News Category
From Date
To Date
Maximum Number of Result

ජවිපෙ උපත අක්මීමනදී සිදු වී අදට වසර 60යි - ජවිපෙ සමාරම්භකයින් දහ දෙනාගෙන් 06ක් හමුවූ පුවත්පත් කලාවේදියෙකු කියන කතාව

May 14, 2025 at 05:39 PM
|

ජවිපෙ උපත සිදු වූයේ හරියටම මෙයට වසර 60කට පෙර අද වැනි දිනෙක 1965 වසරේ මැයි 14 වැනිදාය. අක්මීමන ඩබ්ලිව්. ටී. කරුණාරත්නගේ නිවෙසේ දෙදිනක් පැවැති එම සමාරම්භක සාකච්ඡාවට සාකච්ඡාවට 12 දෙනකු එක්ව සිටියද දෙදෙනෙක් එම මොහොතේම විනය හේතූන් මත කණ්ඩායමෙන්  ඉවත් කළ බැවින් ජවිපෙ ආරම්භ කළ සමාරම්භක සාමාජිකයින් ලෙස සැලකෙන්නේ ඉතිරි  දහදෙනාය. මේ අනුව ජවිපෙ සමාරම්භකයන් 10 නම් රෝහණ විජේවීර, සනත් බොරුළුකැටිය, ඩබ්ලිව්. ටී. කරුණාරත්න, මාබෝලේ මිල්ටන්, සතොස තලගලගේ වෝල්ටර්, ජයරත්න පෙරේරා හෙවත් දෙල්ගොඩ රාජා, හේරත් මුදියන්සේලාගේ තිලකරත්න හෙවත් නේවි තිලක්, ඩබ්ලිව්. ටී. අමරතුංග, තිස්සමහරාමයේ සිරිපාල අබේගුණවර්ධන සහ රුවන්වැල්ලෙ විල්සන් දැදිගමය.

සමාරම්භක සාකච්ඡාවට එක් වූ 12 දෙනාගෙන් 07 දෙනකු ලියුම්කරු ඉකුත්  දශක තුන ඇතුළත ඔවුන්ගේ නිවෙස් වලට ගොස් පෞද්ගලිකව හමුවී සාකච්ඡා කර ඇත. දැනට 2025 ජීවත්ව ඇත්තේ සමාරම්භකයන් 10 දෙනාගෙන් තිදෙනකු පමණි. ජවිපෙ සමාරම්භක සාකච්ඡාවට එක් වූ 12 දෙනාගෙන්  එවකට ජීවතුන් අතර නොසිටි මුණගැසීමට නොහැකිවූ සෙසු 06 දෙනාගේ ඔවුන්ගේ නිවෙස් වලට ගොස් පවුල්වල බොහොමයක් දෙනාද ලේඛකයාට හමු විය. ඒ අනුව ජවිපෙ ආරම්භ කළ අතීත සමාරම්භක සාකච්ඡාව /කතාව  දීර්ඝ ලෙස ඔවුන්  ආවර්ජනය කල අතර එම කරුණු මත මෙම ලිපිය සැකසිණි. (ඔවුන්ගේ නිවෙස් වලටම ගොස් අදාල ඡායාරූප මෙහි අමුණා ඇත)

සමාරම්භක සාකච්ඡාවට එක් වූ 12 දෙනා නම් මාතර, කෝට්ටේගොඩ උපන් පටබැඳිගේ දොන් නන්දසිරි විජේවීර හෙවත් රෝහණ විජේවීර, ගාල්ල - අඟුළුගහ, ගෝනපිනුවල විතානගේ විජයසේන හෙවත් සනත් බොරුළුකැටිය, හැඳල උපන් වැලිතන්ත්‍රිගේ කරුණාරත්න හෙවත් ඩබ්ලිව්. ටී. කරුණාරත්න, වත්තල මාබෝලේ උපන් එච්. ඩී. මිල්ටන් ප්‍රනාන්දු හෙවත් මාබෝලේ මිල්ටන්, තිස්සමහරාමයේ සිරිපාල අබේගුණවර්ධන, දෙල්ගොඩ උපන් රාජපක්ෂ පතිරත්නලාගේ ජයරත්න පෙරේරා හෙවත් දෙල්ගොඩ රාජා, පන්නිපිටිය පොල්වත්තෙ උපන් තලගලගේ දොන් වෝල්ටර් හෙවත් සතොස වෝල්ටර් විජේසිරි, අක්මීමන උපන් ඩබ්ලිව්. ටී. අමරතුංග, රුවන්වැල්ලෙ උපන් විල්සන් දැදිගම, නාවික හමුදාවේ හේරත් මුදියන්සේලාගේ තිලකරත්න හෙවත් නේවි තිලක්, රත්නපුරේ උපන් තෙල්ගේ බියුටි චන්ද්‍රා ප්‍රනාන්දු හෙවත් රණසිංහආරච්චිගේ චන්ද්‍රා රණසිංහ හෙවත් තෙවරාතන්ත්‍රිගේ බියුටි චන්ද්‍රා  ප්‍රනාන්දු හෙවත් ටී. බී. සී ප්‍රනාන්දු සහ කොළඹ සරසවියේ දෙවුන්දර මුතුමාලය. 

