News Category
From Date
To Date
Maximum Number of Result

විශ්මයජනක නැවත නැගිටීම.. බුර්කිනා ෆාසෝ සහ කපිතාන් ඊබ්‍රාහීම් ට්‍රඔරේ...

May 12, 2025 at 10:53 AM
|

අප්‍රිකාවේ landlocked country  එකක් වශයෙන් පිහිටා ඇති බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ වර්තමානයේ ඇති විශ්මයජනක නැගී සිටීම ගැන කතාව කියද්දී ,එය මෙයට වසර හතළිහකට පෙර ඉතිහාසයේ පුනරාවර්තනයක් දැයි සැක හිතෙන තරමේ සිද්ධියකි..

1963 දී බුර්කිනා ෆාසෝව ප්‍රංශයේ යටත් විජිත භාවයෙන් නිදහස් වූ රාජ්‍යයක් බවට පත් වූවත් එය අනියම් ආකාරයට ප්‍රංශයේ බලපෑමට දිගටම යටත්ව පැවතුණා..

ප්‍රංශ ආරක්ෂක හමුදාවන් එහි රැදී සිටිය අතර  රත්‍රං වලට හිමිකම් කියන රටක් වූ බුර්කිනා ෆාසෝහි ඒවායේ වටිනාකම සූරා ගත්තේ ප්‍රංශ සමාගම්..

රත්තරං ආකර සහිත රටේ ජනතාව දරිද්‍රතාවයේ පහළම තත්වේ ගිලී ජීවත් වුනා..

තම මාතෘ භූමියේ මිනිසුන්ට වන අසාධාරණය පිළිබඳව කම්පාවට පත් වූ 33 හැවිරිදි තරුණ හමුදා නිලධාරියකු වූ කපිතාන් තෝමස් සංඛාරා 1983 ප්‍රංශ ගැති පාලනය පෙරළා දමමින් රටේ පාලනය අල්ලා ගත්තා.. 

ඔහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකුව සිය ග්‍රහණයට හසු කරගෙන තිබූ තම රට  ඉන් මුදවා ගනිමින් එවකට ඔහුට ආධාර කළ ලෝකයේ රාජ්‍ය සමග එකතු වී රට  ඉතාමත් වේගයෙන් දැවැන්ත වෙනසකට භාජනය කරමින් ඉදිරියට ගෙන ආවා..

අධ්‍යාපනය, ජල පහසුකම් ආදිය පිළිබඳ බලවත් ගැටලුවකට මුහුණ දී සිටි තම රටේ ජනතාව වෙනුවෙන් එම මූලික අවශ්‍යතාවයන් ඉටුකරදීම ප්‍රමුඛත්වය කරගත් ඔහු ට සෞඛ්‍ය අංශයෙන් ඉතාමත් පහළ අඩියක සිටි බුර්කිනා ෆාසෝ ජනතාවට ඉහළ සෞඛ්‍ය මට්ටමක් ලබාදීමේ කටයුතුද ඇරඹුවා..

"Land of the upright people" නම් වූ බුර්කිනා ෆාසෝහී ජාතික ගීයේ පද රචනයද ඔහුගේයි... 

එකල ඔහු අප්‍රිකාවේ චේ ගුවේරා නමින්ද හැඳින්වූවා..

රට ගිලගෙන සිටි ප්‍රංශ සමාගම් විසින් සූරා කෑ තම රටේ මුදල් තම රාජ්‍ය වෙත ලබාගැනීමත් සමගම, රටේ තිබුණු ප්‍රංශ යුධ කඳවුරු ඉවත් කිරීමටත් ඔහු උත්සාහ ගන්නවාත් සමගම,

එයින් අපහසුතාවයට පත්වන විදේශ බලවේග රට තුළින්ම ඔහුට එරෙහිව කණ්ඩායමක් ප්‍රවර්ධනය කර  එම විශිෂ්ට අප්‍රිකානු තරුණ  නායකයා වසර හතරක් පමණ කෙටි කාලයක් තුළදී ඝාතනය කරනු ලැබුවා... ඔව්... රටට එතරම් මෙහෙයක් කළ, රටේ ජාතික ගීයේ නිර්මාතෘවරයාව එරටේම මිනිසුන් විසින් ඝාතනය කෙරෙව්වා...

