මාධ්‍ය නිදහස මර්දනය කිරීමට පොලිසිය මෙහෙයමින් රජය ගන්නා උත්සාහය හෙළාදකිමින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයෙන් නිවේදනයක්..
ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.
මාධ්‍ය නිවේදනය - මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන සඳහා රජය මුදා හැර ඇති මර්දනය
2025 – 12- 25
මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනගේ මාධ්‍ය ක්‍රියාකාරීත්වයට එරෙහිව අනීතික ලෙස ගම්පොල පොලිසිය වෙත කැඳවීම සහ හිරු මාධ්‍ය ආයතනයේ විකාශන බලපත්‍රය අහෝසි කිරීමට ශ්‍රී ලංකා පොලිසිය විසින් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමෙන් ඉල්ලා සිටීම මගින් භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසත්, මාධ්‍ය නිදහසත් මර්දනය කිරීමට පොලිසිය මෙහෙයමින් රජය ගන්නා උත්සාහය ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය දැඩි පිළීකුලෙන් යුතුව හෙලා දකිමු.
මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණයේ හා ඒ ආශ්‍රිත ආයතනවල පවතින වංචා සහ දූෂණ ගණනාවක් පිළීබඳව මාධ්‍ය මගින් හෙළිදරව් කිරීමට එරෙහිව ඉදිරිපත් වූ පැමිණිල්ලකට අවශ්‍ය සාක්ෂි ලබා ගැනීමකට 2025-12-26 වෙනි දින පෙ:ව: 11.00 ට ගම්පොල පොලිසියට පැමිණෙන ලෙසට මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන ට පොලිසිය විසින් දැනුම් දී ඇත. එමෙන්ම හිරු මාධ්‍ය ආයතනය මගින් විකාශය කළ ගංජා වැටලීමකට අදාල ප්‍රවෘත්තියකදී, ගංජා වැටළු පොලිස් නිලධාරියෙකුට එල්ල වූ ප්‍රහාරයක් හා ජාතික ජන බලවේග ආණ්ඩුවට සම්බන්ධ පාර්ශවයකට අදාල ගංජා හේනේ අයිතියට ඇති සබඳතාවය පිළිබඳව අනාවරණය කොට ඇත. එම ප්‍රවෘත්තිය සාවද්‍ය ප්‍රවෘත්තියක් ලෙස අර්ථ ගන්වමින්, හිරු මාධ්‍ය ආයතනයේ විකාශන බලපත්‍රය අහෝසි කිරීමට පොලිසිය, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් සිදු කොට ඇත.
ඉහත කාරණා දෙකෙහිදීම පොලිසිය අදාල මාධ්‍යවේදියාගේ හා මාධ්‍ය ආයතනයේ නිදහස් මාධ්‍ය කටයුතු සඳහා මැදිහත් වී ඇත්තේ අනීතික මර්දනයක් සිදුකිරීමේ අභිලාෂයෙන් බව පෙනේ. නිවැරදි නොවන ප්‍රවෘත්ති මාධ්‍යවේදීන් හෝ මාධ්‍ය ආයතන වෙතින් සමාජගත වී ඇත්නම් ඊට ක්‍රියාත්මක කළ හැකි පිළිගත් ක්‍රමවේද හා නෛතික තත්වයන් පවතී. එසේ තිබියදී පොලිසිය හරහා ක්‍රියාවේ යොදවා ඇත්තේ රජයට හීලෑ කොටගැනීමට නොහැකි මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන ඉලක්ක කොට ගනිමින් රාජ්‍යය දියත් කොට ඇති මර්දනයයි. මාස 15 ක ජාතික ජන බලවේග ආණ්ඩුවේ ශේෂපත්‍රය තුළ මාධ්‍ය නිදහස සහ භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය හකුළුවාලමින් මර්දනය කිරීම සඳහා ගෙන ඇති අපමණ ක්‍රියාමාර්ග තුළින් පෙන්නුම් කරමින් ඇත්තේ මාධ්‍ය නිදහසේ බැටළු හම පොරවා ගෙන බලයට පැමිණි ජාතික ජන බලවේග ආණ්ඩුව නමැති වෘකයාගේ ස්වභාවය බව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය දැඩි කණස්සල්ලෙන් යුතුව දක්වමු.
පොලිස් රාජ්‍යයක බලය ස්ථාපිත කිරීම තුළින් මාධ්‍ය මර්දනයේ ආණ්ඩුවේ අභිලාෂයන් ක්‍රියාත්මක කිරීමට ගන්නා නිර්ලජ්ජී උත්සාහයන්ගෙන් වැළකී මේ රටේ සැබෑ මාධ්‍ය නිදහසක් හා මාධ්‍ය සදාචාරයක් ඇති කිරීමට අවශ්‍ය පසුබිමක් ඇති කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමු. එමෙන්ම විවිධ මර්ධන නීති හා අතපෙවීම් හරහා රජයෙන් ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහසට එල්ලවන බලපෑමට එරෙහිව එක්ව පෙළගැසෙන මෙන් භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස අගයන සියල්ලන්ගෙන් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඉල්ලා සිටින්නෙමු.
ස්තූතියි !
දුමින්ද සම්පත්
සභාපති
රංග බණ්ඩාරනායක
ලේකම්
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්