප්‍රමාණවත් තරම් කරුණු මහජනතාවට අනාවරණය නොවන බවත්, එවැනි ගිවිසුම් පිටුපස විශාල භූ-දේශපාලනික බලපෑමක් පවතින බවත් ඔහු අවධාරණය කළේය.
එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වැනි ආයතන හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්වාධීපත්‍යය අභියෝගයට ලක්ව ඇති ආකාරයත්, සහනාධාර ලබාදීම සහ බලශක්ති පිරිවැය තීරණය කිරීමේදී පනවා ඇති කොන්දේසි නිසා රට තවත් ආර්ථික හා දේශපාලනික උගුලකට හසුවෙමින් පවතින බවත් මෙහිදී සාකච්ඡා විය.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළුවේදී ශ්‍රී ලංකා නියෝජිතයන් දැක්වූ පදග්රහණය සහ පලස්තීන අර්බුදය සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කරන ස්ථාවරය පිළිබඳවද සංවාදයේදී අවධානය යොමු විය.
රටේ ස්වාධීනත්වය සහ දේශීය අවශ්‍යතාවන්ට මුල්තැන දීම වෙනුවට බාහිර බලවේගයන්ගේ න්‍යාය පත්රයන්ට අනුව කටයුතු කිරීම තුළින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට විශාල තර්ජනයක් එල්ල වී ඇති බව මෙම සාකච්ඡාවේදී අවධාරණය කෙරිණි.
වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..