නැවත එම රට  පැරණි බලවත් රාජ්‍යයන්හි සූරා කන ගොදුරක් බවට පත්වුණා.

වසර හතළිහක් එලෙස ගෙවී යද්දි 2022 වසරේදී වසර 40 කට පෙර තිස්තුන් හැවිරිදි 33 හමුදා කපිතාන් වරයෙකු වූ තෝමස් සංඛාරාගේ ආත්මය නැවත ඉපදුනා දැයි සැක හිතෙන ලෙසම ,

තිස් තුන් හැවිරිදි 33 හමුදා කපිතාන් වරයෙකුහි  ඊබ්‍රාහීම් ට්‍රඔරේ බුර්කිනා ෆාසෝහි බලය අත්පත් කරගනු ලැබුවා..

මේ වසර  තුනකට ආසන්න කාලය තුළ ඔහු

විශ්මයජනක ගමනක් අප්‍රිකාව තුළ යමින් සිටිනවා.....

එදා සිය පූර්වගාමියා වූ කපිතාන් තෝමස් සංඛාරා ගිය ගමන නැවත වරක් සිය මව් බිම තුළ ගෙනයමින් කපිතාන් ඊබ්‍රාහිම් ට්‍රඔරේ ලෝකයේම අවධානයට ලක්වෙමින් සිටිනවා..

ප්‍රංශ සමාගම් කිසිවිටෙක රටේ ප්‍රධානම සම්පත වූ රත්‍රං  රට තුළම refine කිරීමේ අවස්ථාව බුර්කිනා ෆාසෝ වෙත ලබාදීමට ඉඩ දුන්නේ නැහැ..

ඔවුන් රත්‍රං මිශ්‍රිත පස් ප්‍රංශයට ගෙන ගොස් ඒවා නිස්සාරණය කිරීමේ කටයුතු  සිදු කරනු ලැබූ අතර  ඒ වෙනුවෙන් බුර්කිනා ෆාසෝ වෙත වසරකටම ලැබුණේ ඩොලර් බිලියන එකක පමණ සුළු මුදලක් පමණයි..

නමුත් මේ තරුණ නායකයා රුසියාවේ ආධාර ඇතිව  එම නිස්සාරණය කිරීමේ කටයුතු සඳහා බුර්කිනා ෆාසෝ හි කම්හල් අරඹා එම මුදල පසුගිය වසර වන විට වසරකට ඩොලර් බිලියන 18 දක්වා වැඩි කරගෙන තිබෙනවා..

ඒවා සියල්ල රටේ සීඝ්‍ර සංවර්ධන කටයුතු සඳහා යොදවමින් සිටිනවා..

බදු රහිත ප්‍රතිපත්තියක් duty free concept  හඳුන්වාදිමින් විදේශ ආයෝජකයන්ට සිය රට විවෘත කිරීමට දැන් ඔහු සූදානම් වෙනවා..

දැනටම ජාත්‍යන්තර සමාගම් වලින් බුර්කිනා ෆාසෝහි සිය සේවාවන් ඇරඹීමට කටයුතු කරනවා..

Elon musk පවා දැන් බුර්කිනා ෆාසෝ වෙත පැමිණීමට සූදානම් වෙනවා.

මේ අතරතුර ඔහුට එරෙහි කුමන්ත්‍රණද රට තුළ ක්‍රියාත්මක වෙනවා..

අසීරුවට අසහනයට පත් බලවත් ජාත්‍යන්තර රාජ්‍යයක් ඔහුගේම හිතවත් හමුදා නිලධාරීන් බිලීබා ගනිමින් ඔහුට එරෙහි කිරීමට ගිය කුමන්ත්‍රණ ඔහුගේ සූක්ෂම බුද්ධිය නිසා මර්දනය කිරීමට හැකි වෙනවා..

ඇමෙරිකානු තානාපති කාර්යාලයේ උපදේශකයෙක්ව සිටිමින්, 

ඊබ්‍රාහීම් ට්‍රඔරිගේ සමීපතම හමුදා නිලධාරියකු හා එක්ව  එම කුමන්ත්‍රණය වූ ඇමෙරිකානු ජාතිකයා සහ ඔහුගේ කණ්ඩායම, 

පෙර කී හමුදා නිලධාරියා හරහාම අල්ලාගෙන ඒ කුමන්ත්‍රණය ලෝකයට හෙලි කිරීමට ඔහු සමත් වෙනවා..

