News Category
From Date
To Date
Maximum Number of Result

රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් හංගේරියානු පුවත්පතක් වන මැග්යාර් නෙම්සෙට් සමඟ කළ සම්මුඛ සාකච්ඡාව.

1947 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පලස්තීනය බෙදා ඊශ්‍රායලය නිර්මාණය කිරීම එම සංවිධානයට පටහැනි ක්‍රියාවක් බවත්, මෙම උපත සිදුකරන ලද්දේ බ්‍රිතාන්‍ය විසින් බවත් පෙරදිග දේශපාලන විද්‍යායතනයේ විදුහල්පති ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති මහතා පවසයි.

“මුත්තුනගර් අක්කර 800ක භුමි ප්‍රදේශයක් ඉන්දියානු සුර්ය පැනල සවි කරන සමාගමකට ලබාදීමට ආණ්ඩුව කටයුතු කරනවා. එහි තිබෙන බරපතළ තත්ත්වය නම් මේ ඉඩම් මුඩු ඉඩම්වත්, අත්හැරලා දාපු ඉඩම්වත් නෙවෙයි. පසුගිය අවුරුදු පනහක කාලය තුළ වගා කළ ඉඩම්” යැයි ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ මහතා පැවසීය.

වරාය සේවකයන්ගේ සහ පොදු මහ ජනතාවගේ විරෝධය නිසා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට පැවරීමේ ක්‍රියාවලිය හකුලා ගැනීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සිදුවිය.

ඓතිහාසිකව මේ සමාජයේ පැවැත්මට විශාල දායකත්වයක් ලබාදුන් ආයතන පද්ධතියක් බිඳ වැට්ටවීමේ ක්‍රියාන්විතයක් අධ්‍යාපන ඇමැතිවරිය ලෙස අගමැතිවරියගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, 1979 පිරිවෙන් පනත මගින් ක්‍රියාත්මක වන පිරිවෙන් පද්ධතියේ කෘත්‍යාධිකාරි හිමියන් සතු බලය මධ්‍යගතව අතට ගෙන මධ්‍යගතව ගුරුවරුන් පත් කිරීමට තීන්දුවක් ගෙන ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ජාත්‍යන්තර සමුද්‍ර ගමනාගමනයේ යෙදෙන වෙළෙඳ නෞකාවන්ට රතු මුහුදේදී සහ ඒන් බොක්ක ඇතුළු සෝමාලියානු සාගර කලාපයේ දී මුහුණ දීමට සිදු වී ඇති මුහුදු කොල්ලකරුවන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය විසින් එම සාගර කලාපය අධි අවදානම් කලාපයක් ලෙස 2010 ර්වර්ෂයේ දී ප‍්‍රකාශයට පත් කර ඇත.

ව්‍යවසායකත්වය වර්ධනය කිරීම ආර්ථිකය ගොඩනැගීමේ ප්‍රධානතම උපාය මාර්ගික ප්‍රවේශය වුවත්, මූලධර්මික වැරදි හදාගැනීමකින් තොරව ගොඩ යන්නට නොහැකි බව වසර ගණනාවක් තිස්සේ මෙරට ආර්ථිකය ගොඩනගා ගැනීමට නොහැකි වීම තුළින් වටහා ගැනීමට හැකි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

පසුගිය දිනෙක සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ඉදිරිපිට මහා මාර්ගයේ කිහිපදෙනෙකු විසින් බෞද්ධ සම්මේලනයට එරෙහිව ඊනියා උද්ඝෝෂණයක් පවත්වන ලද අතර, මෙම උද්ඝෝෂණයට පැමිණි ස්වල්ප දෙනා පිළිබඳව අවධානය යොමු කිරීමේදී ඔවුන් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයට කිසිදු ආකාරයක හෝ සම්බන්ධයක් නොමැති, අවම වශයෙන් සම්මේලනයේ සාමාජිකත්වය හෝ බෞද්ධ මහා සම්මේලනය පිළිබඳ කිසිදු අවබෝධයක් නොමැති, හුදු වෙනත් පාර්ශවයක පෙළඹවීම සහ කිසියම් වු වරදානයක් මතපමණක්ම පැමිණි පිරිසක් බව තහවුරු වන බව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සඳහන් කරයි.

