News Category
From Date
To Date
Maximum Number of Result

මාලිමා මන්ත්‍රී සිංහරාජය වනසයි - පරිසරවේදී සජීව චාමිකරගෙන් හෙළිදරව්වක්

Sep 4, 2025 at 06:56 AM
|

සිංහරාජ වන රක්ෂිතය දෙකඩ කරමින් සිංහරාජ අඩවියේ උප කඳුකර වැසි වනාන්තර වැස්මක් සහිත ඉතා ම සංවේදී වනාන්තර පද්ධතියක් එළිපෙහෙළි කර ඉළුඹකන්ඳ සිට සූරියකන්ඳ දක්වා කිලෝමීටර 8 ක් පමණ දිග මාර්ගයක් ඉදි කිරීමට ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය ජනක සේනාරත්න හා කලවාන ප්‍රාදේශීය සභාවේ පොතුපිටිය කොට්ඨාශ නියෝජිත ප්‍රාදේශීය සභා මන්ත්‍රි හා ජනක සේනාරත්න මන්ත්‍රිවරයා ගේ පෞද්ගලික ලේකම් නාමල් ප්‍රේමරත්න එක් ව නීති විරෝධී සැලැසුමක් සකස් කර ඇති බව පරිසරවේදී සජීව චාමිකර මහතා පවසයි.

සිය මුහුණු පොතේ සටහනක් තබමින් ඔහු මේ බව හෙළිකර තිබේ.

අදාළ සටහන පහළින්..

සිංහරාජ වන රක්ෂිතය දෙකඩ කරමින් සිංහරාජ අඩවියේ උප කඳුකර වැසි වනාන්තර වැස්මක් සහිත ඉතා ම සංවේදී වනාන්තර පද්ධතියක් එළිපෙහෙළි කර ඉළුඹකන්ඳ සිට සූරියකන්ඳ දක්වා කිලෝමීටර 8 ක් පමණ දිග මාර්ගයක් ඉදි කිරීමට ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය ජනක සේනාරත්න හා කලවාන ප්‍රාදේශීය සභාවේ පොතුපිටිය කොට්ඨාශ නියෝජිත ප්‍රාදේශීය සභා මන්ත්‍රි හා ජනක සේනාරත්න මන්ත්‍රිවරයා ගේ පෞද්ගලික ලේකම් නාමල් ප්‍රේමරත්න එක් ව නීති විරෝධී සැලැසුමක් සකස් කර තිබේ. 

එම සැලැසුමට අනුව කලවාන ප්‍රාදේශීය සභාවේ හා කලවාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තාක්ෂණික නිලධාරීන් හා සංවර්ධන නිලධාරීන් එක් ව මාර්ගය සකස් කිරීමට යෝජිත ප්‍රදේශය මැණීම් කර ඇස්තමේන්තු සකස් කර ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 220 ක මුදලක් වෙන් කර ගැනීමට කටයුතු කර තිබේ. මෙම නීති විරෝධී මාර්ග සැලැසුම සකස් කිරීමට සිංහරාජ අඩවියේ කුඩව ගගේ ඉවුරු ගොඩකර හෝටලයක් ඉදි කරන කලවාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දූෂිත සංවර්ධන නිලධාරියකු වන ජානක දසනායක ව ද සම්බන්ධ කර ගෙන තිබේ.  

මෙම නීති විරෝධී සැලැසුම සඳහා වන අනුමැතිය 2025 අගෝස්තු මස 28 වන දින කලවාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති සම්බන්ධීකරණ කමිටුවේ දී ලබා ගෙන තිබේ. ඒ මත පදනම් ව ඉළුබකන්ඳ ප්‍රදේශවාසීන් විසින් මාර්ගය සකස් කිරීමට යෝජිත සිංහරාජ වන රක්ෂිතයේ වනාන්තර එළි කිරීම නීති විරෝධී ව මේ වන විට ආරම්භ කර තිබේ. නාමල් ප්‍රේමරත්න මන්ත්‍රිවරයා පොතුපිටිය ප්‍රදේශයේ ජනතාවට පොරොන්දු දී ඇත්තේ මෙම මාර්ගය ඉදි කිරීමෙන් පසුව උප කඳුකර වනාන්තරයේ යටි ස්ථරයේ එනසාල් වගා කිරීමට ඉඩම් බෙදා දීම සිදු කරන බව ය. මේ අනුව ප්‍රදේශවාසීන් විසින් බාහිර පුද්ගලයන්ට මෙම ප්‍රදේශයට ඇතුළු වීමට අවස්ථාව ලබා නොදී මාර්ගය සකස් කිරීම සඳහා වනාන්තර එළි කිරීම ආරම්භ කර තිබේ.

වසර 14 කට පෙර නාමල් රාජපක්ෂ ගේ සැලැසුම

2019 වසරේ දී සිංහරාජ වන රක්ෂිතය ප්‍රකාශයට පත් කිරීමට ප්‍රථම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට යටතේ පාලනය වූ ඉළුඹකන්ඳ හා සූරියකන්ඳ ප්‍රදේශයේ පිහිටි විශාල වනාන්තර ප්‍රදේශයක් අත්පත් කර ගැනීමේ අරමුණින් 2011 වසරේ දී හිටපු රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ජානක වක්කුඹුර හා පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ එක් ව මහා මාර්ග අමාත්‍යංශය මගින් රුපියල් ලක්ෂ 65 ක මුදලක් වෙන් කර ගෙන මෙම මාර්ගය ඉදි කිරීමට සූදානම් විය. එහි දී ඔවුන් ඉළුඹකන්ඳ ප්‍රදේශවාසීන්ට ප්‍රකාශ කර ඇත්තේ මෙම මාර්ගය ඉදි කිරීමෙන් අනතුරු ව සිංහරාජ අඩවියට අයත් මෙම ප්‍රදේශයේ පිහිටි වනාන්තර ඉඩම් හෙක්ටයාර එක බැගින් ජනතාව අතර බෙදා දීමට කටයුතු කරන බව ය. ඊට අමතර ව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් විශාල වනාන්තර ප්‍රදේශයක් රක්ෂිත තත්ත්වයට පත් කිරීම නතර කර නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා විසින් අත්පත් කර ගැනීමට ද සූදානම් විය. නමුත් එම සැලැසුම පරාජය කර සිංහරාජ වන රක්ෂිතයට එම වනාන්තර එක් කර ගැනීමට අපට හැකි විය. 

නමුත් ඉන් වසර 14 කට පසු ව නැවත වරක් වත්මන් රජය යටතේ එම හානි කර සැලැසුම වෙනස් මුහුණුවරකින් ක්‍රියාත්මක කරමින් තිබේ. මෙය නීතියේ ආධිපත්‍ය බිඳ දමමින් සිදු කරන නීති විරෝධී සැලැසුමකි.

නීති විරෝධී සැලැසුම

2009 අංක 65 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1907 අංක 16 දරන වන සංරක්ෂණ ආඥා පනතේ 3 වන වගන්තියට අනුව 2019 නොවැම්බර් මස 20 වන දින අංක 2150/31 දරන ගැසට් නිවේදනය මගින් කළුතර, රත්නපුර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක හතරට අයත් හෙක්ටයාර 36474.93 ක් වන වනාන්තර භූමි ප්‍රමාණයක් සිංහරාජ රක්ෂිත වනය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. එම පනතේ 7(1) උප වගන්තිය යටතේ සිංහරාජ රක්ෂිත වනය තුළ තහනම් ක්‍රියා සියල්ල දක්වා තිබේ. ඒ අනුව මෙම රක්ෂිතයට අයුතු ලෙස ඇතුළු වීම හා රැඳී සිටීම, ගස් කැපීම, දියපහරවල් අවහිර කිරීම, ඉඩම් එළි කිරීම, පස් කැපීම, පාරවල් සකස් කිරීම, සකස් කරන ලද පාරවල් භාවිත කිරීම යන සියලූ ම ක්‍රියා තහනම් වේ.

එවන් ක්‍රියාවකට මහේස්ත්‍රාත් අධිකරණයක දී වරදකරුවකු වන පුද්ගලයකු වසර 5 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ රුපියල් 10,000 ත් ලක්ෂයත් අතර දඩයකට හෝ මේ දඬුවම් දෙකට ම ලක් කළ හැකි ය. මෙම දඬුවම්වලට අතිරේඛ ව රක්ෂිත වනයට කරන ලද හානිය සඳහා අධිකරණය විසින් හානියේ ස්වභාවය අනුව තීරණය කරන වන්දි මුදලක් දඩයක් ලෙස නියම කළ හැකි ය.

පනතේ 7(2) උප වගන්තියට අනුව රක්ෂිත වනයක තහනම් ක්‍රියාවක් සිදු කිරීම සඳහා ආධාර හෝ අනුබල ලබා දෙන තැනැත්තෙකු ද වරදකරුවකු වන අතර එම තැනැත්තා ද මෙම දඬුවම්වලට ම යටත් කළ හැකි ය. පනතේ 48(1) උප වගන්තියට අනුව වරෙන්තුවක් නොමැති ව මෙවන් ක්‍රියාවක නිරත පුද්ගලයකු අත් අඩංගුවට ගෙන පනතේ 53 වන වගන්තියට අනුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරිය හැකි ය.

ඒ අනුව සිංහරාජ වන රක්ෂිතය තුළ කිසිදු වනාන්තර විනාශයක් හෝ මාර්ග සකස් කිරීමක් සිදු කළ නොහැකි ය. ඒ සඳහා සැලැසුම් සැකසීම ද නීති විරෝධී ක්‍රියාවකි. මේ නිසා වන සංරක්ෂණ ආඥා පනත ක්‍රියාවේ යොදවන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට වෛද්‍ය ජනක සේනාරත්න සහ නාමල් ප්‍රේමරත්න යන පුද්ගලයන් හා රක්ෂිත වනාන්තර එළි කිරීමේ නිරත ඉළුඹකන්ඳ ප්‍රදේශවාසීන් ව ද අත් අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ හැකි ය. 

මෙවන් නීතිමය තත්ත්වයක් යටතේ මෙම වනාන්තර පද්ධතිය පාලනය වන්නේ එහි පවතින පාරිසරික, ජෛව විද්‍යාත්මක හා දේශගුණික වටිනාකම් නිසා ය. මේ හේතුවෙන් සිංහරාජ අඩවියේ විශාල වනාන්තර ප්‍රදේශයක් ජාත්‍යන්තර ව වැදගත් වන මිනිසා හා ජෛව ගෝල රක්ෂිතයක් ලෙසත් ලෝක උරුම වන රක්ෂිතයක් ලෙසත් නම් කර ඇත. නමුත් සිංහරාජය අවට ගම්මානවල ඉපදී හැදීවැඩුණු වෛද්‍ය ජනක සේනාරත්නට හා නාමල් ප්‍රේමරත්නට මේ සියල්ල පිළිබඳ ව අවබෝධයක් නොමැති වීම කණගාටුවට කරුණකි.

මාර්ග ඉදි කර වනසන සිංහරාජ අඩවියේ ජෛව උරුමය

සිංහරාජ වන රක්ෂිතය මුහුදු මට්ටමේ සිට මීටර 100 ත් 1385 ත් අතර උච්චත්ව පරාසය තුළ ව්‍යාප්ත ව ඇත. මේ නිසා සිංහරාජ වන රක්ෂිතය පහතරට තෙත් කලාපීය වනාන්තර හා උප කඳුකර වැසි වනාන්තරවලින් ආවරණය වී පවතී. සිංහරාජ වන රක්ෂිතය වැඩි වශයෙන් ආවරණය වී ඇත්තේ පහතරට තෙත් කලාපීය වනාන්තරවලිනි. එය සිංහරාජයේ මුළු භූමි ප්‍රමාණයෙන් 80% ක් පමණ වන අතර හෙක්ටයාර 29180 ක් පමණ වන වනාන්තර ප්‍රමාණයකි. උප කඳුකර වැසි වනාන්තර සිංහරාජ වන රක්ෂිතයේ ඊසාන හා නැගෙනහිර කලාපයේ මීටර 900 ට වඩා ඉහළින් පිහිටි කලාපයේ පමණක් ව්‍යාප්ත ව ඇත. එය සිංහරාජ අඩවියේ මුළු භූමි ප්‍රමාණයෙන් 20% ක් පමණ වන අතර වනාන්තර භූමි ප්‍රමාණය හෙක්ටයාර 7295 ක් පමණ වේ. 

2010 වසරේ ප්‍රකාශිත ශ්‍රී ලංකාවේ වනාන්තර වැස්ම පිළිබඳ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසන් වාර්තාවට අනුව පහතරට වැසි වනාන්තර ඉතිරි වී ඇත්තේ හෙක්ටයාර 1,23,302 කි. උප කඳුකර වැසි වනාන්තර ප්‍රමාණය හෙක්ටයාර 28,513 කි. ඒ අනුව ලංකාවේ පහතරට වැසි වනාන්තරවලින් 24% ක් නැතහොත් 1/4 ක් පමණ සිංහරාජ වන රක්ෂිතයට ඇතුළත් වේ. උප කඳුකර වැසි වනාන්තර අතුරෙන් 25% ක් නැතහොත් 1/4 ක් පමණ සිංහරාජ වන රක්ෂිතය තුළ පිහිටා තිබේ.

වර්ග කිලෝමීටර 65610 ක් පමණ වන ශ්‍රී ලංකාවේ සමස්ත භූමි ප්‍රමාණයෙන් සියයට 0.6 ක් පමණ ආවරණය වන සිංහරාජ රක්ෂිත වනයේ මෙරට ගොඩබිම් පරිසරවල ජීවත් වන සත්ත්ව විශේෂ අතරින් 40% ක් වාර්තා වේ. ශ්‍රී ලංකාවට ආවේණික සත්ත්ව විශේෂ අතරින් 41% ක් හා මෙරටට ආවේණික ශාක විශේෂ වලින් 54% ක් සිංහරාජ අඩවියෙන් වාර්තා වෙයි.

මුළු ලොවින් ම සිංහරාජ අඩවියට පමණක් ආවේණික ජීවී විශේෂ 38 ක් මේ වන විට පර්යේෂකයන් විසින් සොයා ගෙන ඇත. ඉන් විශේෂ 15 ක් සපුෂ්ප ශාක වන අතර ඉතිරි විශේෂ 23 සත්ත්ව විශේෂ වේ. මේ අතර උරග විශේෂ 9 ක්, උභයජීවී විශේෂ 9 ක්, මිරිදිය කකුළුවන් විශේෂ 3 ක්, මකුළුවන් හා ක්ෂීරපායීන් විශේෂය බැගින් වෙයි.

ලංකාවට ආවේණික සපුෂ්ප ශාක විශේෂ 911 අතුරෙන් 54% ක් නැතහොත් විශේෂ 495 ක් සිංහරාජ අඩවියෙන් වාර්තා වේ. ලංකාවට ආවේණික ශාක ගණ 25 අතුරෙන් 13 ක් ම සිංහරාජ අඩවියෙන් වාර්තා වන අතර, මුළු ලොවින් ම සිංහරාජ අඩවියේ පමණක් දැක ගත හැකි ශාක විශේෂ 15 ක් පමණ වෙයි. දැවමය ශාක විශේෂ 340 ක් පමණ සිංහරාජ අඩවියෙන් හඳුනාගෙන ඇති අතර, ඉන් විශේෂ 192 ක් නැතහොත් 56% ක් පමණ ලංකාවට ආවේණික වේ.

සිංහරාජ අඩවියට ආවේණික උභයජීවීන් විශේෂ නවය ජාතික රතු දත්ත ලේඛණයට අනුව වඳවීමේ තර්ජනයට දැඩි ලෙස ලක් වූ විශේෂ වෙයි. එනම් සිංහරාජ පඳුරු මැඬියා (Pseudophilautus simba), කම්මුලේ පැල්ලමැති පඳුරු මැඬියා (Pseudophilautus procax), පොපීගේ පඳුරු මැඬියා (Pseudophilautus poppiae), දිවේ ගැටිති පඳුරු මැඬියා (Pseudophilautus papillosus), හඳපාන් ඇල්ල පඳුරු මැඬියා (Pseudophilautus lunatus), රන්වන් ඇස් ඇති පඳුරු මැඬියා (Pseudophilautus ocularis), භූෂණ පඳුරු මැඬියා (Pseudophilautus decoris), කැලෑ පඳුරු මැඩියා (Pseudophilautus silvaticus) හා එන්සල්වත්ත පඳුරු මැඬියා (Taruga fastigo) ය. මුළු ලොවින් ම සිංහරාජ අඩවියට පමණක් ආවේණික උභයජීවීන් අතුරෙන් කැලෑ පඳුරු මැඩියා හැර අනෙක් සියලු විශේෂ වාර්තා වන්නේ සිංහරාජ අඩවියේ උප කඳුකර වනාන්තර ව්‍යාප්ත ව ඇති මෙම මාර්ගය සකස් කර විනාශ කිරීමට සූදානම් වන ප්‍රදේශවල පමණි.

සිංහරාජ අඩවියට ආවේණික උරග විශේෂ නවය ම වඳවීමේ තර්ජනයට දැඩි ලෙස ලක් වූ විශේෂ වෙයි. ඒ අතුරෙන් පාංශුවාසී සර්ප විශේෂයන් වන එරංග විරාජ්ගේ තුඩුල්ලා (Rhinophis erangaviraji), සිව්පා උරගුන් වන අර්ඩලන් ගේ අඟ කටුස්සා (Ceratophora erdeleni), කරු ගේ අඟ කටුස්සා (Ceratophora karu), මෝර්නින් සයිඩ් සිව්රුවන්ලන කටුස්සා (Calotes dersilvai), මෝර්නින්සයිඩ් මහකැලෑ හූනා (Cyrtodactylus cresenes), ගොඩගෙදරගේ දිවාසැරි හූනා (Cnemaspis godagedarai), අලංකාර දිවාසැරි හූනා (Cnemaspis pulchra), මෙරිල්ගේ සිඟිති හිකනලා (Lankascincus merrill) හා සමීරගේ සිඟිති හිකනලා (Lanakascincus sameerai) යන විශේෂ වේ. මේ උරග විශේෂ අතුරෙන් වැඩි ප්‍රමාණයක් මෙම මාර්ගය ඉදි කිරීම සිදු කරන ඉතා ම කුඩා ව්‍යාප්තියක් සහිත සිංහරාජයේ උප කඳුකර වනාන්තරවල පමණක් ජීවත් වේ. මෙම ජීවීන් සියල්ල ම වනසා දැමීමට මෙම නීති විරෝධී හා හානි කර සැලැසුම හේතු වනු ඇත. 

මීට අමතර ව මාර්ගය සකස් කිරීම හේතුවෙන් නිරාවරණය වන ප්‍රදේශයේ දරුණු ආක්‍රමණික ශාකයක් ලෙස වැසි වනාන්තරවල යටි ස්ථරයේ පැතිරෙන කටකළු බෝවිටියා ශාකය ව්‍යාප්ත වනු ඇත. ඒ හේතුවෙන් මෙම සංවේදී ජෛව ප්‍රජාව ගේ භෞමික ක්ෂුද්‍ර වාසස්ථාන බොහොමයක් විනාශ වීම සිදු වී එම ජීවීන් ගේ පැවැත්මට ද බලපෑම් එල්ල වනු ඇත. එපමණක් නොව ඉදි කරන මාර්ගය දෙපස වනාන්තරය තුළට සිදු වන මායිම් බලපෑම හා මාර්ග අනතුරු හේතුවෙන් දුර්ලභ ජීවීන් ගේ පැවැත්මට එල්ල වන බලපෑම් වර්ධනය විය හැකි ය. මේ සියල්ල ම සංවේදී පරිසර පද්ධති තුළ මාර්ග ඉදි කිරීම හේතුවෙන් අප ලද ප්‍රායෝගික අද්දැකීම් ය. නමුත් වෛද්‍යවරයකු වන ජනක සේනාරත්නට සහ උපාධිදරයකු වන නාමල් ප්‍රේමරත්නට මේ පිළිබඳ ව පරිසර සාක්ෂරතාවක් නොමැති වීම ගැන කණගාටු වෙමු. රටක ප්‍රතිපත්තිමය තීරණ ගන්නා පුද්ගලයන් ගේ අවබෝධය මෙතරම් සීමා සහිත වීමෙන් පෙනී යන්නේ බුද්ධිමතුන් පාර්ලිමේන්තු යැවීමෙන් හෝ පළාත් පාලන ආයතනවලට පත් කර යැවීමෙන් පමණක් ස්වාභාවික සම්පත් ආරක්ෂා කර ගැනීමට හෝ රටේ අනාගතය ගොඩ නැගීමට නොහැකි බව ය.

මිහිකත පරිසර ප්‍රතිපත්තිය හා පොහොසත් රටක් ලස්සන ජීවිතයක් අහිමි කිරීම

පසුගිය ඉතිහාසය තුළ බලයට පත් වූ ආණ්ඩු විසින් සිදු කළ දැවැන්ත ස්වාභාවික සම්පත් විනාශය හා ඊට එරෙහිව ගොඩ නැගුණු ප්‍රතිවිරෝධය වත්මන් ආණ්ඩුව බලයට පත් වීමට පදනම සකස් විය. මේ නිසා ම ජාතික ජන බලවේගය විසින් මිහිකත පරිසර ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් ජනතා ව සමඟ පාරිසරික සම්මුතිය ඇති කර ගැනිණ. එහි ප්‍රධාන මූලධර්ම වූයේ පාරිසරික යුක්තිය හා සාධාරණත්වය මෙන් ම පාරිසරික යහපාලනයයි. එපමණක් නොව මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සංවේදී පාරිසරික පද්ධති භූමි භාවිතය කොටසේ දක්වා ඇත්තේ දැනට විද්‍යානුකූල ව හඳුනාගෙන ප්‍රකාශයට පත් කර ඇති පාරිසරික ව දැඩි සංවේදී කලාප හා සංවේදී කලාප නිශ්චිතව තහවුරු කිරීමට පියවර ගැනීම ප්‍රධාන ක්‍රියාමාර්ගයක් ලෙස දක්වා ඇත. නමුත් මේ සියල්ල ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය ජනක සේනාරත්න හා කලවාන ප්‍රාදේශීය සභා මන්ත්‍රි නාමල් ප්‍රේමරත්න විසින් සම්පූර්ණයෙන් ම උල්ලංඝනය කර ඇත. 

මීට අමතර ව ජනාධිපතිවරණයට ප්‍රථම ජාතික ජන බලවේගය ජනතාව සමඟ සම්මුති ගත වූ “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිරසර ජෛව ලෝකයක් සදාහරිත ජීවිතයක් ලෙස සඳහන් කොටසේ දක්වා ඇත්තේ සංවේදී පාරිසරික කලාප ප්‍රකාශයට පත් කර සුරක්ෂිතතාව තහවුරු කිරීම හා ඒකාබද්ධ කළ හැකි වනජීවී හා වන සංරක්ෂණ කලාප හඳුනාගෙන නව මංකඩවල් ස්ථාපිත කිරීම සිදු කරන බව ය. නමුත් මේ වන විට සිදු වන්නේ මාර්ග ඉදි කර සංවේදී පරිසර පද්ධති විනාශ කර දෙකඩ කිරීම ය. මේ නිසා ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශන ද ජනතාව මුලා කළ ලේඛණවලට පමණක් සීමා වූ සම්මුති තත්ත්වයට පත් කර ඇත.

මේ නිසා අප අනුර කුමාර දිසානායක ජනපතිවරයාට අවධාරණය කරන්නේ පසුගිය ආණ්ඩු විසින් සිදු කළ ආකාරයට ම නැවතවරක් පාරිසරික යහපාලනය හා නීතියේ ආධිපත්‍යය අහිමි කර වත්මන් හා අනාගත පරපුරේ ස්වාභාවික සම්පත්වල අයිතිය අහිමි කිරීම නතර කිරීමට වහා ම ක්‍රියාමාර්ග ගන්නා ලෙස ය. එසේ නොමැති වූවහොත් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ගොඩනැගීම ප්‍රතිපත්ති ප්‍රකාශනවලට පමණක් සීමා වනු ඇත. එය ජනතාව ගේ හා ජාතික ජන බලවේගයේ ඉරණම ද තීරණය කරනු ඇත.

සම්බන්ධිත පුවත් | Related News

රුසියාවේ තටාර්ස්තාන් ප්‍රදේශයේ තෙල් පිරිපහදුවක් පිහිටා ඇති නිශ්නෙකාම්ස්ක් නගරයේ කාර්මික සහ සිවිල් ඉලක්ක වෙත යුක්රේනය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් 39 දෙනෙකු තුවාල ලබා ඇති බව එම නගරයේ නගරාධිපති රද්මීර් බෙලියාව් පවසයි.
කතෝලික සභා ධර්මෝපදේශයේ 2267 වන ඡේදයට අනුව මරණීය දණ්ඩනය පිළිගත නොහැකි බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.
කොළඹ මාලිගාවත්ත, සංඝරාජ මාවත ප්‍රදේශයේදී අද සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.
කෘෂිකර්ම, පශු සම්පත්, භූමිය සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා වෙත විශේෂ විවෘත ආයාචනයක් යොමු කරමින්, ජාතික මෘග සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමට ගෙන ඇති යෝජනාව වහාම නැවත සමාලෝචනය කරන ලෙස 'කෘෂි අරගල ව්‍යාපාරය' ඉල්ලා සිටියි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සමට අදාළ අතරමැදි පෙත්සම් අද (10) අභියාචනාධිකරණය හමුවේ යළි සලකා බැලිණි.
ඉරානය සමග පවතින දීර්ඝකාලීන යුධමය තත්ත්වය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ අතිනවීන ගුවන් ආරක්ෂක සහ ප්‍රහාරක මිසයිල තොග දැඩි ලෙස ක්ෂය වී ඇති බැවින්, මෙම යුද්ධය වහාම අවසන් කළ යුතු බව ප්‍රකට ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශාරද මහාචාර්ය ජෝන් මියර්ෂයිමර් (John Mearsheimer) අවධාරණය කරයි.
ත්‍රෛනිකායික මහානායක හිමිපාණන් වහන්සේලා විසින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද බව කියන ලිපිය වහාම මාධ්‍ය වෙත නිකුත් කර ප්‍රසිද්ධියට පත් කරන ලෙස "දිනන දකුණ සාමූහිකය" ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට අභියෝග කරයි.
විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස වැඩි කිරීමෙන් ජනතාවගේ බඩකට පිරීමක්, ආදායම් මාර්ග වැඩිවීමක් හෝ දුප්පත්කම තුරන් වීමක් සිදු නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රධාන පුවත්

රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..

රුසියාවේ තටාර්ස්තාන් ප්‍රදේශයේ තෙල් පිරිපහදුවක් පිහිටා ඇති නිශ්නෙකාම්ස්ක් නගරයේ කාර්මික සහ සිවිල් ඉලක්ක වෙත යුක්රේනය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් 39 දෙනෙකු තුවාල ලබා ඇති බව එම නගරයේ නගරාධිපති රද්මීර් බෙලියාව් පවසයි.

NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..

කෘෂිකර්ම, පශු සම්පත්, භූමිය සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා වෙත විශේෂ විවෘත ආයාචනයක් යොමු කරමින්, ජාතික මෘග සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමට ගෙන ඇති යෝජනාව වහාම නැවත සමාලෝචනය කරන ලෙස 'කෘෂි අරගල ව්‍යාපාරය' ඉල්ලා සිටියි.

"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්

ඉරානය සමග පවතින දීර්ඝකාලීන යුධමය තත්ත්වය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ අතිනවීන ගුවන් ආරක්ෂක සහ ප්‍රහාරක මිසයිල තොග දැඩි ලෙස ක්ෂය වී ඇති බැවින්, මෙම යුද්ධය වහාම අවසන් කළ යුතු බව ප්‍රකට ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශාරද මහාචාර්ය ජෝන් මියර්ෂයිමර් (John Mearsheimer) අවධාරණය කරයි.

බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්

විහාරගම් හා දේවාලගම් පනත වෙනස් කරමින්, එම ඉඩම්වල පදිංචිකරුවන් විහාරස්ථානවලට එරෙහිව නඩු මඟට යොමු කිරීමට බුද්ධශාසන අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා උත්සාහ කරන බවට මතුගම සෙනෙවිරුවන් මහතා චෝදනා කරයි.

ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..

ගාසා තීරයේ පවතින අර්බුදය විසඳීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් කළ කරුණු 15කින් සමන්විත සාම සැලැස්ම ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..

පිලිපීනය සහ කාම්බෝජය වැනි රටවලින් පලවා හරින ලද ආසියානු පාතාල කල්ලි සහ නීති විරෝධී අන්තර්ජාල සූදු ජාවාරම්කරුවන්ගේ ප්‍රධාන නවාතැනක් බවට ශ්‍රී ලංකාව, විශේෂයෙන්ම කොළඹ වරාය නගරය පත්වෙමින් පවතින බව 'The Island' පුවත්පත මගින් අනාවරණය කර ඇත.

ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දෙරටේම නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට එකඟතාව පළ වී තිබේ.

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගන්නා වයස සහ ධුර කාලය වෙනස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තු අනුමැතියෙන් පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා මහජන අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන බවත් හෙළි වී තිබේ.

NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 32න් 26ක් වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික සමාගම් 7ක් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය වී තිබේ.

ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ජාතික ජන බලෙව්ගයට ලැබී ඇත්තේ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබූ වටිනාකම බවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බැලීමෙදී අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට උරදුන් පුද්ගලයකු ලෙස තමන් ඉතාමත් කණගාටුවට පත්වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.