මේ වනවිට රුසියානු නායක පුටින්ගේ ඉතාමත්ම සමීපතම රාජ්‍ය නායකයකු බවට කපිතාන් ඊබ්‍රාහීම් ට්‍රෙරෝරේ පත්ව තිබෙනවා..

ඔහු රුසියාවට ගිය මොහොතේ රුසියානු නායකයා ඔහු සඳහා වෙන්කර ඇති විශේෂ ගුවන් යානය Doomstay ( දින කිහිපයක් උඩුගුවනේ රඳවා ගැනීමට හැකි, සූර්‍ය බලයෙන් චාජ් කිරීමට හැකි ආකාරයේ නව තාක්ෂණයෙන් යුත් ගුවන් යානයක්) ඊබ්‍රාහීම් ට්‍රඔරේ වෙත වෙන් කරනු ලබන අතර ඉතිහාසයේ එවන් අවස්ථාවක් ලැබූ එකම විදෙස් රාජ්‍ය නායකයා ඔහු බව පැවසෙනවා..

එමෙන්ම අප්‍රිකාවේ අනෙක් රාජ්‍ය නායකයන් සහ ජනතාව අතර icon එකක් බවට පත්වෙමින් තිබෙන මේ තරුණ රාජ්‍ය නායකයාගේ ආරක්ෂාව වෙනුවෙන් රුසියාවේ විශේෂතම හමුදා ඒකකයක් වූ Spenatz බලකායේ සෙබල කණ්ඩායමක් ලබා දී තිබීමෙන්ම රුසියානු රාජ්‍ය නායකයා ඔහු වෙත දක්වන සැලකිල්ල හිතාගන්නට පුළුවන්...

එරට කෘෂිකර්මාන්තය දියුණු කිරීමට අවශ්‍ය අතිවිශාල යන්ත්‍රෝපකරණ තොගයක් මේ වන විට ගෙන්වා ඇති අතර රට කෘෂිකාර්මික පැත්තෙන්ද ඉදිකිරීම් පැත්තෙන්ද වේගවත් ඉදිරි ගමනක යෙදෙනවා..

ඔහු එරට සිරකරුවන් සංවර්ධන කටයුතු සඳහා යොදවා ගැනීමට අධිකරණය සමඟ සාකච්ඡා කර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා..

සාමාන්‍ය වැරදි වලට සිරගත වී සිටින සිරකරුවන් මාසයක් කෘෂිකාර්මික හෝ ඉදිකිරීම් සංවර්ධන කටයුතුවල යෙදුන විට ඔහුගේ දඬුවම් කාලයෙන් මාස තුනක් අඩු කිරීමට කටයුතු කර ඇති අතර එම සිරකරුවන් ඉතාමත් උනන්දුවෙන් රටේ සංවර්ධනය සඳහා දැන් සහභාගි වෙමින් සිටිනවා..

මුලදී ඒවා අධීක්ෂණයට නිරතුරුව බන්ධනාගාර නිලධාරීන් සිටියත් දැන් බන්ධනාගාර නිලධාරීන් නොමැතිවම එම කටයුතු ඉතාමත්ම නීතිගරුක සහ නිවැරදි ආකාරයට එම සිරකරුවන් විසින්ම කරමින් සිටීම තවත් විශේෂ ලක්ෂණයක්..

මෙතරම් කාලයකට රටේ සාමාන්‍ය මට්ටමකින් හෝ සංවර්ධනය වී තිබුණේ මහා මාර්ග පද්ධතියේ කිලෝ මීටර 3600 ක් පමණක් වුවත් මේ වසර තුනට ඔහු තවත් කිලෝමීටර් 5000 ක් මාර්ග පද්ධතියට සංවර්ධනය කර එක් කර තිබෙනවා..

අදහාගත නොහැකි දැවැන්ත සංවර්ධනයක් ඉතා කෙටි කාලයකදී ඔහු සිය මාතෘ භූමියට හිමි කරදී තිබෙනවා....

