News Category
From Date
To Date
Maximum Number of Result

බුදුදහම ආගමක් වන්නේ එය විශාල සංවිධානයක් බවට පත්වීම නිසා නොවෙයි.. එය ආගමක් වන්නේ එහි අන්තර්ගතය හුදු දර්ශනයක් නොවීම මතයි - බුද්ධාගම ආගමක්ද? දර්ශනයක්ද? වීඩියෝවට පිළිතුරක්..

May 14, 2025 at 05:22 PM
|

බුද්ධාගම ආගමක්ද? දර්ශනයක්ද? බෞද්ධ සංස්කෘතියට ගහන අය බෞද්ධ දර්ශනයට ආදරේ ඇයි? යනුවෙන් සඳහන් වීඩියෝව බැලීමෙන් මෙය ලිවීමට සිත්වුණි. මෙහිදී මා සළකා බැලීම කරණු ලබන්නේ දර්ශණයක්ද ආගමක්ද යන්න නිගමනය සඳහා එතුමා භාවිතාකළ නිර්නායකයේ නිරවද්‍යතාවය පිළිබඳවයි.

මෙතුමා විසින් තම අදහස් පැහැදිලිව හා ව්‍යක්තව ඉදිරිපත් කළ ද, ඉදිරිපත් කරන ලද තර්ක රටාවන්හි අංග අසම භාවයක් පෙනී යයි. මුලින්ම, බුදුදහම සංවිධානාත්මක ආගමක් බවට පත් වීම මත එය දර්ශනයක් නොවෙයි යන්න විදහා දක්වයි. එමඟින් බුදුදහම දර්ශනයක් නොවන බවට නිගමනයක් කරයි. කෙසේ වෙතත්, පසුව නම් වගයක් යටතේ කිසිවෙකුගේ දර්ශනයක් පැවතිය බව පිළිගනිමින් එය සාකච්ඡාවට ඇද ගැනේ.

ඊළඟට, කාර්ල් මාක්ස්ගේ දර්ශනයද සංවිධානාත්මක පද්ධතියක් බවට පත්ව ඇති බැවින් එය ද ආගමක් විය යුතුය යන්න මෙතුමාගේ මුලික නිගමනය අනුව සඳහන්කල යුතු උවත් එය දර්ශනයක් බව පවසයි. මෙය තර්ක සංගතියක ගැටළුවක් ඉදිරිපත් කරනාකාරයක් පෙන්නුම් කරයි.

පසුව, දර්ශනය සහ සංස්කෘතිය අතර සබඳතා සාකච්ඡාවට ලක් කරමින්, අවසානයේ බුදුදහම තනි දර්ශනයක් ලෙස හැඳින්වීමක් සිදුවේ. මෙය පුරෝකථනයක සහ අන්‍යෝන්‍යව පිළිගත් විධිමත් නිගමනයක අස්ථාවරභාවයකි. එබැවින්, මෙතුමා ගත් උත්සාහය සලකා බැලීමේදී යම් නිවැරදි කිරීමකට යටත් විය යුතු බව පැහැදිලි වේ.

බුදුදහම ආගමක් වන්නේ එය විශාල සංවිධානයක් බවට පත්වීම හේතුකොට නොවෙයි. එය ආගමක් වන්නේ එහි අන්තර්ගතය හුදු දර්ශනයක් නොවීමයි. දර්ශනයක් සීමාවෙහි තර්ක සහ විචාර පදනම් වන අතර, බුදුදහම පදනම් වන්නේ විශ්වාසය, තර්කය, පරීක්ෂණය, නිරීක්ෂණය සහ අත්දැකීමේ එකමුතු සන්ධානයක් මතය.

