
ත්‍රස්තවාදයේ දේශපාලනය
ජතික ජනබලවෙගයේ යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී එලන්කුමාරන් කරුණානාදන් විසින් නිකුත් කළ මැතිවරණ ප්‍රචාරක ගීතයකින්, ත්‍රස්තවාදී එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන්ගේ නායකත්වය උත්කර්ෂයට නංවා ඇති බව සිවිල් ක්‍රියාකාරිනී ජිහාන් හමීඩ් මහත්මිය විසින් මුහුණු පොතේ සටහනක් තබා තිබේ.
අදාළ සටහන පහළින්...
ජනතා විමුක්ති පෙරමුණ: මහලේකම්තුමන් වෙත,
විෂය: එන්.පී.පී. මන්ත්‍රීවරයාගේ එල්.ටී.ටී.ඊ. හිතවාදී ප්‍රචාරණය පිළිබඳ පැහැදිලි කිරීමක් ඉල්ලා සිටීම
එන්.පී.පී. යාපනය දිස්ත්‍රික්ක මන්ත්‍රී එලන්කුමාරන් කරුණානාදන් විසින් නිකුත් කළ මැතිවරණ ප්‍රචාරක ගීතයකින්,
ත්‍රස්තවාදී එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන්ගේ නායකත්වය උත්කර්ෂයට පත්කරමින්, එල්.ටී.ටී.ඊ මරුදින සෙරමෝනියාවන් (Maaveerar Thuyilum Illam) නැවත ඉදිකිරීම) ඔහු වෙනුවෙන් ලෝහ පිළිමයක් තැනීම, සහ එල්.ටී.ටී.ඊ නායකයන්ගේ නම්වලින් පොදු උද්‍යාන නමකිරීම වැනි අන්තර්ගතය ප්‍රචාරය වෙයි.
මෙම ප්‍රකාශය ඔබගේ පක්ෂයේ නිල මැතිවරණ ප්‍රචාරණය යටතේ සිදුවී ඇති බවක් පෙනෙයි.
මෙය “සංස්කෘතික හවුල” නාමයෙන් සඟවන්නට නොහැක.
මෙය බෙදුම්වාදීන් පෝම් කරන ජාතික ඒකීයතාවයට අභියෝගය කරන දෘෂ්ටිවාදයක පැහැදිලි අනුරූපයකි.
පද පෙළ – ගීතයෙන් (ඉංග්‍රීසි පරිවර්තනය):
O land that yearned for valour,
O soil where Tamil pride has flourished,
The land where history was born and gave the nation its noble leader (Prabhakaran),
In the name of Veluppillai Parvathy Ammal,
A new harbour shall rise and echo our history for a hundred years.
The principles of the National People’s Power and those of the Tamil national leader are one and the same.
A bronze statue of the Tamil national leader shall stand in the land of his birth.
We shall build a memorial hall and move the first resolution in the urban council.
Across all regions, the Maaveerar Thuyilum Illam (LTTE cemeteries) shall be rebuilt and preserved — a duty to be borne by the councils.
No matter how many years pass, the identity of the Tamil people shall endure; and the national party shall uphold it.
අමතරයෙන් දැක්වෙයි:
-නල්ලූර්හි “සංකිලියන් උද්‍යානය” “කිට්ටු උද්‍යානය” ලෙස නම් කිරීම
- ප්‍රභාකරන්ගේ දෙමාපියන් වෙනුවෙන් අනුස්මරණ ශාලාවක් සහ ගුවන් යානා පිටියක් තැනීම
ඔබගේ පක්ෂය වෙත මගේ පැහැදිලි ප්‍රශ්න:
1. මෙම ගීතය සහ අන්තර්ගතය ඔබගේ මධ්‍යම කාරක සභාව හෝ ප්‍රචාරක ඒකකය විසින් අනුමත කළේද?
2. එල්.ටී.ටී.ඊ සුසාන භූමීන් නැවත ඉදිකිරීම සහ ප්‍රභාකරන් පිළිබඳ ස්මාරක ව්‍යාපෘති සම්බන්ධයෙන් ඔබගේ නිල ස්ථාවරය කුමක්ද?
3. එම ගීතය නිකුත් කළ මන්ත්‍රී එලන්කුමාරන්ට එරෙහිව විනයානුකූල ක්‍රියාමාර්ග ගනු ලැබේද?
4. මෙම ගැටළුව තවදුරටත් ගැඹුරු වීමට පෙර, ඔබේ පක්ෂය පැහැදිලි සහ ජාතිකව වගකිවයුතු ප්‍රකාශයක් නිකුත් කරනු ඇතැයි බලාපොරොත්තු විය හැකිද?
ශ්‍රී ලංකාව නැවත ත්‍රස්තවාදයේ මතවාදිකරණයට යටත් කිරීමට කිසිදු පක්ෂයකට බලතලක් නැත!
– ජිහාන් හමීඩ්
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