සිස්ටම් චේන්ජ් එකක් ඕනෑ බව පවසමින් පත්කර ගත් මෙම ආණ්ඩුව සිස්ටම් චේන්ජ් එකක් කරන බවක් පෙනෙන්නට තිබේ දැයි දෙවන පරපුර නායක උවිදු විජේවීර මහතා ප්‍රශ්න කරයි.


දේශීය පුවත්

බලයට එන්න පෙර අනුරලා හැංගිලා හිටියේ පන්සල්වල.. අද සසුනටම ගහනවා.. - පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු කණ්ඩායම දේශපාලන බලය ලබා ගැනීමට පෙර ආරක්ෂාව ලැබුවේත්, යැපුණේත් බෞද්ධ විහාරස්ථාන සහ සංඝරත්නය සෙවණේ බවත් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති.

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

ජනාධිපති උපාසක මහත්තයත් මහා පල් වැඩ කරනවා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමි

මහානායක හිමිවරුන් විසින් ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම පිළිබඳව කනස්සල්ල පළ කරමින් යැවූ ලිපියට ඉතා ඉක්මනින් ජනාධිපතිවරයා ප්‍රතිචාර දක්වද්දී, 22 සංශෝධනයට විරෝධය කළ කරමින් උන්වහන්සේලා යැවූ ලිපියට ජනාධිපති උපාසක මහතාගේ ප්‍රතිචාරයක් නොතිබූ බවත්, ජනාධිපති උපාසක මහතා බොරුවක් කළ බව දැන් රටම දන්නා කරුණක් බවත් මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ පවසති.

"ඥානසාර හිමියන් සිරදඬුවම් විඳින්නේ සමස්ත ජාතිය සහ ශාසනය වෙනුවෙන්.. උන්වහන්සේ තනි නොකර කොන්දේසි විරහිතව පෙනී සිටීම සිව්වනක් පිරිසේම වගකීමක්" - පූජ්‍ය උලපනේ සුමංගල හිමි

වත්මන් රජය විසින් අත්තනෝමතික ලෙස පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ගනු ලැබූ ක්‍රියාමාර්ග තරයේ හෙළා දකින බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

භික්ෂුවකගේ සිවුර ඉවත් කිරීම බන්ධනාගාර නීතිය අනුව කළ නොහැකියි.. තීරණය ගත යුත්තේ මහනාහිමිවරුන්.. - දයාසිරි කියයි

බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකගේ සිවුර ඉවත් කිරීමේ ක්‍රියාවලිය බන්ධනාගාරයේ පවතින නීති රෙගුලාසි මත පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සම්බන්ධයෙන් තීරණය කිරීමේ පූර්ණ බලය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා සතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අවධාරණය කරයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

ඥානසාර හිමියන් වෙනුවෙන් දළදා මාලිගාව අභියස ඇරඹුණු අධිෂ්ඨාන සත්‍යක්‍රියාව..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නිදහස සහ සිවුර ආරක්ෂා කරගැනීම වෙනුවෙන් වන අරගලයේ පළමු පියවර අද (10) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මහ මළුවෙන් ආරම්භ කර තිබේ.

නාඋයන ආරණ්‍ය සේනාසනයේ භාවනා කුටි සම්බන්ධ ගැටළුව ගැන පූජ්‍ය අගුල්ගමුවේ අරියනන්ද හිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්..

මීට පෙර මතු වී තිබූ නාඋයන ආරන්‍ය සේනාසනයේ භාවනා කුටි ඉවත් කිරීමේ සහ සේනාසන බලපත්‍රයට අදාළ ගැටළුව සාකච්ඡා මාර්ගයෙන් සම්පූර්ණයෙන් නිරවුල් කර ගෙන ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.