බුදුන් වහන්සේ චතුරාර්ය සත්‍යය අවබෝධ කළා පමණක් නොව, ඒවා අත්දැකීමෙන්ද දැක බලා ඇත. එය දැකීමෙන් ලද අවබෝධයකි. සච්ඡක බමුණා යමෙක් මරණින් මතු ඉපදෙන්නේ කොහේද කියා පමණක් ඔහු අභ්‍යාසකළ ඥාණයෙන් දැනගත් නමුදු, බුදුරදුන් උපතක් සිදුවීමට බලපාන්නේ මොනවාද, එය නැතිකරන්නේ කෙසේද ආදියත් බුදු ඇසින් දුටුසේක. එබැවින් බුදුදහම පසුපසින් පැවතියේ විචාරකයන්ගේ මතවාදයක් ලෙස නොව, සජීවී පළපුරුද්දක් සහිත ආකාරයකි. අදද අපට ත්‍රිපිටකය, පට්ඨාන වැනි දේශනා පාඨය හා ශ්‍රවණය මඟින් එය යම් ප්‍රමාණයකට ධර්මය අවබෝධ කරගත හැක. නමුත් බුදුන් වහන්සේ ලබා ගත් බුද්ධත්වය යනු සාමාන්‍ය අවබෝධයකින් ඔබ්බෙහි යන, පුළුල් සහ ගැඹුරු අත්දැකීමකි. එම තත්ත්වය රහත් වහන්සේලාටද විවිධ මට්ටමින් ඇතිවිය හැක.

ඒ අනුව, බුදුදහම යනු තර්කමය දර්ශනයක් පමණක් නොව, අවබෝධය සහ පරික්ෂණාත්මක අත්දැකීම සමග යුත්, ආගමක් ලෙස පැවති හා පවතින සම්භාව්‍ය පද්ධතියකි. මෙය තර්කය හා ආගම අතර සීමාවන් අභිබවා යන විශිෂ්ට උදාහරණයක් ලෙස සැලකිය හැක. එබැවින්, මෙතුමා විසින් බෞද්ධ දර්ශනය සහ බෞද්ධ සංස්කෘතිය අතරින් බෞද්ධ සංස්කෘතිය වඩා උසස් යැයි දැක්වීමට ගත් උත්සාහය වටිනා වුවද, එය තවදුරටත් ගැඹුරු අවධානයකට ලක් විය යුතුය. එසේ නොවුනහොත් බුද්ධාගම දර්ශණයක් ලෙස සඳහන් කරන දෙවන අවස්ථාවේදී බුදු දහමට වැඩිය වටිනාකමක් බෞද්ධ සංස්කෘතියට ලබාදීමෙන් නිවැරදි කල නොහැකි පඹගාලක එතුමාගේ තර්කය පැටලෙනු ඇත. ඒ මන්ද යත් බුදු දහම එකක්වුවද බෞද්ධ සංස්කෘතිය ‍රටින් රටට වෙනස්වෙන බැවිනි.

අවසාන වශයෙන් සඳහන්විය යුත්තේ බුදු දහම හුදු දර්ශණයක් නොව බුදු දහම අන්‍යවූ ආගමකි. එහි සංස්කෘතික විවිධත්වය රටින් රටට වෙනස්වන අතර ඒවා ඒ ඒ සංස්කෘතියට අනන්‍යවේ.

