News Category
From Date
To Date
Maximum Number of Result

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ජාතික සංවිධායක හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ශ‍්‍රී ලංකාවට පැමිණ තිබේ.

මහ බැංකු සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කරන ලෙස කැබිනට් මණ්ඩලය විසින් මහ බැංකු ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.

රට දියුණු කළ හැකි නව ආර්ථිකයක් වෙනුවෙන් නව නීති පද්ධතියක් සකස්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත සම්මත කර ගැනීමේ දී කතානායකතුමන් තමන් කෙරෙහි පාර්ලිමේන්තුව, ශ්‍රේෂ්ඨාධිකරණය, මෙන්ම ව්‍යවස්ථාව තැබූ විශ්වාසය ද අමු අමුවේ උල්ලංඝණය කර ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල සංශෝධනය කර ඇත.‍

ඒකක 30ට අඩු විදුලි පාරිභෝගිකයින් සඳහා දැනට ඒකකයක් සඳහා අයකරන රුපියල් 12ක ප්‍රමාණය රුපියල් 8ක් දක්වා අඩුකරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

මියන්මාරයේ මියාවඩි ප්‍රදේශයේ සයිබර් අපරාධ කලාපයේ රදවාගෙන සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් මුදාගත් බව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජනක බණ්ඩාර මහතා පවසයි.

රුසියාව ලෝකයේ ඕනෑම ආධිපත්‍යයක් ප්‍රතික්ෂේප කරන බවත් රුසියාව ලෝකයේ ඕනෑම මහාද්වීපයක තිබෙන ඕනෑම රටක් සමඟ සබඳතා ගොඩනඟා ගන්නේ එහි විශාලත්වය හෝ එහි ආර්ථික හැකියාවන් සැලකිල්ලට ගනිමින් නොවන බවත් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස් දගාරියන් මහතා පවසයි.

මහ බැංකුවේ සේවකයන්ගේ සේවක අර්ථසාධක අරමුදල (EPF) වෙනුවෙන් 2023 වසර සඳහා 19.5% ක පොලියක් ගෙවා ඇති බව වාර්තා වේ.


දේශීය පුවත්

කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකයක් ඉදිකිරීම ගැන ශ්‍රී ලංකා රජය විරෝධය පළ කරයි..

ශ්‍රී ලංකා රජය, පදනම් විරහිත ජන සංහාර චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන අතර කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කර බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.

අත්අඩංගුව ගන්න එපායැයි ඉල්ලා මහින්දානන්ද අපේක්ෂිත ඇප අයැදුම්පතක් ගොනුකරයි..

තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීම නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පතක් ගොනු කර ඇත.

යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් සමඟ වෙසක් පොහෝ දින අට සිල් සමාදන් වූ උපකුලපතිවරයා..

යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා වන මහාචාර්ය ශ්‍රී සත්ගුණරාජ් මහතා වෙසක් පොහෝ දින විශ්ව විද්‍යාල සිසුන් සමඟ අට සිල් සමාදන් වී තිබේ.

රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?

මේ වන විට දිවයින පුරා පැපොල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, රෝගය වැළැක්වීමට උපකාරී වන වරිසෙල්ලා එන්නත දැනට රජයේ රෝහල් ගබඩාවල නොමැති බව වාර්තා වේ.

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත කරන්නැයි ඉල්ලු පෙත්සම සලකා බලන්න දින දෙයි..

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම තහවුරු කිරීම සඳහා ජුනි මස 26 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

ඡන්දේ කාලේ කුඩු බෙදූ විපක්ෂයේ අය හෙළිකරන්නැයි චතුරංග අබේසිංහට කියයි..

නි. අමාත්‍ය චතුරංග අබේසිංහ පසුගිය මැතිවරණ සමයේ සිය පාක්ෂිකයන්ට මත්ද්‍රව්‍ය ලබාදුන් සියලු විපක්ෂ සාමාජිකයන්ගේ නම් හෙළිකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසයි.

ආනයන වියදම 11.1% කින් ඉහළට..

මේ වසරේ (2025) පළමු මාස තුනේදී ශ්‍රී ලංකාවේ මුළු වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම සියයට 11.1කින් ඉහළ ගොස් ඇත.

අපි සන්ධානවලට නැහැ - සාගර කියයි..

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිම පක්ෂයක් සමග සන්ධානගත වීමට අපේක්ෂා නොකරන බව එම පක්ෂයේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.