News Category
From Date
To Date
Maximum Number of Result

රණවිරු දඩයම... ඛෙදුම්වාදී මාර්ග සිතියම... ආර්ථිකය බිඳ වැට්ටවීම... QUAD වටලෑම අබියස චීන රුසියානු භූමිකාව කුමක් ද? චීන විරෝධයේ යටිපෙළ කුමක් ද? විද්වත් කතිකාව අද (10) සවස 3.30 ට කොළඹ 08, බොරැල්ල, එන්. එම්. පෙරේරා මාවතේ සුගීෂ්වර ශාලාවේදි ආරම්භ විය.

නේපාලයේ අද වන විට ඇතිවී තිබෙන වතාවරණය පිළිබඳව බරපතල කනස්සල්ලක් ඇති බවත්, නේපාලය, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව යන රටවල් මෙම ඊනියා අරගලවලින් පසු කිසිදු යහපත් සමාජ-දේශපාලනික හෝ ආර්ථික තත්වයක් අත්කර ගෙන නොමැත.

මෙවර ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ 60 වන සැසිවාරය සඳහා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් කෙටුම්පත් කෙරේ.

මේ වන විට නේපාලයේ Gen-Z නම් සංවිධානය මගින් රටේ පාලනය අත්පත් කරගෙන ඇතැයි එරටින් ලැබෙන මාධ්‍ය වාර්තා පවසයි. නේපාලය පුරාම පැතිර යන දැඩි ප්‍රචන්ඩ ක්‍රියා හේතුවෙන් හිටපු අගමැති ජලානාත් ඛානල්ගේ බිරිඳ වන රබි ලක්ෂ්මි චිත්‍රකාර් මහත්මිය බරපතල පිළිස්සුම් තුවාල ලබා මියගොස් ඇති බව වාර්තා වේ. ඩල්ලු හි පිහිටි ඔවුන්ගේ නිවසට විරෝධතාකරුවන් ගිනි තැබීමෙන් හේතුවෙන් ඇයගේ මරණය සිදුව තිබේ.

ඊයේ(08) ප්‍රංශ පාර්ලිමේන්තුවේ පැවති තීරණාත්මක විශ්වාසභංග යෝජනාවකින් අගමැති ෆ්‍රැන්කොයිස් බයිරූ පරාජයට පත්වීමෙන් පසු ප්‍රංශ රජය බිඳ වැටී ඇත.

ඊයේ(08) පැවති ගැටුම්වලින් අවම වශයෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් 200 කට වැඩි පිරිසක් තුවාල ලැබීමෙන් පසු නේපාල රජය ප්‍රමුඛ සමාජ මාධ්‍ය යෙදුම් සහ පණිවිඩ සේවා 26 ක් සඳහා පනවා තිබූ තහනම ඉවත් කර ඇතැයි වාර්තාවේ.

අපේ රටේ බොහෝ වෙලාවට රෝගින් ගේ ජීවිත බේරගන්න වෙන්නේ රෝගියා රෝහලට ගෙනාවාට පසු අඩු ගානේ යුද්ධය පවතින කාලයේ පවා ඒ ස්ථානයට ගිහිල්ලා මූලික ප්‍රතිකාර කලේ නැති බවයි.

විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා ඊයේ ජිනීවා නුවරදී රටට එරෙහිව ඉදිරිපත් වුණු යෝජනා පිළිනොගැනීම සම්බන්ධයෙන් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටු ලේකම් යසස් ධර්මදාස මහතා අප වෙත අදහස් දක්වමින්, "ඊයේ විදේශ ඇමති විජිත හේරත් මහතා ජිනීවා මලපුඩුවට පය නොතැබීම පිළිබඳව ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ සතුට ප්‍රකාශ කරන්නෙමු.

මූලික සාකච්ඡා වලදී එකඟතාවයට පැමිණි ආකාරයට සමගි ජන බලවේගය සහ විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂ සමග අඛණ්ඩව ඉදිරියටත් කටයුතු කරගෙන යාමට එක්සත් ජාතික පක්ෂය තීරණයකට එළඹ සිටී.


දේශීය පුවත්

රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..

රුසියාවේ තටාර්ස්තාන් ප්‍රදේශයේ තෙල් පිරිපහදුවක් පිහිටා ඇති නිශ්නෙකාම්ස්ක් නගරයේ කාර්මික සහ සිවිල් ඉලක්ක වෙත යුක්රේනය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් 39 දෙනෙකු තුවාල ලබා ඇති බව එම නගරයේ නගරාධිපති රද්මීර් බෙලියාව් පවසයි.

මාළිගාවත්තේ වෙඩි තැබීමකින් කංජිපානිගේ බාප්පා මරුට..

කොළඹ මාලිගාවත්ත, සංඝරාජ මාවත ප්‍රදේශයේදී අද සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..

කෘෂිකර්ම, පශු සම්පත්, භූමිය සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා වෙත විශේෂ විවෘත ආයාචනයක් යොමු කරමින්, ජාතික මෘග සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමට ගෙන ඇති යෝජනාව වහාම නැවත සමාලෝචනය කරන ලෙස 'කෘෂි අරගල ව්‍යාපාරය' ඉල්ලා සිටියි.

සලේගේ පෙත්සමට අදාළ අතරමැදි පෙත්සම් සලකා බැලේ..

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සමට අදාළ අතරමැදි පෙත්සම් අද (10) අභියාචනාධිකරණය හමුවේ යළි සලකා බැලිණි.

"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්

ඉරානය සමග පවතින දීර්ඝකාලීන යුධමය තත්ත්වය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ අතිනවීන ගුවන් ආරක්ෂක සහ ප්‍රහාරක මිසයිල තොග දැඩි ලෙස ක්ෂය වී ඇති බැවින්, මෙම යුද්ධය වහාම අවසන් කළ යුතු බව ප්‍රකට ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශාරද මහාචාර්ය ජෝන් මියර්ෂයිමර් (John Mearsheimer) අවධාරණය කරයි.

මහානායක හිමිවරුන් ජනපතිට යැවූ ලිපිය ප්‍රසිද්ධ කරන්න - දිනන දකුණ සාමූහිකය..

ත්‍රෛනිකායික මහානායක හිමිපාණන් වහන්සේලා විසින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද බව කියන ලිපිය වහාම මාධ්‍ය වෙත නිකුත් කර ප්‍රසිද්ධියට පත් කරන ලෙස "දිනන දකුණ සාමූහිකය" ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට අභියෝග කරයි.

විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස වැඩි වුණා කියලා ජනතාවගේ බඩ කට පිරෙනවද?.. ආදායම් වැඩි වෙනවද?.. දුප්පත්කම තුරන් වෙනවද? - සජිත් ප්‍රේමදාස

විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස වැඩි කිරීමෙන් ජනතාවගේ බඩකට පිරීමක්, ආදායම් මාර්ග වැඩිවීමක් හෝ දුප්පත්කම තුරන් වීමක් සිදු නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඩොල්ෆින් සුළි කුණාටුව නිසා චීනයේ මිලියනයක් ආරක්ෂිත ස්ථාන වෙත..

මෙම වසරේ චීනයට කඩා වැදුණු ප්‍රබලම නිවර්තන කුණාටුව වන ඩොල්ෆින් සුළි කුණාටුව, ඊයේ පස්වරුවේ චීනයේ නැගෙනහිර වෙරළ තීරයට කඩා වැදිණි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.