- යසස් ධර්මදාස


සම්බන්ධිත පුවත් | Related News

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) රනිල් වික‍්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක යන දෙදෙනාගේම රජයන්හි ප‍්‍රධානතම ආර්ථික උපදේශකයෙකුගේ භූමිකාව ඉටු කළ බව හා ඉටුකරමින් සිටින බවත්,
2023 ඔක්තෝබර් 07 වැනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලය විසින් හමාස් සංවිධානයට සහ පලස්තීනයට එරෙහිව යුද ප්‍රකාශ කරන ලද අතර මෙම ගැටුම අතරතුර පලස්තීනය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනීසිටියේ ඉරානයයි. පසුගිය දා ඊශ්‍රායලය විසින් ඉරානයට ද ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝකය පුරා දැඩි ව්‍යාකූලත්වයක් නිර්මාණය වී තිබේ.
ලංකාවේ හමුවුණු විශේෂ ඒ වගේම හරිම ආකර්ෂණීය පුරාකෘතියක් ගැන කියන්නයි මේ සටහන වෙන් වෙන්නේ. ඒ වල්ලිපුරම් හෙවත් වැලිපුර රන් සන්නස ගැන. මේ ගොඩාක් අය මේ ගැන අහලත් ඇති. අපේ උරුමය ගැන බොහොම ලස්සනට ලියන Samarasinghe NH මැතිතුමාත් මේ ගැන වරක් මතක් කරල තිබුනා.
මේ අවුරුද්දේ ජනවාරි 18 සහ 19 දවස් දෙක ඇතුලේ රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් 323ක් නීති විරෝධී විදිහට මුදාහරින්න ආණ්ඩුව කටයුතු කළා.ඊට උපදෙස් දුන්නේ ජනාධිපති අනුර කුමාර සහ වරාය ඇමති බිමල් රත්නායක බව කියමින් රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිවේදනය පවා නිකුත් කළා.ඒ වගේම රේගු වෘත්තීය සමිති එකමුතුවෙන් කිව්වේ මේ බහාලුම් ඇතුලේ මත්ද්‍රව්‍ය,අවි ආයුධ,ප්‍රමිතියෙන් තොර බෙහෙත් සුවඳ විලවුන් වර්ග ඇතුළු නීති විරෝධී බඩු ඕනි දෙයක් තියෙන්න පුලුවන් කියලයි.
අද වන විට ඊශ්‍රායලය සහ අමෙරිකා එක්සත් ජනපදය ලෙස රටවල් දෙකක් නොමැති බව පැහැදිලිව දැකගත හැකි බවත්, වර්තමානයේ අමෙරිකාවේ පාලනය හොබවන පිරිස යුදෙව් ක්‍රිස්තියානි මූලධර්මවාදීන් බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
අප තරුණ කළ අපට විෂය වූ මාතෘකා දෙකක් වූයේ වියට්නාමය හා පලස්තීනය. වියට්නාමයට අත නොතබනු පලස්තීනයට ජය වගේ සටන්පාඨ අප අතර ජනප්‍රිය වුණා. මා එකල කී විධියට නම් විශ්වවිද්‍යාල ප්‍රවේශ පන්තියේ සිටි කාලයේ අපට අවුරූදු කිහිපයක් ජ්‍යෙෂ්ඨයකු වූ පාසලේ ආදි ශිෂ්‍යයකු වූ ද අල්ලපු වත්තේ ඉංජිනේරු පීඨයේ ඉගෙන ගත් සමසමාජ පාක්‍ෂිකයකු වූ ද බර්නාඩ් සීසර් පෙරේරා මිහිඳුකුලසූරිය විජෙදෝරු සහෝදරයාගේ මග පෙන්වීම යටතේ අපි සටන් පුවරු ඔසවාගෙන මහා මග ගියා. අප කී දේ නොඅසා ඇමරිකාව වියට්නාමයට අත තැබුවා පමණක් නොව අවසානයේ හෝ චී මින් නගරයක නමක් පමණක් බවට පත් කළා. විජේදෝරු සහෝදරයාත් දැන් නැහැ.
ජනාධිපතිතුමාගේ බදු සතිය ආරම්භයේදීම හර්ෂ ද සිල්වා මහතා මුදල් කාරක සභාවේදී ආණ්ඩුවේ එක් නිලධාරී පිරිසක් සිදු කරන කටයුත්තක් මහත් අගේ කරනු දුටිමි .
කුප්‍රකට සීනි බදු වංචාව පිළිබඳව සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී කිසිදු අපරාධමය වරදක් අනාවරණය වී නොමැති බවට නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන් බව ජනමාධ්‍යයේ සඳහන් විය.
මේ වන විට ගෝලීය වශයෙන් ඇතිවී තිබෙන යුදමය වාතාවරණය මෙන්ම විශේෂයෙන් ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත පැමිණ ඇති නව ලෝක යුධ වාතාවරණය මගින් ශ්‍රී ලංකාවට එල්ලවන අභියෝග පිළිබඳව ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ් මහත්මිය විසින් කරුණු දක්වා තිබේ.

ප්‍රධාන පුවත්

අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)

"ඝන වන මීදුම තුළ සැරිසැරීම: අවට ඇති සියල්ල වෙනස් වන විට තෝරාගත් උපාය මාර්ගම අනුගමනය කළ හැකිද?" යන මාතෘකාව යටතේ SPIEF හි වැල්ඩායි සමාජ වටමේසයේ පළමු සැසියට සහභාගි වෙමින් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා G7 "කුණු කූඩයට" යන ගමනක යෙදී සිටින බව පැවසුවේය.

ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි

බෞද්ධ භික්ෂුණීන්ට සිල් මාතා වෙනුවට භික්ෂුණි යන පිළිගැනීම ලබා දී ජාතික හැඳුනුම්පත් ලබා දෙන ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) රනිල් වික‍්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක යන දෙදෙනාගේම රජයන්හි ප‍්‍රධානතම ආර්ථික උපදේශකයෙකුගේ භූමිකාව ඉටු කළ බව හා ඉටුකරමින් සිටින බවත්,

ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..

