News Category
From Date
To Date
Maximum Number of Result

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එළිදැක් වූ 'ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය' පොතට අනුව 2022 දී අන්තර්ජාතික අනුග්‍රහය මත පාලන තන්ත්‍රය වෙනස් කළ බව කියන සැලසුමකින් ශ්‍රී ලංකා ජනාධිපති ධුරයෙන් ඔහුව නෙරපා හැර ඇති බව හෙළිකර ඇති පසුබිමක, මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය X පණිවිඩයක් නිකුත් කරමින්, විදේශ තානාපතිවරුන් ශ්‍රී ලංකාවේ හමුදා සමග ගනුදෙනු කිරීමට සිදුකෙරෙන සංචාර සීමා කළ යුතු බවට හිටපු ජනාධිපතිවරයාගේ එහි දැක්වෙන යෝජනාව පිළිබඳව ප්‍රශ්න කර ඇත.

මෙරටට එරෙහිව ක්‍රියාත්මක වන ඉන්දියානු ආක්‍රමණය පරාජයට පත්කිරීම සදහා සකලවිධ වූ සියලු බලවේග ඒකරාශී වියයුතු බවත්, ඉන්දියානු රජය සමග වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡා වට ගණනාවක් පවත්වා ඇති බව හා එහි ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට රටට අහිතකර ආර්ථික, ආරක්ෂක හා වෙළෙඳ ගිවිසුම් ගණනාවක් අත්සන් කරමින් පවතින බවත් ඒකාබද්ධ ජනතා ක්‍රියාකාරී සභාවේ සමකැඳවුම්කරු නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා පවසයි.

ජාත්‍යන්තර බලවේග ඡන්දයෙන් තේරී පත්වූ ජනාධිපතිවරයකු ව්‍යවස්ථා විරෝධී ලෙස බලයෙන් නෙරපාහැරීමේ කුමන්ත්‍රණයට විවෘතව සහාය දුන් බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මුල්වරට අනාවරණය කළේය.

පොදු ව්‍යාපාර පිළිබඳ කමිටු සභාපති ධූරය සඳහා ඉදිරිපත් වී ඡන්ද විමසීමෙන් පරාජයට පත්වීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැහැදිලි කිරීමක් කරයි.

කැනඩාවේ අගනුවර වන ඔටාවා හි ශ්‍රී ලාංකිකයින් බවට හඳුනාගත් පවුලක 6 දෙනෙකු ඝාතනය කර තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පවා අවධානයට ලක්වීමට සහ "ශ්‍රී ලංකාව මූල්‍ය වහල්භාවය පවතින රටක්!" ලෙස අවමානයට ලක් වීමට හේතු වූ "ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය වෙළඳපොළ" පාලනය කිරීමට "ශ්‍රී ලංකා ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය" නමින් ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත, "ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ සිරවුණු මෙරට පවුල් විසිඅට ලක්ෂයට කිසිදු ප්‍රතිලාභයක් සලසා නොදෙතත් ක්ෂුද්‍ර මූල්‍ය වෙළඳපොළ තුළ ක්‍රියාත්මක මහා සමාගම් පහ හයක් ශක්තිමත් කරන බවට ලක්මව දියණියෝ කාන්තා සංවිධානයේ සභාපතිනිය, හිටපු පළාත් සභා මන්ත්‍රීයේ ප්‍රියංගා කොතලාවල මහත්මිය චෝදනා කළාය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රචිත 'ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය' ග්‍රන්ථය අද (07) මෙරට ප්‍රධාන පෙළේ පොත් අලෙවිසැල්වලට නිකුත් කෙරිණි.

ඉදිරි මැතිවරණවලදී සන්ධානගතවීම පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චම්පික රණවක සහ අනුර ප්‍රියදර්ශන යන මහත්වරුන් පෙරේදා (05දා) රාත්‍රී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

2022 වසරේ සේවක අර්ථ සාධක අරමුදලට 9%ක ප්‍රතිලාභ දෙද්දී මහ බැංකුව තමන්ගේ සේවකයන් සඳහා 29.27% ප්‍රතිලාභ ගෙවාගෙන ඇති බවත්, මහ බැංකු අධිපතිවරයා ලබාදුන් තොරතුරු අනුව 2022 වසරේ දී සේවක අර්ථ සාධක අරමුදල ආයෝජනය කර ලැබූ ආදායමෙන් සියලු වියදම් පියවා, රජයේ බදු ගෙවා, සේවක ප්‍රතිලාභය වූ 9% ගෙවා දැමූ පසු තවදුරටත් බිලියන 21ක් ඉතුරු වී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.


දේශීය පුවත්

හරක් කටා මාධ්‍ය අමතයි... ටිරාන් අලස්ට, දේශබන්දුට බරපතල චෝදනාවක්

පාතාල නායකයෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා, හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ වැඩ තහනම් කරන ලද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ඉල්ලා සිටි බව කියන රුපියල් මිලියන 300 ක අල්ලසක් ගෙවීම ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලයක් ලෙස තමන් තංගල්ලේ රඳවාගෙන සිටින බවට චෝදනා කර තිබේ.

කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකයක් ඉදිකිරීම ගැන ශ්‍රී ලංකා රජය විරෝධය පළ කරයි..

ශ්‍රී ලංකා රජය, පදනම් විරහිත ජන සංහාර චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන අතර කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කර බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.

අත්අඩංගුව ගන්න එපායැයි ඉල්ලා මහින්දානන්ද අපේක්ෂිත ඇප අයැදුම්පතක් ගොනුකරයි..

තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීම නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පතක් ගොනු කර ඇත.

යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් සමඟ වෙසක් පොහෝ දින අට සිල් සමාදන් වූ උපකුලපතිවරයා..

යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා වන මහාචාර්ය ශ්‍රී සත්ගුණරාජ් මහතා වෙසක් පොහෝ දින විශ්ව විද්‍යාල සිසුන් සමඟ අට සිල් සමාදන් වී තිබේ.

රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?

මේ වන විට දිවයින පුරා පැපොල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, රෝගය වැළැක්වීමට උපකාරී වන වරිසෙල්ලා එන්නත දැනට රජයේ රෝහල් ගබඩාවල නොමැති බව වාර්තා වේ.

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත කරන්නැයි ඉල්ලු පෙත්සම සලකා බලන්න දින දෙයි..

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම තහවුරු කිරීම සඳහා ජුනි මස 26 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

ඡන්දේ කාලේ කුඩු බෙදූ විපක්ෂයේ අය හෙළිකරන්නැයි චතුරංග අබේසිංහට කියයි..

නි. අමාත්‍ය චතුරංග අබේසිංහ පසුගිය මැතිවරණ සමයේ සිය පාක්ෂිකයන්ට මත්ද්‍රව්‍ය ලබාදුන් සියලු විපක්ෂ සාමාජිකයන්ගේ නම් හෙළිකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසයි.

ආනයන වියදම 11.1% කින් ඉහළට..

මේ වසරේ (2025) පළමු මාස තුනේදී ශ්‍රී ලංකාවේ මුළු වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම සියයට 11.1කින් ඉහළ ගොස් ඇත.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.