News Category
From Date
To Date
Maximum Number of Result

ජපන් ආක්‍රමණයට එරෙහි චීන ජනතා යුද ජයග්‍රහණයේ 80 වන සංවත්සරය සනිටුහන් කරමින් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති පිළිගැනීමේ උත්සවයේදී චීන තානාපති ක්වි ෂෙන්හොං විසින් අදහස් දක්වමින්, ඉතිහාසයේ සත්‍යය මතක තබා ගත යුතු බවත් අමතක කිරීම යනු යුද බිමේ ඇද වැටුණු අයව දෙවන වරටත් මරා දැමීමක් බවත්, මතක තබා ගැනීම සාමය සඳහා වඩාත්ම අවංක ආරක්ෂාව බවත් අවධාරණය කළේය.

එක රටක කතිකාව නමින් රාජ්‍ය නොවන සංවිධානයක් පවත්වාගෙන යමින් කොළඹ තරුණ බෞද්ධ සමිතිය එහි මූලික අරමුණුවලින් පරිබාහිර අරමුණු කරා මෙහෙයවන බවට එහි ජ්‍යේෂ්ඨ භාරකරුවන් වෙතින් චෝදනා ලැබ තිබෙන එම සමිතියේ සභාපතිවරයා ⁣පසුගියදා පැවති රැස්වීමකට එක්ව සිටි සිංහල බෞද්ධ ව්‍යාපාරිකයන් පිරිසක් විසින් කරනලද ප්‍රශ්න කිරීමකට පිළිතුරු වශයෙන් "මතක තියාගන්න. මෙහේ සිංහල නෑ. බෞද්ධ විතරයි." යැයි ප්‍රකාශ කර තිබේ.

තවදුරටත් වැඩ වර්ජනයේ යෙදෙන තැපැල් සේවකයන් සම්බන්ධයෙන් පියවරක් ගැනීමට සූදානම් බව තැපැල් දෙපාර්තමේන්තුව කියා සිටී.

‘සීහෙළ ගෝතම සිරි සම්බුද්ධ නිකාය’ ශාසන විරෝධි භික්ෂු සංවිධානයක් බවට ත්‍රෛනිකායික මහනායක ස්ථවිරයන් වහන්සේලා එක්ව තීරණය කර කොට ඇත.

කිසියම් දැවැන්ත ප්‍රහාරයක් සඳහා අවි ආයුධ ගබඩා කරගෙන සිටි දෙමළ ජාතික සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීම සඳහා ත්‍රස්තවාදී විමර්ශන ඒකකය මහජන සහාය පතයි.

පාස්කු ප්‍රහාරයට අදාළව මහ මොළකාරයා කවුරුන්දැයි සෑම ආණ්ඩුවක්ම දන්නා බවත් නමුත් එම මහ මොළකාරයා සමග කිසිවෙකුටත් සටන් කළ නොහැකි බවත් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා තාක්ෂණික වශයෙන් බැඳීමක් ඇති කරන්නේ නැත. එහෙත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් කළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය , ත්‍රස්තවාදය අවසන් කිරීම නොනවතින පරීක්ෂාවකට ලක්කර තිබේ.

ඓතිහාසික මහනුවර පූජනීය පුරවරයේ ආරම්භ කෙරෙන රාත්‍රී වෙළඳ කලාපය මගින් දුරාචාර ප්‍රචලිත කිරීමේ යටි අරමුණක් පවතින බවත්, ඉතා සූක්ෂම ලෙස ජනතාව අතර කිසිදු සංවාදයකින් තොරව හදිසියෙන්ම ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය පිළිබඳව බහුතර මහනුවර මහජනතාව හෝ මහා සංඝරත්නය හෝ දැනුවත්ව නැති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

විදුලිබල මණ්ඩලයේ කිසිඳු ගැටලුවක් නොමැති බවත් පවතින අඩුපාඩුව වන්නේ විදුලිබල මණ්ඩලයට ගලා එන මුදල් නිසි කළමනාකරණයක් නොකිරීම බවත් විදුලි සේවකයෝ පවසති.


දේශීය පුවත්

විනිසුරු වයස ගැන මහනාහිමිවරු ජනපතිට යැවූ ලිපියක් ගැන මං දැනුවත් නෑ..- අධිකරණ ඇමති

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම සම්බන්ධයෙන් මහනායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත යොමු කළ බව කියන ලිපිය පිළිබඳව තමන් මෙතෙක් දැනුවත් වී නොමැති බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.

රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..

රුසියාවේ තටාර්ස්තාන් ප්‍රදේශයේ තෙල් පිරිපහදුවක් පිහිටා ඇති නිශ්නෙකාම්ස්ක් නගරයේ කාර්මික සහ සිවිල් ඉලක්ක වෙත යුක්රේනය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් 39 දෙනෙකු තුවාල ලබා ඇති බව එම නගරයේ නගරාධිපති රද්මීර් බෙලියාව් පවසයි.

මාළිගාවත්තේ වෙඩි තැබීමකින් කංජිපානිගේ බාප්පා මරුට..

කොළඹ මාලිගාවත්ත, සංඝරාජ මාවත ප්‍රදේශයේදී අද සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..

කෘෂිකර්ම, පශු සම්පත්, භූමිය සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා වෙත විශේෂ විවෘත ආයාචනයක් යොමු කරමින්, ජාතික මෘග සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමට ගෙන ඇති යෝජනාව වහාම නැවත සමාලෝචනය කරන ලෙස 'කෘෂි අරගල ව්‍යාපාරය' ඉල්ලා සිටියි.

සලේගේ පෙත්සමට අදාළ අතරමැදි පෙත්සම් සලකා බැලේ..

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සමට අදාළ අතරමැදි පෙත්සම් අද (10) අභියාචනාධිකරණය හමුවේ යළි සලකා බැලිණි.

"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්

ඉරානය සමග පවතින දීර්ඝකාලීන යුධමය තත්ත්වය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ අතිනවීන ගුවන් ආරක්ෂක සහ ප්‍රහාරක මිසයිල තොග දැඩි ලෙස ක්ෂය වී ඇති බැවින්, මෙම යුද්ධය වහාම අවසන් කළ යුතු බව ප්‍රකට ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශාරද මහාචාර්ය ජෝන් මියර්ෂයිමර් (John Mearsheimer) අවධාරණය කරයි.

මහානායක හිමිවරුන් ජනපතිට යැවූ ලිපිය ප්‍රසිද්ධ කරන්න - දිනන දකුණ සාමූහිකය..

ත්‍රෛනිකායික මහානායක හිමිපාණන් වහන්සේලා විසින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද බව කියන ලිපිය වහාම මාධ්‍ය වෙත නිකුත් කර ප්‍රසිද්ධියට පත් කරන ලෙස "දිනන දකුණ සාමූහිකය" ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට අභියෝග කරයි.

විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස වැඩි වුණා කියලා ජනතාවගේ බඩ කට පිරෙනවද?.. ආදායම් වැඩි වෙනවද?.. දුප්පත්කම තුරන් වෙනවද? - සජිත් ප්‍රේමදාස

විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස වැඩි කිරීමෙන් ජනතාවගේ බඩකට පිරීමක්, ආදායම් මාර්ග වැඩිවීමක් හෝ දුප්පත්කම තුරන් වීමක් සිදු නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.