ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මෙන්ම අධිකරණ ක්‍රියාදාමයන්ට කිසිදු පාර්ශ්වයකින් බාධා නොවිය යුතු බව අවධාරණය කරන මහානායක හිමිවරුන්, භික්ෂුවකගේ චීවරය ඉවත් කිරීම හෝ පැවිදි බව අහෝසි කිරීම යනු හුදෙක් රාජ්‍ය පරිපාලනමය හෝ බන්ධනාගාර රෙගුලාසියකට සීමා වූ කරුණක් නොවන බව පෙන්වා දෙති.
එය ගරුතර මහා සංඝරත්නය සතු ශාසනික කර්තව්‍යයක් බවත්, භික්ෂුවකගේ භික්ෂුත්වය සම්බන්ධයෙන් තීරණ ගැනීමේ පූර්ණ බලධිකාරය අදාළ නිකායේ හෝ පාර්ශ්වයේ කාරක මහා සංඝ සභාව සතු වන බවත් එම ලිපියෙහි සඳහන් වේ.
ඥානසාර හිමියන් භික්ෂූත්වය අහිමි වන ආකාරයේ පාරාජිකා ආපත්තියකට පත්ව ඇති බවට හෝ උන්වහන්සේ චීවරයෙන් නෙරපිය යුතු බවට අදාළ සංඝ සභාව කිසිදු තීරණයක් ගෙන නොමැති පසුබිමක, බන්ධනාගාර පරිපාලනය විසින් මෙවැනි පියවරක් ගැනීම සමස්ත බුද්ධ ශාසනයේ පැවැත්ම අභියෝගයට ලක් කිරීමක් මෙන්ම බෞද්ධ සම්ප්‍රදායට සිදු කළ බරපතළ හානියක් බව උන්වහන්සේලා පෙන්වා දෙති.
තවද, බන්ධනාගාර නීති නියෝග මාලාවේ 550 වැනි රෙගුලාසිය උපුටා දක්වන මහානායක හිමිවරුන්, වරදකරුවන් කරනු ලැබූ සිරකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී බන්ධනාගාර ඇඳුමින් තොරව, වරදකරුවන් වීමට පෙර ඔවුන් ඇඳීමට පුරුදුව සිටි ඇඳුමට ගැළපෙන සිවිල් ඇඳුමකින් ඉදිරිපත් කළ යුතු බව පෙන්වා දී ඇත.
ඒ අනුව භික්ෂුවක් සම්බන්ධයෙන් ‘වරදකරු වීමට පෙර ඇඳි ඇඳුම’ වන්නේ චීවරය බවත්, එක්සත් ජාතීන්ගේ සම්මත අවම රීති මාලාවේ (නෙල්සන් මැන්ඩෙලා රීති) 17 (3) වගන්තිය ප්‍රකාරව ද සිරකරුවකු පිටතට රැගෙන යාමේදී පුද්ගලික ඇඳුම් ඇඳීමට අවසර තිබිය යුතු බවත් එමඟින් මතක් කර දී තිබේ.
එබැවින් අධිකරණ තීන්දුවලට හා බන්ධනාගාර නීතිවලට බාධාවක් නොවන අයුරින්, ඥානසාර හිමියන් බන්ධනාගාරය තුළ රැඳී සිටින කාලසීමාවේදී උන්වහන්සේගේ භික්ෂූත්වයට හානියක් නොවන සේ කටයුතු කිරීමටත්, ඉදිරි නඩු කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී අඛණ්ඩව චීවරධාරීව පෙනී සිටීමට අවශ්‍ය පරිපාලන පහසුකම් සලසා දෙන ලෙසත් මහානායක හිමිවරුන් බන්ධනාගාර බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඥානරතන, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල යන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ අත්සනින් මෙම ලිපිය නිකුත් කර ඇති අතර, එහි පිටපතක් අධිකරණ අමාත්‍යවරයා වෙත ද යොමු කර ඇත.

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි