ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික වකුගඩු රෝග පාලනය සාර්ථකයි. මධ්‍යම ඇමරිකානු රටවල් ලංකාවේ අත්දැකීම බෙදා ගැනීමට සූදානම්-මහාචාර්ය චන්න ජයසුමන
1990 දශකයේ මැද භාගයේ නිවර්තන කලාපීය රටවල ඇරඹුණු කෘෂිකාර්මික වකුගඩු රෝගය රෝගී ජීවිත ලක්ෂ ගණනක් බිලිගන්නා ලදි. ශ්‍රී ලංකාව ඉන්දියාව වැනි රටවල වී වගා කරන ගොවීන් අතර ද මධ්‍යම ඇමෙරිකානු රටවල් වන කොස්ටරිකාව, එල් සැල්වදෝරය, නිකරගුවා, ගෝතමාලාව වැනි රටවල උක් වගා කරන ගොවීන් අතර ද මෙම රෝගය බහුලව දක්නට ලැබිණි. රෝගයට හේතු කාරක කවරේද යන්න වසර පහළොවකට වැඩි කාලයක් අභිරහසක්ව පැවතුණද 2012-16 කාලයේ ශ්‍රී ලාංකිකයින් පර්යේෂකයන් පිරිසක් රෝගයට මූලික හේතුව ගොවීන් යොදාගන්නා කෘෂි රසායන කිහිපයක් බව නිශ්චිත වශයෙන් පෙන්වා දෙන ලදි.
එම සොගැනීම් දැඩි ආන්දෝලනයකට ලක් වුවද වසර ගණනාවක් පුරා තවත් පර්යේෂණ කණ්ඩායම් කිහිපයක් සිදුකළ පර්යේෂණ මගින් රෝගයට හේතුකාරක කෘෂි රසායන බව මේ වන විට පුළුල් ලෙස පිළිගැනීමට ලක්ව තිබේ. සිය සොයාගැනීම් මත පදනම්ව රෝගය පැතිරෙන ප්‍රදේශවල පානීය ජලය ඔස්සේ කෘෂි රසායන සිරුරට පිවිසෙන බවත් පිරිසිදු පානීය ජලය ලබාදීමෙන් රෝගය පාලනය කළ හැකි බවත් පෙන්වා දුන් ශ්‍රී ලාංකික පර්යේෂකයන් ශ්‍රී ලංකා රජයේ ද සහයෝගය ඇතිව ප්‍රතිආසෘත ජල පෙරණ (Reverse Osmosis) යන්ත්‍ර රෝගය පැතිරෙන ප්‍රදේශවල සවිකර පානීය ජලය ලබාදීමට පුළුල් වැඩපිළිවෙලක් දියත් කරන ලදි. එහි ප්‍රතිඵලයක් ලෙස මේ වන විට ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික වකුගඩු රෝගය සැලකිය යුතු ලෙස පාලනය වී ඇත. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශය මගින් මෑතක දී පළකරන ලද සංඛ්‍යා ලේඛන මගින් ඒ බවව තහවුරු වේ.
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික වකුගඩු රෝගය පාලනය කිරීමට යොදාගත් උපක්‍රම සාර්ථක වී ඇති බව දැනගත් ගත් කොස්ටරිකා විශ්වවිද්‍යාලය එම පර්යේෂණවල මූලිකත්වය දැරූ මහාචාර්ය චන්න ජයසුමන මහතාට ඒ පිළබද දැනුවත් කිරීමක් සඳහා එම රටට පැමිණෙන ලෙස ආරාධනා කරන ලදුව පසුගිය සතියේ කොස්ටරිකා රාජ්‍යයට ගොස් එහි ලයිබීරියා සහ සාන්ත ජොසේ නගරවල දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ දෙකක් පවත්වන ලදි. එරට විද්වතුන්, වෛද්‍යවරුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, පශ්චාත් උපාධි සිසුන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් එම අවස්ථාවට සහභාගී වූහ. ශ්‍රී ලංකාවේ රෝග පාලනයට ගෙන ඇති පියවර සාර්ථක බැවින් එම උපක්‍රම තම රටේ ද යොදා ගැනීමට බලාපොරොත්තු වන බව එහිදී පැවසිණි. රෝගය පැතිර යන අනෙක් රටවල විද්‍යාඥයන් රෝගයට හේතුකාරක පිළිබඳ දිගින් දිගටම විවාද පවත්වද්දී ශ්‍රී ලාංකාව තම රටේ විද්‍යාඥයන්ගේ සොයා ගැනීම් මත පදනම්ව රෝගය වැළැක්වීම සඳහා කඩිනමින් පියවර ගෙන ශිෂ්ඨාචාරයක් අතුගා දැමිය හැකි තරමේ භයානක වසංගතයක් මර්ධනය කිරීමට කටයුතු කිරීම පිළිබඳ එහිදී විශේෂ ඇගැයීමට ලක් විය.


සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..