News Category
From Date
To Date
Maximum Number of Result

‍05 වසර ශිෂ්‍යත්ව විභාගය අද පැවැත්වීමට නියමිත ව තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ චීන පර්යේෂණ නෞකාවක් වන ෂි යෑන් සික්ස් නෞකාව මේ වනවිට ශ්‍රී ලංකාවේ වාණිජ මුහුදු කලාපයට ඇතුළු වී ඇති අතර, එම නෞකාවට මෙරටට පැමිණීමට ආරක්ෂක අමාත්‍යාංශය අවසර ලබා දී ඇති බවයි.

පසුගිය දිනවල බුද්ධ සාසන කර්ය සාධක මණ්ඩලය විසින් සමාජගත කරන්නට යෙදුනු ගෝඨාභය රාජපක්ෂ පත්කළ ව්‍යවස්ථා සම්පාදක කමිටුව විසින් සකස් කළ ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ විදුලි සම්ප්‍රේෂණ මාර්ගයන් සම්බන්ධ කිරීම සඳහා වන ස්ථානයන් හඳුනා ගෙන ඇති බවත්, ඒ සඳහා දකුණු ඉන්දියාවේ මදුරෙයි හා ශ්‍රී ලංකාවේ මන්නාරම ප්‍රදේශයෙන් පද්ධති දෙක එක් කිරීමට නියමිත බවත් වාර්තා වේ.

පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාගේ ධුර කාලය දීර්ඝ කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් රචිත “නවය; සැඟවුණු කතාව” විමර්ශනාත්මක කෘතියෙහි ඉංග්‍රීසි පරිවර්තනය(NINE; THE HIDDEN STORY) සහ රුසියන් පරිවර්තනය(Скрытая история), පරිවර්තන කෘති දෙකක් ලෙස ජනගත කිරීම ඔක්තෝබර් 13 (අද) සවස 3:00ට කොළඹ 07, ලයිට්හවුස් ශ්‍රවණාගාරයේදී (ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සම්බන්ධතා හා ක්‍රමෝපායික අධ්‍යයන ආයතනය) සිදු කිරිමට නියමිතව ඇත.

පලස්තීන ජනතාවගේ දුක්ඛිත තත්ත්වය නොසලකා හැරිය නොහැකි බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, ඉරාක අගමැති මොහොමඩ් ෂියා අල් සුඩානි සමඟ පැවැත්වූ සාකච්ඡාවලින් දිනකට පසු 11 වනදා මොස්කව්හිදි සතිපතා පැවැත්වෙන රුසියානු බලශක්ති සංසදයේදී පැවසීය. මැදපෙරදිග සහ වෙනත් තැන්වල සිටින මුස්ලිම්වරු පලස්තීනුවන් වසර ගණනාවක් තිස්සේ විඳදරාගත් දේ “විශ්වාස කළ නොහැකි තරමට උග්‍ර කර ඇති” දරුණු අසාධාරණයක් ලෙස සලකති.

ශ්‍රී ලංකාවට වර්ග කිලෝ මීටර 1778062.23 ක දැවන්ත ගුවන් තොරතුරු කළාපයක් හිමිව තිබේ. සමස්ත ජාතියටම අයත් මෙම සම්පත හරහා ජාත්‍යන්තර ගුවන් සේවා රාශියක් වසරේ දින 365 පුරා සෑම මොහොතකම අපගේ ගුවන් තොරතුරු කළාපය හරහා ගුවන් යානා පියාසර කරවති. ඒ අනුව ශ්‍රී ලංකාවට අයත් ගුවන් තොරතුරු කළාපය තුළ ගුවන් ගමන් පාලනයේදී ගගන නාවික තොරතුරු කාර්යක්ෂමව නිවැරැදිව නිෂ්චිත මොහොතේදී බෙදා හැරීම, ආරක්ෂිත ලාභදායි පරිසර හිතකාමී ගුවන් ගමනකට අත්‍යවශ්‍ය මූලික අංගයකි.

පරිසර අමාත්‍ය ධුරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතට ගෙන ඇත.


දේශීය පුවත්

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

‘පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්න පරාජිත දේශපාලන පක්ෂ සමග එකතු වෙන්නේ නෑ’- ජාතික ජන බලවේගය

කිසිදු පළාත් පාලන ආයතනයක බලය පිහිටුවීම සඳහා පරාජිත දේශපාලන පක්ෂ සමග එකතු නොවන අතර ස්වාධීන කණ්ඩායම්වල සහය අවශ්‍ය වුවහොත් ලබාගන්නා බව ජාතික ජන බලවේගය පවසයි.

ඇමති විජේපාලගේ මන්ත්‍රී ධුරය බලරහිත කරන්නැයි ඉල්ලූ පෙත්සමට සිදු වූ දේ

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකම් නොමැති බවට තීන්දු කොට ඔහුගේ මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකෙරුණු රිට් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (07) නියෝග කළේය.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පුංචි ඡන්දයෙන් මාලිමාව පසුබෑමක..

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් වෙමින් පවතින අතර, දැනට නිකුත් කර ඇති ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගය සැලකිය යුතු පසුබෑමක් පෙන්නුම් කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.