කියුබානු රජයට එරෙහිව අමෙරිකා එක්සත් ජනපදය විසින් පනවා ඇති සම්බාධක ඉවත් කරන ලෙස කියුබානු රජය විසින් එක්සත් ජාතීන් වෙත යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර, කියුබාව එක්සත් ජාතීන් වෙත ගෙන ආ එම යෝජනාව පරාජය කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රටවල් වලට අමෙරිකාව අනිසි බලපෑම් කරමින් සිටින බව අධිරාජ්‍ය විරෝධී ජාතික සංසදය පවසයි.
අර්ජුන් මහේන්ද්‍රන් ඉතිහාසගත වුයේ පොලී අනුපාත කෘත්‍රිමව අඩුකර ඇලෝසියස්ලාට වාසිදායක වන භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගැනීමට පොට පාදා දීමෙන් බවත්, දැන් අර්ජුන් මහේන්ද්‍රන්ගේ දේශීය ආත්මය වන වර්තමාන මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ අර්ජුන් මහේන්ද්‍රන් ආරම්භ කළ ඒ කැත මෙහෙයුම ඊටත් වඩා කැත ලෙස කරගෙන යමින් සිටින බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා නගයි.
වෙනිසියුලාවේ ජාතික සභාව ඊයේ(28) පැවැත්වූ සාමාන්‍ය සැසියේදී ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ අගමැති කම්ලා පර්සාඩ්-බිසෙසාර්, "පිලිනොගන්න රාජ්‍යතාන්ත්‍රිකයෙකු ලෙස ප්‍රකාශ කිරීම සඳහා" ඉදිරිපත් කළ කෙටුම්පත් අනුමත කරනු ලැබීය. වෙනිසියුලාවේ ජාතික සභාව ගත් මෙම ක්‍රියාමාර්ගය වෙනිසියුලානු ස්වෛරීභාවයට සතුරු යැයි සැලකෙන ක්‍රියාවන්ට ප්‍රතිචාරයක් බව විචාරකයෝ පවසති.
පොලිස් දෙපාර්තමේන්තුවේ අතිශය රහසිගත සංවේදී තොරතුරු යූටියුබ් මාධ්‍යකරුවන්ට ලබාදී පොලිස්පතිවරයාගේ සහ දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ කීර්ති නාමයට හානි වන ආකාරයේ මඩ ප්‍රවෘත්ති නිර්මාණය කර ප්‍රචාරය කිරීම සඳහා ආධාර අනුබල දුන් බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පහළින් ඉන්නා ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළම තැනක සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇත.
පසුගිය ජනාධිපතිවරණය සහ මහ මැතිවරණයේ දී ජනතාව විසින් ගනු ලැබූ තීරණයට අද සාධාරණය ඉෂ්ඨ වී ඇත්දැයි විමසා බැලිය යුතු කාලය එළඹ ඇති බවත්, රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවෙන් වර්තමාන ජනතා විමුක්ති පෙරමුණේ පාලනයට පාලන බලය මාරුවන විට මෙරට විදේශ වත්කම් සංචිතය ඩාලර් මිලියන හයකුත් දශම ගාණක් තීබු බව හා අද වත්මන් ආණ්ඩුව පත්වී වසරකට වැඩි කාලයක් ගතව ඇතත් විදේශ වත්කම් සංචිතය තවමත් පවතින්නේ ඩොලර් මිලියන හයකුත් දශම ගාණක් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
දේශීය පුවත්
බලයට එන්න පෙර අනුරලා හැංගිලා හිටියේ පන්සල්වල.. අද සසුනටම ගහනවා.. - පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි
ඉන්දියාවේ කැරපොතු පක්ෂයේ ලොක්කා අත්අඩංගුවට..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ජනාධිපති උපාසක මහත්තයත් මහා පල් වැඩ කරනවා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමි
"ඥානසාර හිමියන් සිරදඬුවම් විඳින්නේ සමස්ත ජාතිය සහ ශාසනය වෙනුවෙන්.. උන්වහන්සේ තනි නොකර කොන්දේසි විරහිතව පෙනී සිටීම සිව්වනක් පිරිසේම වගකීමක්" - පූජ්‍ය උලපනේ සුමංගල හිමි
භික්ෂුවකගේ සිවුර ඉවත් කිරීම බන්ධනාගාර නීතිය අනුව කළ නොහැකියි.. තීරණය ගත යුත්තේ මහනාහිමිවරුන්.. - දයාසිරි කියයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
ඥානසාර හිමියන් වෙනුවෙන් දළදා මාලිගාව අභියස ඇරඹුණු අධිෂ්ඨාන සත්‍යක්‍රියාව..
නාඋයන ආරණ්‍ය සේනාසනයේ භාවනා කුටි සම්බන්ධ ගැටළුව ගැන පූජ්‍ය අගුල්ගමුවේ අරියනන්ද හිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්..