News Category
From Date
To Date
Maximum Number of Result

ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමයේ (IORA) අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු ඇමැති ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ (11දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.

ජාත්‍යන්තරව පිළිගත් විශ්වවිද්‍යාලවල වෛද්‍ය උපාධි පාඨමාලා ශ්‍රී ලංකාවේදී පිළිගැනීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් පත් කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

හිටපු පරිසර ඇමති නසීර් අහමඩ් මහතාගේ මන්ත්‍රී ධුරය පුරප්පාඩු වී ඇති බවට පාර්ලිමේන්තු මහ ලේකම්වරිය විසින් මැතිවරණ කොමිසන් සභාවට දැනුම් දී ඇති අතර, ඒ අනුව ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මඩකලපු දිස්ත්‍රික් මනාප ලැයිස්තු අනුව මීළඟට සිටින අපේක්ෂකයා මන්ත‍්‍රීවරයෙකු පත් කිරීමට නියමිතව තිබේ.

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසන්නේ තැපැල් කාර්යාල හරහා සපයන මහජන සේවා පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් මේ වන විට උද්ගත වී ඇති බවය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව එල්ල කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබලදීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුවේ සාක්ෂි විභාගය ඊයේ (10) පළමුවරට ආරම්භ කෙරුණි.

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 03ක් ඉදිරිපත් කර ඇත.

චීනයේ "Shi Yan 6" නෞකාවට මෙරටට පැමිණීම සඳහා අවසර ලබා දී ඇති බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා පවසයි.

ඇමරිකා එක්සත් ජනපදයේ ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ එල්සිවයර් ප්‍රකාශකයන් එක්ව කරන ලද නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලාංකික විද්‍යාඥයෝ 35 දෙනෙක් ලොව ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයන් 2% අතරට ඇතුලත්ව ඇත. වාර්ෂිකව මෙම ශ්‍රේණිගත කිරීම ඉදිරිපත් කරයි. මෙම වර්ෂය සඳහා එම ශ්‍රේණිගත කිරීම පසුගිය සතියේ එළිදැක්විණි.

නව සේද මාවතට වසර දහයක් පිරීම නිමිත්තෙන් අද දින බත්තරමුල්ල වොටර්ස්ස් එජ් හිදී වැඩමුළුවක් පැවැත්විණි.


දේශීය පුවත්

ජනපති අනුර වියට්නාමයට..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තුන් දින රාජ්‍ය සංචාරය අරඹමින් මීට සුළු මොහොතකට පෙර දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

ඉන්දියාවේ සිට පැමිණි ගුවන් යානයක් විශේෂ පරීක්ෂාවකට.. කාෂ්මීර ප්‍රහාරයට සම්බන්ධ පිරිසක් පැමිණි බවට දුරකථන ඇමතුමක් ලැබිලා..

ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ගුවන් යානයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී විශේෂ පරීක්ෂාවකට ලක්කර ඇතැයි වාර්තා වෙයි.

ශ්‍රී ලංකාව පැටලුනේ දැලකද? ඉන්දු-පකිස්ථානු ඇවිළිල්ලේ නොහිතන පැත්ත ආචාර්ය දයාන් ජයතිලක කියයි (වීඩියෝ)

ඉන්දු - පාකිස්තානු ගැටුම සමස්ත කලාපයටම ඉතා දරණු ලෙස දැනෙන බවත්, 1960 සිට පවත්වාගෙන ගිය ඉන්දු ගංගාවේ ජලය පාකිස්ථානය සමග බෙදා ගැනීමේ ගිවිසුම අත්හිටුවීම හරහා ඉන්දියාව පාකිස්තානයට එරෙහිව ඉතා දරුණු තීරණයක් ගෙන ඇති බවත්, ඉන්දියාව සමග බලශක්ති හෝ වෙනත් ඕනෑම ගිවිසුමකට එළඹී ඇති කලාපයේ අනෙකුත් රටවල්වලටද මෙය හොඳ පාඩමක් බවත් ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල කිසිඳු නීත්‍යානුකූල භාවයක් නැහැ - වෛද්‍ය සකුන්තලා සෙනවිරත්න (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් නීතිත්‍යානූකූල නොවන බව ජාතික සංවිධාන නියෝජිත වෛද්‍ය සකුන්තලා සෙනවිරත්න පවසයි.

කාශ්මීර ප්‍රහාරයට එරෙහිව ශ්‍රී ලංකාවේ විරෝධතා ඇති කළේ කවුරුන්ද යන්න රහසක් නොවේ - පකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයෙන් ප්‍රකාශයක්

කාශ්මීර ත්‍රස්ත ප්‍රහාරයට එරෙහිව ප්‍රදේශවාසීන් පිරිසක් විසින් කොළඹ පිහිටි තම කාර්යාලය ඉදිරිපිට පවත්වන ලද විරෝධතාවයකට ප්‍රතිචාර දක්වමින් පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය පැවසුවේ ශ්‍රී ලංකාවේ මෙම විරෝධතා ඇති කළේ කවුරුන්ද යන්න රහසක් නොවන බවයි.

ඉතිහාසයේ පළමුවරට ජනතාවගෙන්, පාර්ලිමේන්තුවෙන් සහ කැබිනට් මණ්ඩලයෙන් සඟවා ඉන්දියාව සමග ගිවිසුමක් අත්සන් කරලා - සිවිල් ක්‍රියාකාරික සංක චන්දිමගෙන් චෝදනා (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම්වල කිසිඳු වලංගුතාවක් නොමැති බවත්, ඒබව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට දැනුම්දුන් බවත් ජාතික සංවිධාන නියෝජනය කරමින් සිවිල් ක්‍රියාකාරික සංක චන්දිම මහතා පවසයි.

ආණ්ඩුව ඉන්දියාව සග අත්සන් කළ ගිවිසුම්වල කරුණු ජනතාවගෙන් සඟවලා.. ජනතාව මෙම ගිවිසුම් ප්‍රතික්ෂේප කළ යුතුයි - සිවිල් ක්‍රියාකාරිනී ජෙහාන් හමීඩ් (වීඩියෝ)

රහසිගත ලෙස රටේ ජනතාවගෙන් සඟවා ඇති ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි සමග අත්සන් කෙරුණු ගිවිසුම් සම්බන්ධයෙන් දැඩි මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත්, මෙම ගිවිසුම් ශ්‍රී ලාංකික ජනතාව ප්‍රතික්ෂේප කළයුතු බවත් ජාතික සංවිධාන නියෝජනය කරමින් ජෙහාන් හමීඩ් මහත්මිය පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.