අවසන් වශයෙන් නම් සඳහන් ටී. බී. සී ප්‍රනාන්දු සහ කොළඹ සරසවියේ දෙවුන්දර මුතුමාල,  පළමු සාකච්ඡාව නිමා වූ විගසම විජේවීර විසින් කණ්ඩායමෙන් විනය හේතුන් මත නෙරපා හරින ලදී. ඒ 12 දෙනාගෙන් පස්දෙනෙක් කෞරව කුලයටත්, පස්දෙනෙක් ගොවිගම කුලයටත්, අනෙක් දෙදෙනාගෙන් එක් අයකු බැගින් දේව සහ බත්ගම කුලයටත් අයත් බව පසුකාලීනව හෙළි විය. 

ඒ අනුව  ජවිපෙ සමාරම්භකයන් 10 වන්නේ රෝහණ විජේවීර, සනත් බොරුළුකැටිය, ඩබ්ලිව්. ටී. කරුණාරත්න, මාබෝලේ මිල්ටන්, සතොස තලගලගේ වෝල්ටර්, ජයරත්න පෙරේරා හෙවත් දෙල්ගොඩ රාජා, හේරත් මුදියන්සේලාගේ තිලකරත්න හෙවත් නේවි තිලක්, ඩබ්ලිව්. ටී. අමරතුංග, තිස්සමහරාමයේ සිරිපාල අබේගුණවර්ධන සහ රුවන්වැල්ලෙ විල්සන් දැදිගමය. 

විනය හේතුන් මත කණ්ඩායමෙන් නෙරපා හරින ලද  සමාරම්භක   සාකච්ඡාවට සහභාගි වූ දෙදෙනා වූයේ ටී. බී. සී ප්‍රනාන්දු සහ කොළඹ සරසවියේ දෙවුන්දර මුතුමාලය.

මේ සාකච්ඡාවට ප්‍රථමයෙන් සාකච්ඡා වට ගණනාවක් විවිධ තරාතිරමේ පුද්ගලයන් රැසක් සමඟ විජේවීර කොළඹ සහ අම්බලන්ගොඩ පවත්වා තිබිණි. අම්බලන්ගොඩ බොහෝ සාකච්ඡා පැවැතියේ කළුවඩුමුල්ල පන්සලේය. එවකට එහි විහාරාධිපති පටබැඳිමුල්ලෙ බුද්ධ ශ්‍රී නාහිමියන්ය. වාමාංශික සහ බෞද්ධ ප්‍රබෝධයේ උන්වහන්සේ පුරෝගාමියෙකි. පන්සලේ ආවතේවකරුවන් වූ ඩේවිඩ් සහ පාවුල් විසින් විජේවීරලාගේ මේ සාකච්ඡා පැවැත්වෙන අවස්ථාවන්හිදී බොහෝ සහාය දුන් දෙදෙනෙකි. ඒ සාකච්ඡාවන්ට ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවේ කම්කරු සමිති උප සභාපති කඹුරුගමුව කොටුවෙල උපන් ලුණුමෝදරගේ දිනෝරිස් හෙවත් සිරිල් දිසානායක ද ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්යාල කාර්යාධිකාරි සංගමයේ ලේකම් අම්බලන්ගොඩ උපන් ගුස්තිඤ්ඤ වඩු පියසිරි ගුණරත්න හෙවත් සරත් ගුණදාසද, අඟුළුගහ උපන් දොඩන්දූව, වළමුල්ල ගමේ ජීවත්වූ ගුරුවරයෙකු වූ ගෝනපිනුවල විතානගේ විජයසේන හෙවත් සනත් බොරළුකැටිය ඇතුළු කිහිපදෙනෙක් එක්ව සිටියහ.

