News Category
From Date
To Date
Maximum Number of Result

රුසියාව සිය උපායමාර්ගික න්‍යෂ්ටික බලවේග අත්හදා බැලීමේ අරමුණින් දැවැන්ත අභ්‍යාසයක් පවත්වා ඇති බව ක්‍රෙම්ලිනය ඊයේ(25) ප්‍රකාශ කළේය. මෙම අභ්‍යාසවලට රුසියානු හමුදාවේ න්‍යෂ්ටික බලකායේ කොටස් ත්‍රිත්වය වන අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල ඒකකය, න්‍යෂ්ටික සන්නද්ධ සබ්මැරීන ඒකකය සහ උපාය මාර්ගික බෝම්බ හෙලන යානා ඒකකය සම්බන්ධ වී ඇති බව රුසියානු පුවත් සේවා පවසයි.

පලස්තීනයේ සැබෑ විමුක්තිය වෙනුවෙන් කටයුතු කළ PLO වැනි සංවිධාන බිඳ දැමීම සඳහා කටාර් රාජ්‍ය හා ඊශ්‍රායලය විසින් හමාස් සංවිධානය යොදාගත් බවට මේ වන විට සාක්ෂි ඉදිරිපත් වී ඇති බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

"අසල්වැසි ලොකු අයියාගේ" සහ "ඈත සිටින බටහිර ලොකු අයියාගේ" බලපෑමට, ද්විපාර්ශ්වික ගිවිසුම් පවා කඩ කරන, වැරදිසහගත විදේශ ප්‍රතිපත්තියක සිටින පාලනයකට චීනයෙන් අවශ්‍ය සහයෝගය ලබා ගැනීමට හැකිවේ යැයි තමන් විශ්වාස නොකරන බවත්

පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ පැවැති සාක්‍ෂි විභාගයක් ජංගම දුරකථනයෙන් පටිගත කිරීම සඳහා මවුලවිවරයකුට ආධාර අනුබල දීමේ චෝදනාවට වරදකරු කරනු ලැබූ නීතිඥවරයකුගේ නීතිඥභාවය මාස අටක කාලයක් අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (24 දා) නියෝග කළේය.

ජාතිකවාදී කඳවුරේ ගෞරවනීය චරිතයක් වන ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා මහතා නව කෙටුම්පතේ පළාත් සභා වලට අදාල ප්‍රතිපාදන වෙනුවෙන් 100% කොන්දේසි විරහිතව පෙනී සිටීම පුද්ගලිකව කණගාටුවට කරුණක් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

'නව ව්‍යවස්ථා කෙටුම්පත මගින් 13 ඉක්මවා යන බලයක් පළාත් සභාවලට ලැබෙනවාද?' යනුවෙන් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ඉකුත් දා ලිපියක් මගින් දීර්ඝ විග්‍රහයක් සිදුකරන ලදී.

ඊයේ සිදුකළ කැබිනට් මණ්ඩල සංශෝධනයේදීද පොහොට්ටුවේ ප්‍රභල ඇමතිකම් දැරූ ප්‍රභලයන් කිසිවකුටත් ඇමතිකම් නොදීම නිසා පොහොට්ටු රනිල් ගැටුම උග්‍රවී එය එළියට පැමිණ ඇති බව දේශපාලන නිරීක්ෂකයෝ පවසති.

රටවල් 7ක් වෙත නියමු ව්‍යාපෘතියක් වශයෙන් වීසා බලපත්‍ර රහිතව මෙරටට ඇතුළුවීමට අවසර දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

පසුගිය 2020 සහ 2021 වර්ෂවල කන්න කිහිපයක දී වරින්වර මිලදී ගත් වී තොග අතුරුදන්වීමක් සිදුව ඇති බවට වී අලෙවි මණ්ඩලයේ සේවකයින් පිරිසක් කෘෂිකර්ම අමාත්‍යවරයා වෙත පැමිණිලි කර තිබේ.


දේශීය පුවත්

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

කෙහෙලිය අත්අඩංගුවට

හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මාලිමාව දිනපු කොළඹට නගරාධිපති සජබෙන්....රංජිත් මද්දුම බණ්ඩාර

කොළඹ මහ නගර සභාවේ වැඩි ආසන සංඛ්‍යාවක් ජාතික ජනබලවේගය දිනා ගත්තද බහුතරය විපක්ෂය සතු නිසා නගරාධිපතිවරයා තෝරා ගැනීමේදී අනෙකුත් පක්ෂවල සහය ලබා ගන්නා බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුම බණ්ඩාර පවසනවා.

බුදුන් වහන්සේගේ ධාතූන් අතර තිබූ මැණික් වෙන්දේසිය කල් දමයි

බුදුන් වහන්සේගේ ධාතූන් අතර තැන්පත් කර තිබූ මැණික් තොගයක් හොංකොංහිදී ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීම වහාම ක්‍රියාත්මක වන පරිදි කල්දමා තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

‘පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්න පරාජිත දේශපාලන පක්ෂ සමග එකතු වෙන්නේ නෑ’- ජාතික ජන බලවේගය

කිසිදු පළාත් පාලන ආයතනයක බලය පිහිටුවීම සඳහා පරාජිත දේශපාලන පක්ෂ සමග එකතු නොවන අතර ස්වාධීන කණ්ඩායම්වල සහය අවශ්‍ය වුවහොත් ලබාගන්නා බව ජාතික ජන බලවේගය පවසයි.

ඇමති විජේපාලගේ මන්ත්‍රී ධුරය බලරහිත කරන්නැයි ඉල්ලූ පෙත්සමට සිදු වූ දේ

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකම් නොමැති බවට තීන්දු කොට ඔහුගේ මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකෙරුණු රිට් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (07) නියෝග කළේය.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.