News Category
From Date
To Date
Maximum Number of Result

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ මෙරට නියෝජිතයින් අතර එම අරමුදලේ යෝජනා පිළිබඳව සාකච්ඡාවක් අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත් වේ.

පලාගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ 'ජනාධිපති ධූරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය' කෘතිය පිළිබඳව ප්‍රකාශයක් කරමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටු ලේකම් යසස් ධර්මදාස මගතා ලංකා ලීඩ් වෙබ් අඩවියට පවසා සිටියේ එම පොත අසම්පූර්ණ බවය.

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉවත්වූ අවස්ථාවේ අජිත් දෝවාල් සහ ලංකාවේ සිටි 'රෝ' ප්‍රධානියා මහින්ද රාජපක්ෂ වෙනුවට බැසිල් රාජපක්ෂ පත්කරන්නැයි ගෝඨාභය රාජපක්ෂ මහතාට තදබල පීඩනයක් එල්ල කළ බව ජානිපෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉදිරි මැතිවරණ කටයුතු සඳහා සහයෝගය ලබා දෙන්නේද යන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අදහස් අනුව ඉදිරියේදී තීරණය කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දී ඇත.

සමගි ජන බලවේග සහ ජාතික ජන බලවේගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමග ජනාධිපතිවරයා විසින් කැඳවු සාකච්ඡාව සඳහා සහභාගී නොවන බව වාර්තා වෙයි.

මේ වන විට පාර්ලිමේන්තුවේ සභාගත කර ඇති සහ දෙවන වර කියවීමට නියමිත යුනෙස්කෝ කොමිසම් පනත මගින් ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ආයතන පද්ධතිය හරහා මෙහෙයවනු ලබන ගෝලීය ආණ්ඩුකරණ ක්‍රියාවලියේ ගොදුරක් බවට පත්වන බව ජාතික සංවිධාන කියයි.

මහ බැංකු සේවකයන්ට සියයට හැත්තෑවකින් වැටුප් වැඩි කිරීම රජය ආපස්සට හරවා නොගතහොත් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ අනෙක් කණ්ඩායම් ද මෙම වැටුප් වැඩි කරවා ගැනීමේ අරගලකාරී උත්සහයක නිරත වීමේ සාකච්ඡා අභ්‍යන්තර මට්ටමින් සිදු කරමින් සිටින බව ‘ඉරිදා මව්බිම’ පුවත්පත වාර්තා කර ඇත.

පවතින ආර්ථික අපහසුතා හේතුවෙන් තවත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරු තිදෙනෙක් සිය ධුරවලින් ඉවත් වී විදෙස්ගත වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක් කිරීම ප්‍රධාන පෙළේ තානාපති කාර්යාල දෙකක් සැලසුමක සිටින බවත්, දැනට එම සැලසුමත් සැලකිය යුතු මට්ටමින් සාර්ථක වී ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.


දේශීය පුවත්

හරක් කටා මාධ්‍ය අමතයි... ටිරාන් අලස්ට, දේශබන්දුට බරපතල චෝදනාවක්

පාතාල නායකයෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා, හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ වැඩ තහනම් කරන ලද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ඉල්ලා සිටි බව කියන රුපියල් මිලියන 300 ක අල්ලසක් ගෙවීම ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලයක් ලෙස තමන් තංගල්ලේ රඳවාගෙන සිටින බවට චෝදනා කර තිබේ.

කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකයක් ඉදිකිරීම ගැන ශ්‍රී ලංකා රජය විරෝධය පළ කරයි..

ශ්‍රී ලංකා රජය, පදනම් විරහිත ජන සංහාර චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන අතර කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කර බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.

අත්අඩංගුව ගන්න එපායැයි ඉල්ලා මහින්දානන්ද අපේක්ෂිත ඇප අයැදුම්පතක් ගොනුකරයි..

තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීම නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පතක් ගොනු කර ඇත.

යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් සමඟ වෙසක් පොහෝ දින අට සිල් සමාදන් වූ උපකුලපතිවරයා..

යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා වන මහාචාර්ය ශ්‍රී සත්ගුණරාජ් මහතා වෙසක් පොහෝ දින විශ්ව විද්‍යාල සිසුන් සමඟ අට සිල් සමාදන් වී තිබේ.

රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?

මේ වන විට දිවයින පුරා පැපොල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, රෝගය වැළැක්වීමට උපකාරී වන වරිසෙල්ලා එන්නත දැනට රජයේ රෝහල් ගබඩාවල නොමැති බව වාර්තා වේ.

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත කරන්නැයි ඉල්ලු පෙත්සම සලකා බලන්න දින දෙයි..

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම තහවුරු කිරීම සඳහා ජුනි මස 26 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

ඡන්දේ කාලේ කුඩු බෙදූ විපක්ෂයේ අය හෙළිකරන්නැයි චතුරංග අබේසිංහට කියයි..

නි. අමාත්‍ය චතුරංග අබේසිංහ පසුගිය මැතිවරණ සමයේ සිය පාක්ෂිකයන්ට මත්ද්‍රව්‍ය ලබාදුන් සියලු විපක්ෂ සාමාජිකයන්ගේ නම් හෙළිකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසයි.

ආනයන වියදම 11.1% කින් ඉහළට..

මේ වසරේ (2025) පළමු මාස තුනේදී ශ්‍රී ලංකාවේ මුළු වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම සියයට 11.1කින් ඉහළ ගොස් ඇත.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.