News Category
From Date
To Date
Maximum Number of Result

පසුගිය ඔක්තෝබර් 07 වනදා හමාස් සංවිධානයේ සටන්කාමීන් විසින් ඊශ්‍රායල සිවිල් ජනයා ඉලක්කකර ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ඊශ්‍රායලය ගාසා තීරයට කඩා වැදී සාමාන්‍ය වැසියන්ගේ ජීවිත හානි නොතකා හමාස් සංවිධානයේ සාමාජිකයින් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරනු ලැබුවා.

අමාත්‍යවරු කිහිපදෙනෙකුගේ අමාත්‍යාංශ වෙනස්කර තිබේ.

එළැඹෙන වසරේ මාර්තු මාසයේ දී පැවැත්වීමට යෝජිත බව පැවසෙන මහ මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයින් අතර අභ්‍යන්තර සාකච්ඡාවක් ආරම්භ වී ඇතැයි වාර්තා වේ.

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතාගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට සමගි ජනබලවේගය තීරණය කර ඇති බව වාර්තා වේ.

ඉකුත් 2022 වසරේ අගෝස්තු මස 10 වැනිදා සිට මේ දක්වා විදුලි ගාස්තු සියයට එකසිය පනස් හතක් (157%) ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගී කොමිසම (PUCSL) අවසර ලබාදී ඇති බව විවිධ පාර්ශ්ව පෙන්වා දෙති.

මඩකලපුව දිස්ත්‍රික්කයේ අරලගංවිල ප්‍රදේශයට ආසන්න මහවැලි ඉඩම්වලින් සිංහල ජනතාව පළවා හැරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්‍යම් විසින් ගනු ලබන උත්සාහයට විරුද්ධව නැගෙනහිර පළාතේ සිංහල ජනතාව පළවා හැරීමට එරෙහි ජනතා ව්‍යාපාරය 23/10/2023 දින උදේ 10.30 ට මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට නියමිත බව ලංකා ලීඩර් වෙත වාර්තා වේ.

වෛද්‍ය සැපයුම් සහ මිලදී ගැනීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ පාර්ලිමේන්තු අනුකමිටුවේදී , රුපියල් 400ක් පමණ වටිනා ඇතැම් ඖෂධ හදිසි මිලදී ගැනීම් යටතේ මිලදී ගෙන ඇත්තේ රුපියල් 4,000කට පමණ බව අනාවරණය වී තිබේ.

ටෙලිකොම් ආයතනය විකිණීමට එරෙහිව ලබන මාසයේ සිට දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළැඹීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා සියලු විදුලි සංදේශ සේවක සංගමය පවසයි.

මඩකලපුව දිස්ත්‍රික්කයේ මහවැලි කලාපයට අයත් ඉඩම් වලින් සිංහල ජනයා ඉවත් කිරීමට කරදියනාරු පොලිසියට පැමිණිල්ලක් කළ මහවැලි බී කලාපයේ ව්‍යාපාර කාර්යාලයේ ඉඩම් නිලධාරිවරයා සමග සාකච්චාවක දී අම්පිටියේ සුමනරතන හිමියන් එම නිලධාරියාගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනයට ලක්කර තිබේ.


දේශීය පුවත්

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

‘පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්න පරාජිත දේශපාලන පක්ෂ සමග එකතු වෙන්නේ නෑ’- ජාතික ජන බලවේගය

කිසිදු පළාත් පාලන ආයතනයක බලය පිහිටුවීම සඳහා පරාජිත දේශපාලන පක්ෂ සමග එකතු නොවන අතර ස්වාධීන කණ්ඩායම්වල සහය අවශ්‍ය වුවහොත් ලබාගන්නා බව ජාතික ජන බලවේගය පවසයි.

ඇමති විජේපාලගේ මන්ත්‍රී ධුරය බලරහිත කරන්නැයි ඉල්ලූ පෙත්සමට සිදු වූ දේ

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකම් නොමැති බවට තීන්දු කොට ඔහුගේ මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකෙරුණු රිට් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (07) නියෝග කළේය.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පුංචි ඡන්දයෙන් මාලිමාව පසුබෑමක..

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් වෙමින් පවතින අතර, දැනට නිකුත් කර ඇති ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගය සැලකිය යුතු පසුබෑමක් පෙන්නුම් කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.