News Category
From Date
To Date
Maximum Number of Result

පසුගිය ජූනි මස 29 දින මාලිමාවේ 'ක්වොන්ටම් ලීප්' දේශණයකදී මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා විසින් එලි දක්වන ලද 'විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්තියේ' අයිතිය පිළිබඳව ඇති සංකූලතාවය පිළිබඳව ප්‍රකාශයක් කරමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක ලේකම් යසස් ධර්මදාස මහතා පවසා සිටියේ මාලිමාව යම්කිසි 'ඉන්ටර්ලෙක්චුවල් ප්‍රොපර්ටි' හොරකමක යෙදී ඇතිදැයි සැකයක් මතුවන බවයි.

ශ්‍රී ලංකා ජනරජය හිමිකම් පෑ සාගර කලාපය ඉන්දියාව විසින් අල්ලා ගැනීමට උත්සාහ දැරීම පිළිබඳව දැඩි ලෙස විරුද්ධත්වය පළකරන බවත්, ලංකාවට අයත් සම්පත් ලංකාවට දැනුම් දීමක් පවා නොමැතිව අත්පත් කරගැනීමට ඉන්දියාව කටයුතු කරමින් සිටන බවත් ශ්‍රී ලංකා හරිත සන්ධානයේ සංඛ චන්දිම අභයවර්ධන මහතා පවසයි.

ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත ඉහළින්ම සම්මතවීම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පෞද්ගලික ජයග්‍රහණයකි. එලෙසම එජාප නායකයාගේ න්‍යාය පත්‍රය තවදුරටත් ක්‍රියාත්මක වීමකි. ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍යවරයා නිවැරදි නම් 2022 ජුලි 20 වැනි දින ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව සම්මත කර ගත් 76 වන පනතයි. ඉදිරි මාස කීපය තුළ සම්මත කර ගැනීමට නියමිත පනත් ගණන 66 කි. ජනාධිපතිවරණයට මාස කීපයකට පෙර රජය සතු වත්කම් සහ ව්‍යාපාර විකිධෑමට දැඩි ලෙස විරුද්ධ බවට පසුගිය මාසයේ ප්‍රකාශයක් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටු පක්ෂයේ) නායක මහින්ද රාජපක්ෂ ද ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පතට තම ඡන්දය දීම වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ජයග්‍රහණයක් නොවන්නේද? වික්‍රමසිංහගේ කැබිනට් මණ්ඩලය නියෝජනය කරන පොහොට්ටු ඇමැතීන් රොත්තම ද එම පනතට ඡන්දය දුන් අතර හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඡන්දය දීමෙන් වැළකීමෙන් අවශ්‍ය සහයෝගය පළ කළේය.

රජය විසින් පත්කරන ලද කමිටුවක් විසින් සකස් කරන ලද නව ජාතික ප්‍රතිපත්ති රාමුව පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණය කාරක සභාව වෙත ඉදිරිපත් කර ඇති බවත්, මෙම නව අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ප්‍රමාණවත් සංවාදයක් රට තුළ තවමත් ගොඩ නැගී නොතිබීම කනගාටුදායක තත්ත්වයක් බවත් මෙම නව අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව පිළිබඳව විග්‍රහයක යෙදෙමින් මොරටුව විශ්වවිද්‍යාලයේ ආචාර්ය නාලක සමරවීර මහතා පවසයි.

යුද්ධය අවසන් වෙනවත් එක්කම මහින්ද විතරක් නෙවී.. රාජපක්ෂ නාමයම දේශප්‍රේමීන් වුනා.. ඒකට ජවිපෙ සහ ජාත්‍යන්තරයේ ලණු කාල මහින්දගෙන් ගේම ඉල්ලපු ෆොන්සේකාත් වගකියන්න ඕනේ.

ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) නායකත්වය දෙන ජාතික ජන බලවේගය සහ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය (සජබ) සමග සැලකිය යුතු විශ්‍රාමික හමුදා සහ පොලිස් සාමාජිකයින් පිරිසක් එකතු වී ඇත. මිට පෙර පැවති කිසිදු ජාතික මැතිවරණයකට පෙර එලෙස විශ්‍රාමික හමුදා සහ පොලිස් සාමාජිකයින් ඒකරාශි කිරීමක් සිදුවී නොමැත

මැයි දින වේදිකාව මත සිට ජවිපෙ දේශපාලන මණ්ඩල සභික ලාල්කාන්ත මහතා විසින් සිදු කළ ප්‍රකාශයක අන්තර්ගතය විකෘති කරමින් මේ දිනවල විවිධ දේශපාලන සංවාද මණ්ඩප ගොඩනැගෙන ආකාරය දැක ගත හැක. ඒ තුළ ඊට පෙර තවත් ජවිපෙ ප්‍රබලයකු වූ නලින් හේවගේ මහතා රූපවාහිනී සංවාදයකදී සිදු කළ ප්‍රකාශයකටද විවිධ අර්ථකථනයන් ලබාදෙන ආකාරය දැකගත හැක. නමුත් නලින් හේවගේ වැනි 1989 වකවානුවේ සැබැවින්ම සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව ගැඹුරු පුද්ගලික අත්දැකීම් අඩු අයෙකුගේ ප්‍රකාශයක් සහ ලාල්කාන්ත වැනි යම් අත්දැකීම් සහිත පුද්ගලයෙකුගේ ප්‍රකාශයක් සමාන තලයක තබා කියවා ගැනීම වරදක් බව ඉතා පැහැදිලිය.

ඇලෙක්සැන්ඩර් ඩුගින් යනු 62 හැවිරිදි රුසියානු ශාස්ත්‍රීය දාර්ශනිකයෙක්. ඔහු රුසියාවේ මොස්කව් නුවර සිය ජීවිතය ගත කිරීමට තෝරාගත් අයෙක්. ඔහු සිය තරුණ අවධියේදී සෝවියට් විරෝධියෙකු හෙවත් "භින්නමතිකයෙකු " ලෙස ප්‍රචලිත වූවෙක්. එහෙත් දැන් ඔහු ලෝකය පුරා විශේෂයෙන්ම ඉංග්‍රීසි මාධ්‍ය තුළ ඔහු වර නැගෙන්නේ "පුටින්ගේ මොළය" ලෙසයි.

ශ්‍රී ලංකාවේ වර්තමානයේ විවිධ අනපනත් වෙනස් කරමින් ඇත්තේය. ඒවා රටට වැඩදායක ද එසේත් නැත්නම් අවැඩ දායක ද යන්න රටට දැනෙන විට සියල්ල සිදුවී හමාරය.


ප්‍රධාන පුවත්

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.