වසර 1965 මැයි 13 වැනිදා යූනියන් පෙදෙසේ, සයිවර් කඩයකින් තෝසේ සහ වඩේ සමඟ රාත්‍රී ආහාරය ගෙන ඔවුහු මරදාන දුම්රියපළට ගොස් වෙන වෙනම ප්‍රවේශ පත්‍ර මිලදී ගත්හ. රාත්‍රී තැපැල් දුම්රියෙන් ගාල්ලට පැමිණීමෙන් පසු අලුයම තෙක් එම කණ්ඩායම ගාල්ල, සමනල පාලම අසල රැගෙන ආ ගමන්මලු හිසට තබාගෙන පැය තුනක පමණ නින්දකට වැටිණි. එදින වෙසක් පොහොය බැවින් වන්දනාවේ යන නඩයක් සේ පිටතට පෙනිය යුතු යැයි විජේවීර මුලදීම පිරිසට උපදෙස් දී තිබිණි.

අලුයම හිරු උදාවෙත්ම මහ මෝදර රෝහලට ගොස් එහි නේවාසික හෙදියක ලෙස සේවය කරන තම පාසල් මිතුරියක් වූ තමරා හෙදිය හමුවිය යුතු යැයි කියා සිටි විජේවීර, විෂබීජනාශක දියරයක් සහ පුළුන් ප්‍රමාණයක් ඇයගෙන් ලබාගත යුතු බව කියා සිටියේය. එහෙත් ඇය එදින සේවා මුරය අවසන් කර ගොස් ඇති බැවින් විෂබීජ නාශක ලබාගැනීමට හැකි වූයේ ගාල්ලෙ ෆාමසියකිනි.

ඉන්පසු ඔවුන් ගාල්ලෙන් තේ බී අක්මීමන, ඉහළගොඩ, කුරුඳුවත්තෙ කරුණාරත්නගේ නිවෙසට යෑම සඳහා උදෑසන අටට පමණ තල්ගම්පළ බලා යන බස් රථයට ගොඩ විය. දෙහිදූව හන්දියෙන් නිවෙසට යන විට පෙරවරු නවය පමණ විය. නිවෙසට ගිය ඔවුන් පිළිගනු ලැබුවේ කරූගේ දෙමාපියන්ය. උදෑසන ආහාරයට ලුණු මිරිස් සමඟ කිරිබත් ද පොල් පැණි යොදා සාදන ලද ඉඹුල් කිරිබත් ද නිවෙසේ සූදානම් කර තිබිණි. නිවෙසේ හිමිකරු කරූගේ පියා වූ වැදිතන්ත්‍රිගේ තේමිස් අප්පුහාමි 1899 උපන් අතර ඒ වන විට 66 හැවිරිදි වියේ පසු විය. කලක් රාජකීය හමුදාවේ සිවිල් අංශයේ සේවය කළ ඔහු පසුව අබේගුණසේකර හෙවත් පැටි මහත්තයාගේ බස්රථ සමාගමේ රියැදුරෙකු වශයෙන්ද කටයුතු කළ අයෙකි. පසුව ඉන් ඉවත්ව ගොවිතැන ප්‍රධාන වෘත්තිය කරගෙන ජීවත් විය. ඔහුගේ බිරිඳ වත්තල හැඳල උපන් ආදාහෙට්ටිගේ ඉන්ද්‍රාවතී පෙරේරා වූ අතර එම දෙපළට දරුවන් දහදෙනෙකි. ඉන් හතක් පිරිමි දරුවන් වූ අතර තුනක් ගැහැනු දරුවන්ය. පසු කලෙක ජවිපෙ මුල් පෙළේ නායකයෙක් වූ ඩබ්ලිව්. ටී. කරුණාරත්න එම දෙපළගේ සිවුවැනි දරුවා විය.

ජවිපෙ ආරම්භක සාකච්ඡාව 1965 වසරේ මැයි 14 වැනිදා උදෑසන ආහාරයෙන් පසු ආරම්භ වූ අතර කරූගේ නිවෙසේ සාලයේ පැදුරු එළාගෙන සාකච්ඡාව පැවැතිණි. එකල දේශපාලන තත්ත්වය ගැනත්, වාමාංශික ව්‍යාපාරය ගැනත් බොහෝ කරුණු රෝහණ විජේවීර විසින් සහභාගිවන්නන්ට පහදා දෙන ලදී. චීන සහ කියුබන් විප්ලව ගැනද එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර; ශ්‍රී ලංකාව සඳහා මාක්ස් ලෙනින්වාදී විප්ලවීය සංවිධානයක් ගොඩනැඟීමට එහිදී තීරණය විය. 

විප්ලවීය සංවිධානයේ සාමාජික චර්යාධර්ම වශයෙන් දුම්පානය සහ මත්පැන් පානය මනස විකෘති කරන අතර; අනවශ්‍ය වියදමක්ද දරන්නට සිදුවන බව විජේවීර කියා සිටියේය. එමෙන්ම ප්‍රේම සබඳතා මඟින් විප්ලවීය ජීව ගුණය බොඳවී අනවශ්‍ය කාලයක්ද වැයවී විප්ලවවාදී පක්ෂයේ රහස් සතුරා අතට පත්විය හැකි බව අවධාරණය කළ අතර එවැනි දෙයින් බැහැරවිය යුතු බව විජේවීර කියා සිටියේය. 

මෙහිදී මරදාන, පන්සල පාරේ නේවාසිකව සිටි කොළඹ සරසවි සිසුවකු වූ දෙවුන්දර මුතුමාල ඒ ගැන ප්‍රශ්න කළ අතර; එම තීරණය දරදඬු බවද කියා සිටියේය. එම තීරණ පිළිගැනීමට තමාට නොහැකි හෙයින් ගෞරවාන්විතව ඉවත්ව යන බව මුතුමාල කියා සිටියේය. සෙසු අයගේ ඉල්ලීම මත දිවා ආහාරය තෙක් රැඳි සිටි ඔහු ප්‍රථම දිනයේදීම යෝජිත විප්ලවවාදී පක්ෂයෙන් ඉවත්ව ගියේය. ශන්මුගදාසන්ගේ ලංකා කොමියුනිස්ට් පක්ෂයේ පාණදුරේ කණ්ඩායමෙන් දේශපාලනයට ප්‍රවේශ වූ දෙවුන්දර මුතුමාලගේ පියා ගුරුවරයෙකි. දෙහිවල වෛද්‍ය පාරේ තරුණියක සමඟ එකල ඔහුගේ ප්‍රේම සබඳතාවක් විය. එමෙන්ම වැඩිම මිලක් වන සිගරැට්ටුවක් වන ‘ආඩත්‘ද ඔහු පානය කළේය. ශන්මුගදාසන්ගේ ලංකා කොමියුනිස්ට් පක්ෂයේ පාණදුරේ කණ්ඩායමෙන් එක්වූ තවත් අයකු වූයේ ටී. බී. සී. ප්‍රනාන්දුය. රත්නපුරේදී උපන් ඔහු පාණදුර, සුමංගල විදුහලේ ආදි සිසුවකු වූ අතර ඔහු එකල පුහුණු ගුරුවරයෙකි. පාණදුර කණ්ඩායමේ 15ක් පමණ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයන් ශන්මුගදාසන් සමඟ සිටි අතර ඔවුහු මාක්ස්වාදී දැනුම සහිත අය විය.

උදෑසන 10ට ආරම්භ වූ සාකච්ඡාව දිවා ආහාරයට මොහොතක් නතරකොට පසු දින අලුයම 4 තෙක් පැවැතිණි. පසු දින යළි උදෑසන නවයට සාකච්ඡාව ඇරැඹිණි. ශ්‍රී ලංකාවේ භූගෝලීය සිතියමක් මඟින් කරුණු පැහැදිලි කළ විජේවීර මේ යන ක්‍රමය යටතේ තරුණ පරපුරට අනාගතයක් නැති බව එහිදී අවධාරණය කළේය. සමනල කන්දෙන් පැන නඟින බොහෝ ජල මූලාශ්‍ර රට වටා ගොස් අවසානයේ මහමුහුදට ගලා බසින බව පෙන්වා දුන් විජේවීර කෘෂි ආර්ථිකයක් තුළ රට ගොඩනඟන හැටි අපූරුවට පැහැදිලි කළ බව ඊට එක් වූවෙක් පැවැසීය. වසර දහයකින් ශ්‍රී ලංකාවේ බලය නව විප්ලවීය සංවිධානයට ලබාගත හැකි බව රෝහණ විජේවීර සපථ කළ බව කියයි.

සාකච්ඡාව පස්වරු 12ට පමණ නිමාවට පත් වූයේ සහභාගිවූ සියලු දෙනා ලාංකේය විප්ලවය වෙනුවෙන් සිය සම්පූර්ණ ශක්තියම ජීවිත පරදුවට තබා කැප කරන බවත් මොනයම් හෝ අවස්ථාවකදීවත් කිසිවකු පාවා නොදෙන බවටත් වූ ප්‍රතිඥාව එක හඬින් කියවමිනි. පසුව අදාළ ලියවිල්ලකට සියලු දෙනාම සිය රුධිර බිඳකින් අස්සන් කළේය. ඒ සඳහා උපයෝගී කරගත්තෙ කරුණාරත්නගේ නිවසේ මිදුලේ තිබූ දෙහි ගසක කට්ටකින් සුළැඟිල්ල පසාරු කිරීමෙන් ආ රුධිරයයි. කරූගේ නිවෙසට එන විට ගාල්ලෙ ෆාමසියකින් විජේවීර මිලදී ගත් විෂබීජ නාශක දියරය පුලුන් කෑල්ලක පොඟවා සුළැඟිල්ල පිස දැම්මේය. එම ලිපිය පසු කලෙක සුරැකිව තබාගෙන සිටියේ බණ්ඩාරගම පදිංචි ආදායම් බදු දෙපාර්තමේන්තුවේ සේවය කළ වෙල්ගමය. එහි පිටපතක් තිළිණයක් ලෙස මවෙතද ලැබිණි.

දිවා ආහාරයෙන් පසු එහි සිටි තවත් අයකු අද්දර ගෙවත්තෙ හිමිකරු අල්විස්ගේ දියණිය පත්මලතාට සිය ලිපිනය කොළ කැබැල්ලක ලියා දුන් බව දුටු මාබෝලෙ මිල්ටන් සියලු දෙනාට ඇසෙන පරිදි කීවේ ඉදිරියේ එය විප්ලවයට එරෙහි වීමක් ලෙස හඳුන්වමිනි. ඒ සාකච්ඡාවෙන් පසු විප්ලවවාදී සංවිධානයෙන් ටී. බී. සී ප්‍රනාන්දුද ඉවත් කරන ලදී. ඒ අනුව  ජවිපෙ සමාරම්භකයන් 10 වන්නේ රෝහණ විජේවීර, සනත් බොරුළුකැටිය, ඩබ්ලිව්. ටී. කරුණාරත්න, මාබෝලේ මිල්ටන්, සතොස තලගලගේ වෝල්ටර්, ජයරත්න පෙරේරා හෙවත් දෙල්ගොඩ රාජා, හේරත් මුදියන්සේලාගේ තිලකරත්න හෙවත් නේවි තිලක්, ඩබ්ලිව්. ටී. අමරතුංග, තිස්සමහරාමයේ සිරිපාල අබේගුණවර්ධන සහ රුවන්වැල්ලෙ විල්සන් දැදිගමය.

සාකච්ඡාවට එක්වී සිටි බදුල්ලෙ උපන් හේරත් මුදියන්සේලාගේ තිලකරත්න හෙවත් නේවි තිලක් ඒ වන විට වැලිසර කඳවුරේ සේවය කළේය. ත්‍රිකුණාමල කඳවුරේ සේවය කරමින් සිටියදී ශන්මුගදාසන්ගේ දේශපාලන පන්තියකදී ඔහු විජේවීර දැනහඳුනාගෙන තිබිණි. වඩා උස නැති එහෙත් ප්‍රතාපවත් දේහයක් සහිත නේවි තිලක් දක්ෂ රගර් සහ වොලිබෝල් ක්‍රීඩකයෙකි. හේලිස්හි සේවය කළ කම්කරුවකු වූ රුවන්වැල්ලෙ විල්සන් දැදිගම ද වෘත්තිය සමිති ක්‍රියාකාරිකයකු වූ අතර ඔහු විජේවීරට එක්වූයේ ශන්මුගදාසන්ගේ සමිතිය හරහායි. 