2023 ඔක්තෝබර් 07 වැනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලය විසින් හමාස් සංවිධානයට සහ පලස්තීනයට එරෙහිව යුද ප්‍රකාශ කරන ලද අතර මෙම ගැටුම අතරතුර පලස්තීනය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනීසිටියේ ඉරානයයි. පසුගිය දා ඊශ්‍රායලය විසින් ඉරානයට ද ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝකය පුරා දැඩි ව්‍යාකූලත්වයක් නිර්මාණය වී තිබේ.

ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)

ඊශ්‍රායලය නමැති රාජ්‍යයක් මැදපෙරදිග නොතිබුනා නම් ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් නිර්මාණය කිරීමට අමෙරිකාවට සිදුවන බව 1986 දී ජෝ බයිඩන් විසින් ප්‍රකාශකර තිබූ බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි.

ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර

දැනට ටෙහෙරානයේ පැවැත්වෙන BRICS ආශ්‍රිත සමුළුවකට අනෙකුත් රුසියානු විද්වතුන් සමඟ සහභාගී වී සිටින රුසියානු විදේශ ප්‍රතිපත්ති විශේෂඥයෙකු වන ඇඩ්ලාන් මාගෝව්, හමුදා සහ න්‍යෂ්ටික ඉලක්ක වෙත ඊශ්‍රායලය එල්ල කළ විස්මය ජනක ගුවන් ප්‍රහාරවලින් පසු ඉරාන අගනුවර ඇති මනෝභාවය පිළිබඳව පැහැදිළි චිත්‍රයක් ලෝකයට ඉදිරිපත් කරයි.

අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..

වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජාතික සංවිධාන නියෝජිතයින් විසින් ගොනු කරනු ලැබු මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයෙන් උපදෙස් ලබාගෙන කරුණු දක්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජූනි 16) නීතිපතිවරයාට කල් ලබා දුන්නේ ය.

කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිවුණි.

ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ

ඊශ්‍රායලය දියත් කළ "ඔපරේෂන් රයිසින් ලයන්" මෙහෙයුමට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලයේ හයිෆා වෙත පහර දීම සඳහා හජ් කසෙම් ලෙස හඳුන්වන දියුණු නියාමනය කරන ලද බැලස්ටික් මිසයිලයක් භාවිතා කර ඇති බව ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ ස්පුට්නික් පුවත් සේවය වෙත පැවසීය.

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල විශ්‍රාම වැටුප් සහ විශේෂ වරප්‍රසාද අහෝසි කිරීම අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ක්‍රියාකාරී සැලැස්මෙන් ඉවත්කර ඇති බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත හරහා ලබාගත් ලේඛනයකින් පෙනීගොස් තිබේ.

‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්

මේ වසරේ පනවා ඇති බදුවල කිසිදු අඩු කිරීමක් සිදු නොකරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

තමන් දේශපාලන සහ සිවිල් අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ යටතේ අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් අත්අඩංගුවේ රඳවා ගැනීමේ සූදානමක් ඇති බව පිවිතුරු හෙළ උරුමෙන් නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..

මේ වන විට ගෝලීය වශයෙන් ඇතිවී තිබෙන යුදමය වාතාවරණය මෙන්ම විශේෂයෙන් ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත පැමිණ ඇති නව ලෝක යුධ වාතාවරණය මගින් ශ්‍රී ලංකාවට එල්ලවන අභියෝග පිළිබඳව ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ් මහත්මිය විසින් කරුණු දක්වා තිබේ.

ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ

ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ඊයේ(13) ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කළ අතර, එයට ටෙහෙරානය ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයකින් ප්‍රතිචාර දැක්වීය. මේ අතර බටහිර ජෙරුසලම පැවසුවේ මෙම ප්‍රහාර ටෙහෙරානය න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගැනීම වැළැක්වීම අරමුණු කරගත් බවයි.

ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ලකළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවට පළිගැනීමක් ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි

2020 ඔක්තෝබර් 13 වනදා සිට සීනි බද්ධ රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමේ සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී කිසිදු අපරාධමය වරදක් අනාවරණය වී නොමැති බවට නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දුන්නේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.