News Category
From Date
To Date
Maximum Number of Result

රටේ ආර්ථිකය පිළිබඳ සත්‍ය අවබෝධ කර නොගෙන, බලය ලබා ගැනීම වෙනුවෙන් ලබාදුන් දේශපාලන පොරොන්දු නිසා රටේ ජනතාවට දැඩි පීඩාවකට ලක්වීමට සිදු වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

පාර්ලිමේන්තුව හරහා පවතින නීති සංශෝධනය කරන තුරු, බැංකු සුදුසු අවස්ථාවලදී පරාටේ ප්‍රතිකර්මය භාවිත කරන බව ශ්‍රී ලංකා බැංකු සංගමය පවසයි.

තමිල්නාඩු ධීවරයන්ට ශ්‍රී ලංකා මුහුදු තීරයේ ධීවර කටයුතුවල නිරතවීමට කිසිසේත් අවසර ලබා නොදෙන බව ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා සඳහන් කරයි.

“පෝලන්ත බලධාරින් පවසන පරිදි පෝලන්ත හමුදා යුක්රේන භූමියට ඇතුළු වන්නේ , යුක්රේන-බෙලාරුසියානු දේශසීමාව ආරක්ෂා කර ගැනීම සඳහා හෝ වෙනත් ස්ථානවල යුක්රේන හමුදාවන්ගේ යුද භූමියේ පසුපස සිටින හමුදා ඒකක නිදහස් කර යුද පෙරමුණේ සටන්වලට සහභාගී වීමට නම්, මම හිතන්නේ පෝලන්ත හමුදා කිසි විටෙකත් ආපසු නොයනු ඇතැයි කියායි. ”පුටින් පැවසීය.

සමස්ත රටම ඉන්දියාවට පාවා දෙන එට්කා ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව එය ආපසු හැරවීම කිසි විටකත් කළ නොහැකි භයානක ගිවිසුමක් බව දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි. ඊයේ (12) කොළඹ 7 නිදහස් මාවතේ පුස්තකාල හා ප්‍රලේඛන සේවා මධ්‍යස්ථානයේදී මහාචාර්ය පූජ්‍යය මැදගොඩ අභයතිස්ස හිමිගේ සහ ආචාර්ය ගුණදාස අමරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති " ඉන්දියානු ආක්‍රමණයේ මාර්ග සිතියම එට්කා: අවසන් සැතපුම" කෘතිය ජනගත කිරීමේ උත්සවයේදී ඒ මහතා මේ බව පැවසීය.

'ඉන්දියානු ආක්‍රමණයේ මාර්ග සිතියම... එට්කා අවසන් සැතපුම' කෘතිය කොළඹ 7 නිදහස් චතුරස්‍රයේ පිහිටි පුස්තකාල හා ප්‍රලේඛන සේවා ශ්‍රවණාගාරයේ අද (මාර්තු 12) දින ජනගත කිරීම සිදුවිය.

සියලු ජාතික බලවේග ඒකරාශී කොට ඒකීය ශ්‍රී ලංකාවක් තුළ බුද්ධ ශාසනයේ සහ රටේ ඉදිරි පැවැත්ම උදෙසා සවිමත් ජාතික ව්‍යාපාරයක් බිහි කිරීමට ‘ජාතික උපදේශක සභාව’ නමින් ජාතික ව්‍යාපාරයක් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ මූලිකත්වයෙන් පිහිටුවන ලද අතර මෙහි හතර වන රැස්වීම පසුගිය මාර්තු 08 වැනිදා පවත්වන ලදී.

ජාතික ව්‍යාපාර කළමනාකරණ පාසල (NSBM) යටතේ වෛද්‍ය පීඨයක් පිහිටුවීම සඳහා හෝමාගම මූලික රෝහල රජයට පවරාගෙන ශික්ෂණ රෝහලක් ලෙස උසස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.

චීනය යනු ශ්‍රී ලංකාවට දුෂ්කර සහ අභියෝගාත්මක සෑම අවස්ථාවකදීම උදව් කළ රාජ්‍යයක් බවත් නමුත් ශ්‍රී ලංකාවේ කලින් කලට සිදුවන දේශපාලන වෙනස්කම් සමග ශ්‍රී ලංකාව සහ චීනය අතර මිත්‍රත්වය පළුදු අවස්ථාවන් ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.


දේශීය පුවත්

හරක් කටා මාධ්‍ය අමතයි... ටිරාන් අලස්ට, දේශබන්දුට බරපතල චෝදනාවක්

පාතාල නායකයෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා, හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ වැඩ තහනම් කරන ලද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ඉල්ලා සිටි බව කියන රුපියල් මිලියන 300 ක අල්ලසක් ගෙවීම ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලයක් ලෙස තමන් තංගල්ලේ රඳවාගෙන සිටින බවට චෝදනා කර තිබේ.

කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකයක් ඉදිකිරීම ගැන ශ්‍රී ලංකා රජය විරෝධය පළ කරයි..

ශ්‍රී ලංකා රජය, පදනම් විරහිත ජන සංහාර චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන අතර කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කර බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.

අත්අඩංගුව ගන්න එපායැයි ඉල්ලා මහින්දානන්ද අපේක්ෂිත ඇප අයැදුම්පතක් ගොනුකරයි..

තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීම නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පතක් ගොනු කර ඇත.

යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් සමඟ වෙසක් පොහෝ දින අට සිල් සමාදන් වූ උපකුලපතිවරයා..

යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා වන මහාචාර්ය ශ්‍රී සත්ගුණරාජ් මහතා වෙසක් පොහෝ දින විශ්ව විද්‍යාල සිසුන් සමඟ අට සිල් සමාදන් වී තිබේ.

රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?

මේ වන විට දිවයින පුරා පැපොල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, රෝගය වැළැක්වීමට උපකාරී වන වරිසෙල්ලා එන්නත දැනට රජයේ රෝහල් ගබඩාවල නොමැති බව වාර්තා වේ.

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත කරන්නැයි ඉල්ලු පෙත්සම සලකා බලන්න දින දෙයි..

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම තහවුරු කිරීම සඳහා ජුනි මස 26 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

ඡන්දේ කාලේ කුඩු බෙදූ විපක්ෂයේ අය හෙළිකරන්නැයි චතුරංග අබේසිංහට කියයි..

නි. අමාත්‍ය චතුරංග අබේසිංහ පසුගිය මැතිවරණ සමයේ සිය පාක්ෂිකයන්ට මත්ද්‍රව්‍ය ලබාදුන් සියලු විපක්ෂ සාමාජිකයන්ගේ නම් හෙළිකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසයි.

ආනයන වියදම 11.1% කින් ඉහළට..

මේ වසරේ (2025) පළමු මාස තුනේදී ශ්‍රී ලංකාවේ මුළු වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම සියයට 11.1කින් ඉහළ ගොස් ඇත.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.