News Category
From Date
To Date
Maximum Number of Result

ඊශ්‍රායලය සහ පලස්තීන සටන්කාමී කණ්ඩායමක් වන හමාස් අතර යුද්ධය මධ්‍යයේ රුසියානු රජය එහි මුස්ලිම් බහුතරයක් වෙසෙන ප්‍රදේශවල යුදෙව් විරෝධී විරෝධතා දාමයකට මුහුණ දී තිබේ.

වෛද්‍ය ශිෂ්‍යයන් මර්ධනය කිරීමට ආරක්ෂක අංශවල තිබෙන උනන්දුව ඉමියුනෝග්ලොබීයුලින් මෙරටට ගෙන්වූ සමාගමේ වැරැදිකරුවන් අත්අඩංගුවට ගැනීමට නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

2025 වර්ෂයේ සිට නව දේපොළ බද්දක් හඳුන්වාදීමට සැලසුම් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

පළාත් සභා ගොඩනගනු ලැබූවේ ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලෙස වුවද පළාත් සභා මගින් ජාතික ගැටලුවට විසඳුම් නොලැබුණ බවත්, උතුරේ පළාත් සභා ක්‍රියාත්මක වුයේ වසර පහක් පමණක් බවත් ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ලංකා විදුලිබල මණ්ඩලය මූලික වශයෙන් සමාගම දහහතරකට කඩා එය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව ඇතුළත් පත්‍රිකාව මෙම සතියේදී කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට නියමිත බව වාර්තා වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අමාත්‍ය ධූර සඳහා යෝජනා කළ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ට මෙතෙක් ඇමතිකම් නොලැබීමත්,අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ජනාධිපතිවරයා තනි තීරණ ගැනීමත් හේතුවෙන්,ආණ්ඩුව සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර මෙන්ම පක්ෂය අභ්‍යන්තරයේ ද අර්බුදය උග්‍ර වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

වෙළෙඳපොළේ සහල් මිල මේ දිනවල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

තාවකාලිකව වසර 5කට බලයට පත්පූ ආණ්ඩුවක් විසින් මීට වසර 6කට පමණ පෙර ලංකාවේ ප්‍රධාන ජාතික සම්පතක් රටට අහිමි කළ බව මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා පවසයි.

කැබිනට් මණ්ඩලය අයවැයට පෙර යළිත් වතාවක් සංශෝධනය කිරීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.


දේශීය පුවත්

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

කෙහෙලිය අත්අඩංගුවට

හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මාලිමාව දිනපු කොළඹට නගරාධිපති සජබෙන්....රංජිත් මද්දුම බණ්ඩාර

කොළඹ මහ නගර සභාවේ වැඩි ආසන සංඛ්‍යාවක් ජාතික ජනබලවේගය දිනා ගත්තද බහුතරය විපක්ෂය සතු නිසා නගරාධිපතිවරයා තෝරා ගැනීමේදී අනෙකුත් පක්ෂවල සහය ලබා ගන්නා බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුම බණ්ඩාර පවසනවා.

බුදුන් වහන්සේගේ ධාතූන් අතර තිබූ මැණික් වෙන්දේසිය කල් දමයි

බුදුන් වහන්සේගේ ධාතූන් අතර තැන්පත් කර තිබූ මැණික් තොගයක් හොංකොංහිදී ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීම වහාම ක්‍රියාත්මක වන පරිදි කල්දමා තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

‘පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්න පරාජිත දේශපාලන පක්ෂ සමග එකතු වෙන්නේ නෑ’- ජාතික ජන බලවේගය

කිසිදු පළාත් පාලන ආයතනයක බලය පිහිටුවීම සඳහා පරාජිත දේශපාලන පක්ෂ සමග එකතු නොවන අතර ස්වාධීන කණ්ඩායම්වල සහය අවශ්‍ය වුවහොත් ලබාගන්නා බව ජාතික ජන බලවේගය පවසයි.

ඇමති විජේපාලගේ මන්ත්‍රී ධුරය බලරහිත කරන්නැයි ඉල්ලූ පෙත්සමට සිදු වූ දේ

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකම් නොමැති බවට තීන්දු කොට ඔහුගේ මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකෙරුණු රිට් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (07) නියෝග කළේය.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.