News Category
From Date
To Date
Maximum Number of Result

අගෝස්තු 1 වැනිදා සිට මෙරටින් ආනයනය කෙරෙන පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා සියයට 30ක ආනයන තීරුබදු පැනවීමට ඇමරිකාව ගත් තීරණයට සම්බන්ධයෙන් ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය රජයෙන් හදිසි ඉල්ලීමක් කර තිබේ.

අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් 19 දෙනෙකු සිය අමාත්‍යාංශ වලින් මෙන්ම පාර්ලිමේන්තුවෙන්ද ඉන්ධන දීමනා ගන්නා බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

අද දිනයේ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය ප්‍රකාශයක් සිදුකරමින් ඉතිහාසය විෂය සහ සෞන්දර්ය විෂය ඉවත් කර නැති බවත්, එවා අනිවාර්ය වශයෙන් තෝරාගත යුතු බවට සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ගලගම කුසලධම්ම හිමියෝ කරුණු පැහැදිලි කරමින් අන්තර්ජාලයට වීඩියෝවක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ උපන්නෙකු වන කැනඩාවේ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ගැරී ආනන්දසංගරීට, එල්ටීටීඊ සංවිධානයේ හිටපු සාමාජිකයකුට කැනේඩියානු පුරවැසිභාවය ලබාගැනීම සඳහා සහාය ලබාදුන් බවට චෝදනා එල්ල වී තිබේ.

වර්තමාන ආණ්ඩුව විසින් යෝජනා කරන තිබෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කළහොත් ආණ්ඩුවට හෙන ගසනු ඇති බව කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශය මහාචාර්ය නිර්මාල් දේවසිරි මහතා සඳහන් කරයි.

අනුර දිසානායකගේ ඉන්දියානු ගැති රූකඩ පාලනය විසින් ඉන්දියාව මැදිහත් කරගෙන මෙරට ජනතාවට ලබා දෙන්නට සැරැසෙන ඉලෙක්ට්‍රොනික් හැඳුනුම්පත මෙරට සියලු ජනතාව වර්ජනය කළ යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි.

දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන 14ක් පුද්ගලික සමාගමක් යටතට පත් කිරීමට රජය ගෙන ඇති තීරණය වෙනස් නොකරන්නේ නම් ඉදිරියේදී ආර්ථික මධ්‍යස්ථාන වසා දමන බව සීමා සහිත සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනින් වෙළඳ සංගමයේ සභාපති රෝහණ බණ්ඩාර මහතා පවසයි.

ඉතිහාසය විෂය ප්‍රධාන විෂය ධාරාවෙන් ඉවත් කිරීම සහ බෞද්ධාගම විෂය හට ලබාදෙන ලකුණු ප්‍රමාණය අඩු කිරීම තුළ ලංකාවේ සංස්කෘතිය විනාශ කිරීමේ ආණ්ඩුවේ සැලසුම් සහගත කුමන්ත්‍රණය පිළිබඳ කරුණු හෙළි කිරීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳ තොරතුරු හෙළිදරව් කිරීම සඳහා දේශප්‍රේමී ජාතික පෙරමුණ විසින් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබිණි.

ශ්‍රී ලංකාවට අවශ්‍ය සෑම අවස්ථාවකදීම චීනය විශ්වාසවන්ත සහෝදරයා මෙන්ම සහයකයා ලෙසද කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා පවසයි.


දේශීය පුවත්

බලයට එන්න පෙර අනුරලා හැංගිලා හිටියේ පන්සල්වල.. අද සසුනටම ගහනවා.. - පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු කණ්ඩායම දේශපාලන බලය ලබා ගැනීමට පෙර ආරක්ෂාව ලැබුවේත්, යැපුණේත් බෞද්ධ විහාරස්ථාන සහ සංඝරත්නය සෙවණේ බවත් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති.

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

ජනාධිපති උපාසක මහත්තයත් මහා පල් වැඩ කරනවා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමි

මහානායක හිමිවරුන් විසින් ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම පිළිබඳව කනස්සල්ල පළ කරමින් යැවූ ලිපියට ඉතා ඉක්මනින් ජනාධිපතිවරයා ප්‍රතිචාර දක්වද්දී, 22 සංශෝධනයට විරෝධය කළ කරමින් උන්වහන්සේලා යැවූ ලිපියට ජනාධිපති උපාසක මහතාගේ ප්‍රතිචාරයක් නොතිබූ බවත්, ජනාධිපති උපාසක මහතා බොරුවක් කළ බව දැන් රටම දන්නා කරුණක් බවත් මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ පවසති.

"ඥානසාර හිමියන් සිරදඬුවම් විඳින්නේ සමස්ත ජාතිය සහ ශාසනය වෙනුවෙන්.. උන්වහන්සේ තනි නොකර කොන්දේසි විරහිතව පෙනී සිටීම සිව්වනක් පිරිසේම වගකීමක්" - පූජ්‍ය උලපනේ සුමංගල හිමි

වත්මන් රජය විසින් අත්තනෝමතික ලෙස පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ගනු ලැබූ ක්‍රියාමාර්ග තරයේ හෙළා දකින බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

භික්ෂුවකගේ සිවුර ඉවත් කිරීම බන්ධනාගාර නීතිය අනුව කළ නොහැකියි.. තීරණය ගත යුත්තේ මහනාහිමිවරුන්.. - දයාසිරි කියයි

බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකගේ සිවුර ඉවත් කිරීමේ ක්‍රියාවලිය බන්ධනාගාරයේ පවතින නීති රෙගුලාසි මත පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සම්බන්ධයෙන් තීරණය කිරීමේ පූර්ණ බලය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා සතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අවධාරණය කරයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

ඥානසාර හිමියන් වෙනුවෙන් දළදා මාලිගාව අභියස ඇරඹුණු අධිෂ්ඨාන සත්‍යක්‍රියාව..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නිදහස සහ සිවුර ආරක්ෂා කරගැනීම වෙනුවෙන් වන අරගලයේ පළමු පියවර අද (10) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මහ මළුවෙන් ආරම්භ කර තිබේ.

නාඋයන ආරණ්‍ය සේනාසනයේ භාවනා කුටි සම්බන්ධ ගැටළුව ගැන පූජ්‍ය අගුල්ගමුවේ අරියනන්ද හිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්..

මීට පෙර මතු වී තිබූ නාඋයන ආරන්‍ය සේනාසනයේ භාවනා කුටි ඉවත් කිරීමේ සහ සේනාසන බලපත්‍රයට අදාළ ගැටළුව සාකච්ඡා මාර්ගයෙන් සම්පූර්ණයෙන් නිරවුල් කර ගෙන ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.