News Category
From Date
To Date
Maximum Number of Result

2024 පැවැත්විය යුතු රුසියානු ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා රුසියාව පුරා ඡන්ද මධ්‍යස්ථාන සූදානම් කර ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසයි. ඡන්ද විමසීම එළඹෙන ඉරිදා(17) සිට දින තුනක් පුරා පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ මුහුදු තීරයේ ධීවර කටයුතු කිරීමට ඉන්දියානුවන්ට අවසර දෙන ලෙස ඉදිරිපත් වූ ඉල්ලීම අමාත්‍ය ඩග්ලස් දේවානන්ද විසින් ප්‍රතික්ෂේප කිරීම උතුරේ ජනතාව විසින් අගය කරන බවට පළවූ වාර්තා පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලනය යටතේ පවතින සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ 2022 වසර සඳහා ගෙවීමේදී සෙසු සාමාජිකයන්ට සියයට නවයකුත් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවය කරන සාමාජිකයන්ට සියයට 29කුත් ගෙවීම මගින් ශ්‍රී ලංකා මහ බැංකුව මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට නිගමනය කරන තීන්දුවක් නිකුත් කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී යුතුකම ජාතික සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා ඊයේ (14දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලනය බිඳ වැට්ටවීමට ප්‍රධාන කුමන්ත්‍රණකරුවා වන්නේ එවක ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා බව හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා සඳහන් කරයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ආණ්ඩුවට සම්බන්ධ ජනතා නියෝජිතයන්ට සංඝ ආඥාවක් නිකුත් කර තිබේ.

ආර්ථික සහ දේශපාලනික අර්බුදය තුළ ජනවරමට පිටුපාමින් නැවත නිවැරදි කරගත නොහැකි ලෙස රට විදේශීය ආධිපත්‍යයට යටත් කිරීම, ආර්ථික මරමස්ථාන විකුණා දැමීම වහාම නැවැත්විය යුතු බවට, මහ නායක හිමිවරුන්ගේ අනුශාසනා පිළිගත යුතු බවට පක්ෂ විපක්ෂ සියලු දෙනාට දැනුම් දීම සඳහා පැවැත්වෙන ත්‍රෛනිකායික විශේෂ ජාතික මහා සඟ සමුළුව මේ වන විට කැලණිය, නාමල්වත්ත මහා විහාරීය සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වේ.

ජාතික ජන බලවේග පාලනයක් යටතේ මෙරට ණය අර්බුදය විසඳීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා කරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි.

එට්කා ගිවිසුම මතුපිටින් බැලූ විට හුදු වෙළෙඳ ගිවිසුමක් ලෙස පෙනුනද මෙය භූ දේශපාලනික න්‍යායපත්‍රයක් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

දෙවන පරපුර විසින් සංවිධානය කරනු ලබන 'ඉන්දීය 19 වැනි ආක්‍රමණයත් පරදවමු' යන මැයෙන් කොළඹින් දළදා හාමුදුරුවෝ අභියසට දැවැන්ත රථ පෙළපාලියක් හෙට (මාර්තු 15) දිනයේ පැවැත්වීමට කටයුතු සූදානම්කර තිබේ.


දේශීය පුවත්

හරක් කටා මාධ්‍ය අමතයි... ටිරාන් අලස්ට, දේශබන්දුට බරපතල චෝදනාවක්

පාතාල නායකයෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා, හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ වැඩ තහනම් කරන ලද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ඉල්ලා සිටි බව කියන රුපියල් මිලියන 300 ක අල්ලසක් ගෙවීම ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලයක් ලෙස තමන් තංගල්ලේ රඳවාගෙන සිටින බවට චෝදනා කර තිබේ.

කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකයක් ඉදිකිරීම ගැන ශ්‍රී ලංකා රජය විරෝධය පළ කරයි..

ශ්‍රී ලංකා රජය, පදනම් විරහිත ජන සංහාර චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන අතර කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කර බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.

අත්අඩංගුව ගන්න එපායැයි ඉල්ලා මහින්දානන්ද අපේක්ෂිත ඇප අයැදුම්පතක් ගොනුකරයි..

තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීම නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පතක් ගොනු කර ඇත.

යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් සමඟ වෙසක් පොහෝ දින අට සිල් සමාදන් වූ උපකුලපතිවරයා..

යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා වන මහාචාර්ය ශ්‍රී සත්ගුණරාජ් මහතා වෙසක් පොහෝ දින විශ්ව විද්‍යාල සිසුන් සමඟ අට සිල් සමාදන් වී තිබේ.

රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?

මේ වන විට දිවයින පුරා පැපොල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, රෝගය වැළැක්වීමට උපකාරී වන වරිසෙල්ලා එන්නත දැනට රජයේ රෝහල් ගබඩාවල නොමැති බව වාර්තා වේ.

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත කරන්නැයි ඉල්ලු පෙත්සම සලකා බලන්න දින දෙයි..

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම තහවුරු කිරීම සඳහා ජුනි මස 26 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

ඡන්දේ කාලේ කුඩු බෙදූ විපක්ෂයේ අය හෙළිකරන්නැයි චතුරංග අබේසිංහට කියයි..

නි. අමාත්‍ය චතුරංග අබේසිංහ පසුගිය මැතිවරණ සමයේ සිය පාක්ෂිකයන්ට මත්ද්‍රව්‍ය ලබාදුන් සියලු විපක්ෂ සාමාජිකයන්ගේ නම් හෙළිකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසයි.

ආනයන වියදම 11.1% කින් ඉහළට..

මේ වසරේ (2025) පළමු මාස තුනේදී ශ්‍රී ලංකාවේ මුළු වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම සියයට 11.1කින් ඉහළ ගොස් ඇත.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.