

පවතින අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව දණගස්වා ඉන්දියාවට අවශ්‍ය තැනට තල්ලුකර ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය ලෙස ශ්‍රී ලංකාව ඈඳා ගැනීමේ සැලසුමක් ක්‍රියාත්මක වන බවත්, 1932 දී ඉන්දියාවේ රාජතාන්ත්‍රිකයන් අතර මෙම සැලසුම පිළිබඳව සංවාදය මුලින්ම ආරම්භ වී තිබූ බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉදිරි අයවැයෙන් 55%ක කොටසක් වෙන්කර ඇත්තේ ණය පොලී ගෙවීමට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීම ඉලක්ක කරගත් වැඩපිළිවෙලක අවශ්‍යතාවය රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් දිගින් දිගටම පෙන්වා දෙනුලැබූ බවත්, ඒ සඳහා අට වැදෑරුම් යෝජනාවලිය බලධාරීන් වෙත බාර දී මේ වන විට මාස කිහිපයක් ගතව ඇතත් වෛද්‍යවරුන්ට ආර්ථික යුක්තිය ඉටු කොට ගැටලුවට ස්ථිරසාර විසදුම් ලබා දීමේ නිශ්චිත සැලැස්ම රට හමුවේ ඉදිරිපත් කිරීමට බලධාරීන් මේ දක්වාම සමත් වී නැති බවත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

රටේ යුද්ධයක් නොමැති අවස්ථාවක, සාමකාමී පසුබිමක් තුළ තම ගම්මානයට පිටස්තර ඥාතීන්ට හිතවතුන්ට මෙන්ම පරිත්‍යාගශීලින්ට දින කිහිපයක සිට පැමිණීමට නොහැකි වන පරිදි ශ්‍රී ලංකා යුද හමුදාව මගින් මාර්ග බාධක යොදා තිබීම හේතුවෙන් තමන් දැඩි අසීරුතාවට පත්ව සිටින බව පොලොන්නරුව මඩකළපුව මායිම්ව හේන් වගාවේ නිරතව ජීවත්වන දිඹුලාගල දිවුලපතාන ගම්වාසීහු චෝදනා කරති.

ස්ථාවර පාර්ලිමේන්තුවක් හැදෙන ඡන්ද ක්‍රමයක් පෙන්වා, ‘විධායක ජනාධිපති ක්‍රමය තවදුරටත් අවශ්‍ය නැහැ. අගමැති මූලික කරගත් ක්‍රමයකට යමු!” යන මතයට සියලු පක්ෂ එකඟ කරවා ගෙන, ඊට පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බහුතර බලයක් සහ එම මතය ජනමතවිචාරණයකින් ජයග්‍රහණය කරවා, අවසානයේ ජනාධිපතිවරණය අතුරුදහන් කරවා, 2025 අග එන මහ මැතිවරණය තෙක් තම විනාශකාරී ගමනේ ඉදිරියට යාම ආණ්ඩුවේ ප්‍රධානතම ඉලක්කය බවත් එම ඉලක්කය සපුරා ගැනීමට ආණ්ඩුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැනටමත් කළමනාකරණය කරගෙන ඇති බවත් සජබ ඇතුළු විපක්ෂයේ සෙසු පක්ෂ ඒ සඳහා කළමනාකරණය කරගනිමින් සිටින බවත් උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වාදෙයි.
දේශීය පුවත්
ළඟදීම විදුලි ගාස්තු සංශෝධනයක්..
ලෝක බැංකුවෙන් ලංකාවට ඩොලර් බිලියනයක ආධාර පැකේජයක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
කෙහෙලිය අත්අඩංගුවට
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර 19වනදා දක්වා රිමාන්ඩ්
මාලිමාව දිනපු කොළඹට නගරාධිපති සජබෙන්....රංජිත් මද්දුම බණ්ඩාර
බුදුන් වහන්සේගේ ධාතූන් අතර තිබූ මැණික් වෙන්දේසිය කල් දමයි
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
‘පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්න පරාජිත දේශපාලන පක්ෂ සමග එකතු වෙන්නේ නෑ’- ජාතික ජන බලවේගය
ඇමති විජේපාලගේ මන්ත්‍රී ධුරය බලරහිත කරන්නැයි ඉල්ලූ පෙත්සමට සිදු වූ දේ