අද ඔහු අනුව යමින් නයිජර්, චාර්ට්, මාලි , ගිනි බිසව් වැනි ප්‍රංශ අධිරාජ්‍යයට යටත්ව තිබූ රාජ්‍යයන් මෙතෙක් ක්‍රම රටවල තිබුණු ප්‍රංශ යුධ හමුදා කඳවුරු ඉවත් කිරීමට කටයුතු කරමින් සිටිනවා..

ඔහුට එරෙහිව ඇති වූ කුමන්ත්‍රණයෙන් පසු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුට ඇමෙරිකාවට පැමිණ සාකච්ඡාවකට ඇරයුම් කරනවා..

මේ ප්‍රතාපවත් තරුණ නායකයා එය ප්‍රතික්ෂේප කරන්නේ මේ මොහොතේ ඔහුට ඇමෙරිකාවට පැමිණීමට නොහැකි බවත් රටේ කටයුතුවලට යෙදීම ඊට වඩා අවශ්‍ය බවත් එය පසුවට කල් දාන බවත් පවසමින්..

ලෝකයේ වෙනත් රාජ්‍ය නායකයකුට ඇමෙරිකානු නායකයාගෙන් ආරාධනයක් ලැබුණා නම් ක්‍රියාකරන ආකාරය දෙවරක් සිතන්නට ඕනෑ නැහැ..

එමෙන්ම සවුදි අරාබිය ඩොලර් බිලියන හතරක ප්‍රදානයක් ඔහුට කිරීමට සූදානම් වන්නේ එම ඩොලර් බිලියන හතරෙන් බුර්කිනා ෆාසෝ තුළ සුපිරි පහසුකම් වලින් යුත් ඉස්ලාම් පල්ලි සෑදීම සඳහායි..

ඉස්ලාම් භක්තිකයෙකු වූ ඊබ්‍රාහීම් ට්‍රඔරේ එය ප්‍රතික්ෂේප කරන්නේ,

 මේ මොහොතේ රටට අවශ්‍ය සංවර්ධන ව්‍යාපෘතිවලට මුදල් යෙදවීම බවත්,

 ඒ නිසා එම මුදල් සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබා දෙනවා නම් ඒ ලබාගන්නා බවත්,

 ඉන් පසුව කාලයකදී එවැනි ආගමික ඉදිකිරීම් කළ හැකි බවත් පවසමින්..

ඔහු පසුගියදා පාප් වහන්සේ සවර්ගස්ථ වූ අවස්ථාවේ ඒ පිළිබඳව නිකුත් කර ඇති ශෝක පණිවිඩය ඔහුගේ පරිණත භාවය සහ ජාත්‍යන්තරයේදී හැසිරීම පිළිබඳ ඉතාමත්ම හොඳ උදාහරණයක්...

ඔහු පශ්චාත් උපාධිධාරියෙක්...

එමෙන්ම ඔහුගේ කතා ඔබට යූටියුබ් එක මාර්ගයෙන් අසන්නට පුළුවන්..

ඒ කිසිම තැනක හෝ එම රටේ අතීතයට බනිමින් සිටින්නේ නෑ..

ඒවා ගැන විවේචනය කරමින් සිටින්නේ නෑ..

ඔහු ඔහු හමුවී ඇති අභියෝගවලට මුහුණ දෙමින් රට ඉදිරියට ගෙන යනවා..

ප්‍රායෝගිකවම වැඩ කරනවා..

එවැනි රාජ්‍ය නායකයින් බුර්කිනා ෆාසෝ රාජ්‍යයට පමණක් නොව ලෝකයටම වාසනාවක්...

බටහිර මාධ්‍ය මෙන්ම ඔවුන්ට පක්ෂපාතී මාධ්‍ය කිසිවක් මේ විශිෂ්ට පෙරළිකාර නායකයා පිළිබඳව තොරතුරු සඳහන් කරන්නේ නැහැ..

සඳහන් කරනවා නම් ඉතාම අඩුවෙන්..

ඔහුගේ ජනප්‍රියතාවය ලෝකයට යාම ඔවුන් රුස්සන්නේ නැහැ...

එදා බුර්නිකා ෆාසෝ රාජ්‍ය නායකයා වූ කපිතාන් තෝමස් සංඛාරා ඝාතනය කරන්නේ 1987 වර්ෂයේ..

අද බුර්නිකා ෆාසෝ රාජ්‍ය නායකයා වූ කපිතාන් ඊබ්‍රාහීම් ට්‍රඔරේ උපදින්නේ 1988 වර්ෂයේ..

