News Category
From Date
To Date
Maximum Number of Result

කලින් පවත්වන්නේ ජනාධිපතිවරණය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට ඊයේ (18) දැනුම් දී තිබේ.

2024 වසරේ ජනවාරි සිට මේ දක්වා කාලය තුලදී උතුරු මුහුදු සීමාවන්ට අනවසරයෙන් ඇතුල්වී මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් 146 දෙනෙකු සමග ධීවර යාත්‍රා 18 ක් අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගෙන ඇති බව නාවික හමුදාව පවසයි.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තබන එට්කා ගිවිසුම ඉන්දියානු පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වූ පසු අත්සන් තැබීමට සූදානම් වන බවට ආණ්ඩුවේම විශ්වාසදායි ආරංචි මාර්ග වලින් දැන ගන්න ලැබී ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

වත්මන් ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මෙවර ජනාධිපතිවරණයෙන් 87% කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ජයග්‍රහණය කරනු ඇතැයි අපේක්ෂා කරන බව රුසියානු මධ්‍යම මැතිවරණ කොමිසම (CEC) පවසයි. රුසියානු මධ්‍යම මැතිවරණ කොමිසම ට අනුව, මොස්කව් වේලාවෙන් ඊයේ (17) උදෑසන 7 වන විට ප්‍රකාශිත සමස්ත ඡන්දවලින් 99.5% කට වඩා ගණන් කර ඇති අතර පුටින් ලැබී ඇති සමස්ථ ඡන්ද වලින් 87.3% කින් පමණ ඉදිරියෙන් ඇතැයි ඇස්තමේන්තු කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුලික කරගනිමින් ගොඩනැගීමට නියමිත නව සන්ධානයේ නායකත්වය සම්බන්ධයෙන් අර්බුදයක් මතුව ඇති බව වාර්තා වේ.

කථානායකවරයාට එරෙහි විශ්වාසභංගය ජයග්‍රාහනය කරවීම සඳහා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු මේ වන විට සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉලක්ක සම්පූර්ණ කරමින් ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා කරුණු 16කින් යුත් ක්‍රියාකාරී සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණයට එළඹ ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් වැඩි කර ගත් වැටුප් යම් ප්‍රමාණයකින් අඩු කර ගැනීමට යෝජනා ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානීන් වෘත්තීය සමිති නියෝජිතයින් ඇතුළු අදාළ පාර්ශ්වවලට දැනුම්දී ඇතැයි එම බැංකු අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

සමගි ජන බලවේගයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී සහ මුදල් කාරක සභාවේ සභාපතිවරයා වන හර්ෂ ද සිල්වා මහතා මිල සූත්‍ර කතාවක් ඉදිරියට දමමින් කිරිපිටි ආනයනකරුවන්ට නැවත වටයකින් බදු සහන ලබාදීමට ක්‍රියාකරන බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.


දේශීය පුවත්

හරක් කටා මාධ්‍ය අමතයි... ටිරාන් අලස්ට, දේශබන්දුට බරපතල චෝදනාවක්

පාතාල නායකයෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා, හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ වැඩ තහනම් කරන ලද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ඉල්ලා සිටි බව කියන රුපියල් මිලියන 300 ක අල්ලසක් ගෙවීම ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලයක් ලෙස තමන් තංගල්ලේ රඳවාගෙන සිටින බවට චෝදනා කර තිබේ.

කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකයක් ඉදිකිරීම ගැන ශ්‍රී ලංකා රජය විරෝධය පළ කරයි..

ශ්‍රී ලංකා රජය, පදනම් විරහිත ජන සංහාර චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන අතර කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කර බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.

අත්අඩංගුව ගන්න එපායැයි ඉල්ලා මහින්දානන්ද අපේක්ෂිත ඇප අයැදුම්පතක් ගොනුකරයි..

තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීම නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පතක් ගොනු කර ඇත.

යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් සමඟ වෙසක් පොහෝ දින අට සිල් සමාදන් වූ උපකුලපතිවරයා..

යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා වන මහාචාර්ය ශ්‍රී සත්ගුණරාජ් මහතා වෙසක් පොහෝ දින විශ්ව විද්‍යාල සිසුන් සමඟ අට සිල් සමාදන් වී තිබේ.

රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?

මේ වන විට දිවයින පුරා පැපොල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, රෝගය වැළැක්වීමට උපකාරී වන වරිසෙල්ලා එන්නත දැනට රජයේ රෝහල් ගබඩාවල නොමැති බව වාර්තා වේ.

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත කරන්නැයි ඉල්ලු පෙත්සම සලකා බලන්න දින දෙයි..

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම තහවුරු කිරීම සඳහා ජුනි මස 26 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

ඡන්දේ කාලේ කුඩු බෙදූ විපක්ෂයේ අය හෙළිකරන්නැයි චතුරංග අබේසිංහට කියයි..

නි. අමාත්‍ය චතුරංග අබේසිංහ පසුගිය මැතිවරණ සමයේ සිය පාක්ෂිකයන්ට මත්ද්‍රව්‍ය ලබාදුන් සියලු විපක්ෂ සාමාජිකයන්ගේ නම් හෙළිකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසයි.

ආනයන වියදම 11.1% කින් ඉහළට..

මේ වසරේ (2025) පළමු මාස තුනේදී ශ්‍රී ලංකාවේ මුළු වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම සියයට 11.1කින් ඉහළ ගොස් ඇත.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.