News Category
From Date
To Date
Maximum Number of Result

රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත මහතාගේ මරණීය තර්ජන හේතුවෙන් තවදුරටත් රාජකාරි කිරීමට නොහැකි බව ජනපතිවරයාට ලිපියකින් දන්වා සී-නෝර් පදනමේ සභාපති ආචාර්ය දුලාන් හෙට්ටිආරච්චි මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.

මේ රටේ ජීවත්විය නොහැකි බව කියමින් රටේ ජීවත්වන පුරවැසියන් මෙරටින් පිටමං කිරීමට රැල්ලක් නිර්මාණය කරමින්, ඉන්දියාවේ සිටින රැකියා ව්‍යුක්තිකයන්ට රට විවෘත කිරීමට මෙරට පාලකයන් කටයුතු කරමින් සිටින බව දේශප්‍රේමී ජාතික පෙරමුණේ මධ්‍යම මණ්ඩල සභික නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා පවසයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොදු සන්ධානයක් යටතේ තරග කිරීමට සූදානමකින් සිටින බව දැනටමත් මත පළ කර ඇති පසුබිමක, බොහෝ දුරට එම පක්ෂය ඇමති ටිරාන් අලස් මහතා නායකත්වය දරන ජංගම දුරකථනය ලකුණු දරන එක්සත් මහජන පක්ෂය වනු ඇති බවත් ආරංචි මාර්ග පවසයි.

ළමා අපයෝජන ප්‍රවර්ධනය කිරීම සඳහා පනතක් ගැසට්කර ඇති බව ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

එට්කා ගිවිසුම මෙරට රැකියා වෙළෙඳපොල ඉන්දියාවට විවෘත කිරීමේ කුමන්ත්‍රණකාරි වැඩපිළිවෙලක් බව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය පවසයි.

ඊයේ(20) දින බෞද්ධ මහා සම්මේලනයේ දී පැවැත් වූ පුවත්පත් සාකච්ඡාවක් මගින් සභාපති හිටපු නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රා වාකිෂ්ඨ මහතා විසින් එට්කා විරෝධී මහජන පෙත්සම අත්සන් කිරීමේ ක්‍රියාවලිය ප්‍රකාශයට පත්කරනු ලැබීය.

"ඉන්දියානු ආක්‍රමණයේ මාර්ග සිතියම - එට්කා අවසන් සැතපුම" කෘතිය පිළිගැන්වීම සඳහා ඊයේ දින ජාතක සංවිධාන කොමියුනිස්ට් පක්ෂයේ නායකයන් මුණ ගැසී ඇති බව වාර්තා වේ.

ජනපතිගේ කාලය දිගුකර ගැනීමේ සංශෝධණයක් සරල බහුතරයෙන් සම්මත කරලා කතානායක අත්සන් කලොත් අධිකරණය ඉදිරියේ අභියෝග කල නොහැකි නිසා මැතිවරණ සිතියම සදා කාලයට අතුරුදහන් කිරීමේ අවධානමක් මේතුල තිබෙනවා’ යයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා පනතක් ගැසට් කර ඇත්තේ රටේ ස්ත්‍රී දූෂණ සහ ළමා අපචාර ප්‍රචලිත කිරීම සඳහා බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේමහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.


දේශීය පුවත්

හරක් කටා මාධ්‍ය අමතයි... ටිරාන් අලස්ට, දේශබන්දුට බරපතල චෝදනාවක්

පාතාල නායකයෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා, හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ වැඩ තහනම් කරන ලද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ඉල්ලා සිටි බව කියන රුපියල් මිලියන 300 ක අල්ලසක් ගෙවීම ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලයක් ලෙස තමන් තංගල්ලේ රඳවාගෙන සිටින බවට චෝදනා කර තිබේ.

කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකයක් ඉදිකිරීම ගැන ශ්‍රී ලංකා රජය විරෝධය පළ කරයි..

ශ්‍රී ලංකා රජය, පදනම් විරහිත ජන සංහාර චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන අතර කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කර බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.

අත්අඩංගුව ගන්න එපායැයි ඉල්ලා මහින්දානන්ද අපේක්ෂිත ඇප අයැදුම්පතක් ගොනුකරයි..

තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීම නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පතක් ගොනු කර ඇත.

යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් සමඟ වෙසක් පොහෝ දින අට සිල් සමාදන් වූ උපකුලපතිවරයා..

යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා වන මහාචාර්ය ශ්‍රී සත්ගුණරාජ් මහතා වෙසක් පොහෝ දින විශ්ව විද්‍යාල සිසුන් සමඟ අට සිල් සමාදන් වී තිබේ.

රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?

මේ වන විට දිවයින පුරා පැපොල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, රෝගය වැළැක්වීමට උපකාරී වන වරිසෙල්ලා එන්නත දැනට රජයේ රෝහල් ගබඩාවල නොමැති බව වාර්තා වේ.

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත කරන්නැයි ඉල්ලු පෙත්සම සලකා බලන්න දින දෙයි..

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම තහවුරු කිරීම සඳහා ජුනි මස 26 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

ඡන්දේ කාලේ කුඩු බෙදූ විපක්ෂයේ අය හෙළිකරන්නැයි චතුරංග අබේසිංහට කියයි..

නි. අමාත්‍ය චතුරංග අබේසිංහ පසුගිය මැතිවරණ සමයේ සිය පාක්ෂිකයන්ට මත්ද්‍රව්‍ය ලබාදුන් සියලු විපක්ෂ සාමාජිකයන්ගේ නම් හෙළිකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසයි.

ආනයන වියදම 11.1% කින් ඉහළට..

මේ වසරේ (2025) පළමු මාස තුනේදී ශ්‍රී ලංකාවේ මුළු වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම සියයට 11.1කින් ඉහළ ගොස් ඇත.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.