මට හිතෙනවා මේ කපිතාන් තෝමස් සංඛාරාගේ පුනරුප්පත්තියක් කියා..

එදා ඔහුට අවසන් කිරීමට නොහැකි වූ කාර්යය අවසන් කිරීමට මෙදා මොහු කැපවී සිටිනවා...

මේ තොරතුරු පිළිබඳව මට පවසමින් ඒවා ගැන සොයා බැලීමට මා යොමු කළ ජ්‍යේෂ්ඨ නීතිඥ රසික බාලසූරිය මහතාට බොහොම ස්තූතියි...

... ලාල් ද අල්විස් ගේ රචනයක් සංස්කරණ සහිතව පළ කරමි...

-උපුටා ගැනීමක්- 



සම්බන්ධිත පුවත් | Related News

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රිනියට චීනයට යන ගුවන් යානයට ගොඩවීමට නොහැකි වූ පුවතක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංවාදයක් නිර්මාණය වී ඇත.
ආන්තවාදයට විරුද්ධව කටයුතු කිරීම ආරම්භ කළේ 2002 වසරේදී එක්තරා ක්‍රිස්තියානි දෙමළ පූජකවරයකු විසින් බුදුපිළිමයක් පාගාගෙන සිදුකළ යාඥා කිරීමක් දැකීමෙන් පසුව බවත්, එදා එය දැක දැඩි කෝපයක් ඇති වූ බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමි විසින් ප්‍රකාශ කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
Born Again ඇදහීම ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වෙන්නේ දශකයකට එකහමාරකට කලින්.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) වගන්තියට අනුව ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් (Impeachment) ගෙන ඒමට පැහැදිලි ප්‍රතිපාදන ඇත.
භාස්කර II (භාස්කරාචාර්ය) යනු බ්‍රහ්මගුප්තගෙන් වසර 500කට පමණ පසු, එනම් ක්‍රි.ව. 12 වන සියවසේදී (ක්‍රි.ව. 1150 දී පමණ) විසූ තවත් ශ්‍රේෂ්ඨ ඉන්දීය ගණිතඥයෙකු සහ තාරකා විද්‍යාඥයෙකි. ඔහු බ්‍රහ්මගුප්ත ඉදිරිපත් කළ මූලික ගුරුත්වාකර්ෂණ අදහස් තවදුරටත් පුළුල් කරමින්, සිය සුප්‍රසිද්ධ “සිද්ධාන්ත ශිරෝමණී” නම් ග්‍රන්ථයේ "ගෝලාධ්‍යාය" නම් පරිච්ඡේදය තුළ මේ පිළිබඳව ඉතා පැහැදිලි විද්‍යාත්මක විග්‍රහයක් සිදු කළේය. සර් අයිසැක් නිව්ටන්ට වසර 500කට පෙර, භාස්කර II විසින් ගුරුත්වාකර්ෂණය සහ ආකාශ වස්තූන්ගේ පැවැත්ම ගැන ප්‍රකාශ කළ ප්‍රධාන කරුණු මෙසේය.
2050 වන විට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහණය සිංහල ජනගහණය අභිබවා යන බවත්, සිංහල ජාතිය මහ ජාතිය ලෙස මෙරට තුළ ජීවත්වන අවසාන සියවස මෙය බවත් මුස්ලිම් පූජකවරයකු විසින් පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
දණපතියන්ගේ කැසිනෝ බදු ඉවත් කර සබන් කැටේ බදු වැඩිකර හාල් මාෆියාව ඇතිකළේ වත්මන් ආණ්ඩුවේම පිරිස බව දේශපාලන වේදිකා තුළ ඇතිවූ කතාබහ ආශ්‍රයෙන් සමාජ මාධ්‍යයේ පළ වූ වීඩියෝවක් පහතින් දැක්වේ.
රනිල් වික්‍රමසිංහ මහතාව බොහෝ දෙනෙකු විශාල ලෙස අපවාදයට ලක්කළ බවත් පහර ගැසූ බවත්, එතරම් අපහාස විඳගත් ජනාධිපතිවරයකු තවත් නොමැති බවත් රංගන ශිල්පී කලන ගුණසේකර පවසයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.