News Category
From Date
To Date
Maximum Number of Result

ශ්‍රි ලංකාවේ රුසියානු තානාපති ලිවාන් දගාරියන් මහතා සමඟ ඩේලි මිරර් පුවත් පතේ(2024 පෙබරවාරි 08 )මාධ්‍යවේදී කැළුම් බණ්ඩාර මහතා කළ සම්මුඛ සාකච්ඡාවේ සිංහල පරිවර්තනය

තමලු මලින්ත පියදිගම විසින් “මාක්සියානු ආර්ථික කතිකාවේ අසාර්ථකත්වය - දස් කපිටාල් කෘතිය ගැන විමසුමක්” කියලා පොතක් ලියලා. තවමත් ඒක කියවපු නැති හින්දා මට ඒ ගැන අදහසක් කියන්න අමාරුයි. ඒත් නූතන අර්ථශාස්ත්‍රය ගැන නම් වචනයක් දෙකක් කියන්න බැරිකමක් මට නෑ.

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ඇතුළු කණ්ඩායමක් පහුගිය 05 වෙනිදා ඉන්දීය රජයේ විශේෂ ආරාධනාවකට අනුව ඉන්දියාවේ සංචාරයක් ආරම්භ කළා.එතනදී ඉන්දිය විදේශ ඇමති එස් ජයශංකර් හමුවෙලා තිබුණා.ඉන්දීය විදේශ අමාත්‍යවරයාට අමතරව විදේශ ලේකම්,ආරක්ෂක උපදේශක ඇතුළු ඉහල පෙළේ ඉන්දීය බලධාරීන් පිරිසක් හමුවෙලා තිබුණා.

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා ශක්තිමත් කෙරෙන නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් තැබීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ තායිලන්ත අග්‍රාමාත්‍ය ස්‍රෙතා තවිසින් මහතා ඉදිරියේ ඉකුත් 03 වැනිදා සිදුවූ අතර තායිලන්තය අග්නිදිග ආසියාවේ ප්‍රධාන භූමියේ එක්සත් ජනපදයට සිටින එකම ගිවිසුම් සහකරු වශයෙන් ද හඳුනාගත හැකි පසුබිම තුළ තායිලන්තය හා එක්සත් ජනපදය අතර ඇති සහයෝගීතාව සොයාබැලීම කාලීන අවශ්‍යතාවයකි.

ප්‍රධාන ගෝලීය මිලිටරි ගැටුම් හේතුවෙන් ඉහළ යන යුද අවි අවශ්‍යතාවය හේතුවෙන් 2023 මූල්‍ය වර්ෂයේ එක්සත් ජනපදය විදේශීය රාජ්‍යයන්ට ආයුධ අලෙවියෙන් ඩොලර් බිලියන 238ක වාර්තාගත ආදයමක් උපයා ගැනීමට සමත්ව තිබේ. එය පසුගිය වර්ෂයට වඩා සියයට 16 ක ඉහළ යාමක් බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයකින් කියවේ.

පසුගිය ජනවාරි 26 වෙනිදා, ඕස්ට්‍රේලියානුවන් ඕස්ට්‍රේලියානු දිනය සමරනු ලැබූහ. ඔස්ට්‍රේලියානු ජාතික දිනය , ඇමරිකාවේ ජූලි 4 දිනයට හෝ ප්‍රංශයේ බැස්ටිල් දිනයට සමාන වන්නේය.

මිනිසෙකුගේ මරණයකදී සතුටු වීම එතරම් ශිෂ්ඨ ගතියක් නොවේ. දුක් නොවීම වෙනම කතාවකි. සනත් නිශාන්තගේ මරණය සම්බන්ධයෙන් කිව හැක්කේ කුමක් ද ?

මාලදිවයින් රාජ්‍යය ඉදිරි දිනවලදී චීන පර්යේෂණ යාත්‍රාවකට සත්කාරකත්වය සැපයීමට සූදානමින් සිටින බව පසුගියදා මාධ්‍ය වාර්තා කර සිටියේය.

පෞද්ගලික අන්තර්ජාතික පාසල්වල තම දරුවන් සිටින එසේම අනාගතයේදී එම පෞද්ගලික පාසල්වල ප්‍රධානීන් වශයෙන් යෑමට සිටින ජාතික අධ්‍යාපන ආයතනයේ සේවය කරනු ලබන ඇතැම් කිහිපදෙනෙක් නිසා මේ රටේ ලක්ෂ හතලිස් තුනක පමණ දරුවන්ගේ කාලය, මේ රටේ වසර පහක ජාතික ධනය, ලක්ෂ 43 ක දරුවන්ගේ දෙමාපියන්ගේ ධනය ජාතික අධ්‍යාපන ආයතනයේ කිහිප දෙනෙක්ගේ පෞද්ගලික අභිලාෂයන් වෙනුවෙන් වැය කිරීමට සිදුවීම ජාතික අපරාධයක් නොවේද?


ප්‍රධාන පුවත්

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.