News Category
From Date
To Date
Maximum Number of Result

දැනට ගෙවමින් පවතින්නේ මැතිවරණ සමයයි. සාකච්ඡා, එකඟතා, විරෝධතා යනාදී සියල්ල මතින්, දේශපාලන පොරපිටිය මීළඟ ජනාධිපතිවරයා තීරණය කිරීම සඳහා සකස් වෙමින් පවතී. පසුගිය සතියේ ඉතා තීරණාත්මක දේශපාලන හමුවක් මාධ්‍ය වාර්තා කර තිබුණි. පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්දිරම් ප්‍රමුඛ දෙමළ සන්ධානයේ පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී තිබුණි. මෙම හමුව අවසානයේ සුමන්දිරම් මහතා ඉතා පැහැදිලිව ඉල්ලා සිටියේ , ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහට සහය වීම සඳහා දහතුන් වන ව්‍යවස්ථාව සංශෝධනය ජනාධිපතිවරණයට පෙර ක්‍රියාත්මක කළ යුතු බවයි. පලපුරුදු දේශපාලනඥයෙකු ලෙස, පවතින දේශපාලන තත්ත්වය තම දේශපාලන අරමුණු සඳහා යොදා ගැනීම සුමන්දිරම් මහතාට නුපුරුදු දෙයක් නොවේ.

ආණ්ඩුව විසින් 2024.01.10 දින ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කළ සත්‍ය සෙවීම සහ ප්‍රතිසන්ධාන කොමිසම පනත කෙටුම්පතට එරෙහිව විවිධ පාර්ශ්ව විසින් එල්ල කරනු ලැබූ විරෝධතා සමනය කර ගැනීම සඳහා යොදා ගනු ලැබූ සූක්ෂම එහෙත් දුප්පත් උපක්‍රම මේ වන විට එළිදරව් වී ඇත.

2025 වසරේදී රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් 25000කින් ඉහළ දමනවලු.. වර්ෂයකට දොස්තරලා පන්දාහක් පුහුණු කරන්න වැඩපිළිවෙළක් තියෙනවලු...

ලංකාවේ බොහෝ දෙනා හැත්තෑ වසරක සාපයක් ගැන නිතර කතා කරති. මා දැන් කියන්නට යන්නේ වසර හතලිස් හයකට පෙර ලංකාවට වඩා දරුණු ලෙස දුප්පත්කමින් බැට කෑ, සාගතවලින් මිලියන ගණන් ජනතාව මිය ගිය රටක් වූ චීනය ගැනය. එහෙත් අද ඒ රට වසර හතලිස් හයක් තුළ ලෝකයේ දෙවැනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියමින් මිලියන 800කට වැඩි ජනතාවක් දරිද්‍රතාවයෙන් මුදවා ගැනීමට සමත්ව තිබේ.

ජාතික විද්වද් භික්ෂු සංසදය ප්‍රමුඛ ජාතික සංවිධාන විසින් සම්පාදනය කළ 60 වැදෑරුම් සමාජ සම්මුතිය 'අනාගත ආණ්ඩුවක ප්‍රමුඛතා න්‍යායපත්‍රය' ජනගත කිරීම සහ සියලුම ජනාධිපති අපේක්ෂකයන්ට ඉදිරිපත් කිරීමේ අවස්ථාව 13 වනදා කොළඹ ජාතික පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩල ශාලාවේ දී සිදු විය.

බංගලිදේස කුලප්පුවට අදාළ ආර්ථික පසුබිම පැහැදිළි කරන ලිපි දෙකක් මම ලිව්වා. "හසීනා කියන්නේ සුද්දවන්තියක් නෙවෙයි" කියලා ඒ ලිපි කියවපු මහත්තයෙක් කමෙන්ට් එකක් දැම්මා. ඒ කමෙන්ට් එක සභ්‍ය විදිහට ලියලා නොතිබුණු හින්දා මම ඒක මකලා දැම්මා. හැබැයි ඒ මහත්තයා ඉස්මතු කරපු කාරණය ගැන කතා කරන්න ඕන.

පවතින ව්‍යවස්ථාවේ අපලය කුමක්දැයි ලංකා ලීඩර් සමග සාකච්ඡාවකට සහභාගි වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ නව ව්‍යවස්ථාවකට විරුද්ධව කතාකරන පිරිස් නව ව්‍යවස්ථාව සමග 13 ආරක්ෂා කිරීමට කැපවන කණ්ඩායමක් බවයි.

මේ දිනවල ඇතැම් පක්ෂ පුද්ගලයන් කොවිඩ් මළසිරුරු ආදාහනය කිරීම සම්බන්ධයෙන් ඡන්ද ලබා ගැනීමේ අපේක්ෂාවෙන් මැරුණු මළමිනී නැවතත් ගොඩදාමින් සිටින බව පෙනේ.

බංගලිදේසේ ආණ්ඩුව කරවන වැඩේ මුහම්මද් යූනුස්ට බාරදෙනවාලු. 1996 දී, ඇති කරපු ආකාරයේ ප්‍රධාන උපදේශක තනතුරක් හදලා ඒ වැඩේ කරයි. වර්ණ විප්ලවයේ ඉතුරු ටික එහෙම නාමික නායකයෙක් යටතේ කරගන්න පුළුවන්.


ප්‍රධාන පුවත්

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.