වරාය තාක්ෂණික අංශයේ සේවය කළ රාජපක්ෂ පතිරණලාගේ ජයරත්න පෙරේරා හෙවත් දෙල්ගොඩ රාජා දෙල්ගොඩ, කඳුබොඩ පදිංචි අයෙකි. 1957 කොමියුනිස්ට් පක්ෂයේ වරාය එක්සත් සේවක සමිතියට එක්වූ ඔහු පසුව ශන්මුගදාසන්ගේ පක්ෂයට එක්වී ඉන් ඉවත්ව විජේවීරට සහාය දැක්වීය. කොළඹ, කොච්චිකඩේ කම්කරු සාකච්ඡාවකදී 1964 වසරේදී තමා විජේවීර දැනහඳුනාගත් බව රාජා ලියුම්කරුට කීවේය. රාජාට අයත් ඊඑන් 90130 සහ 1 ශ්‍රී 7765 යතුරුපැදි ජවිපෙ ආරම්භයේදී බොහෝ කටයුතුවලට යොදාගෙන තිබිණි. විජේවීරගේ සොහොයුරා වන ආනන්ද, ඔරුගොඩවත්තෙ කාර්මික විදුහලේ ඉගෙනුම් කටයුතු සඳහා යන සමයේ වසර එකහමාරක් පමණ නතර වී සිටියේ රාජාගේ නිවෙසේය. විජේවීර ද තෙමසක් පමණ වරෙක සිටියේ එම නිවෙසේය. හිත හොඳ අවංක පුද්ගලයකු ලෙස ප්‍රකට රාජා පසුකලෙක ජවිපෙන් ඉවත් වුවද අවසානය දක්වා විජේවීරට ළැදි පුද්ගලයකු ලෙස ඔහු සමඟ වූ සම්බන්ධය පවත්වාගෙන ගියේය.

මේ සාකච්ඡාවට සහභාගිවූ අයගෙන් විජේවීර ඉල්ලා සිටියේ පක්ෂයේ අරමුණු ප්‍රචලිත කිරීම සඳහා පූර්ණකාලීනව කැපවන ලෙසය. එහි ප්‍රතිඵලයක් ලෙස එවකට ශන්මුගදාසන්ගේ පක්ෂයට අයත් වරායේ සමාජවාදී එක්සත් කම්කරු සමිතියේ සහකාර පාලක ලේකම් ලෙස කටයුතු කළ අමරතුංග දියතලාව කහගොල්ල විවේකාශ්‍රමයේ සේවය කරමින් සිටියදී නව විප්ලවවාදී සංවිධානයේ සබඳතා ප්‍රවර්ධනයට දායක විය.

.

පන්නිපිටිය, පොල්වත්තෙ උපන් වෝල්ටර් තලගල සතොස මෝටර් රථ තාක්ෂණ ශිල්පියෙකි. ඔහුගේ පියා ද සතොසේ සේවය කළ චන්ද්‍රමාන වූ අතර මව ගුරුවරියකි. ශන්මුගදාසන්ගේ පක්ෂය හරහා විජේවීරට එක්වූ වෝල්ටර් 71 කැරැල්ලෙන් පසු ජවිපෙ සබඳතා අත්හැරියේය.

ජවිපෙ සමාරම්භක සාමාජිකයන් 10 දෙනාගෙන් 71 අප්‍රේල් කැරැල්ල වන විට විජේවීරට ඉතිරිව සිටියේ 7 දෙනෙක් පමණි. ඉන් දෙදෙනෙක් කැරැල්ලේදීම මිය ගිය අතර; ඔවුන් වන්නේ කඩවත පොලිසියට එල්ල කළ ප්‍රහාරයේදී මිය ගිය මාබෝලේ මිල්ටන් හා ගෝනපිනුවල සනත්ය. කැරැල්ල අරඹන විට සනත් ජවිපෙ දෙවැනි නායකයා විය.  2025 වන විට ජීවත්ව සිටින්නේ තිදෙනෙකි. (වසර 1986 සිට 1990 දක්වා පැවති 60,000ක් ඝාතනය වූ ජවිපෙ 2වැනි කැරළි සමය පිළිබඳව Dharman Wickremaretne ධර්මන් වික්‍රමරත්න විසින් රචිත 'ජවිපෙ 2වැනි කැරැල්ල' ග්‍රන්ථ 03 පිළිබඳ වැඩි විස්තර අවශ්‍ය වන්නේනම් 071 2733986 යන WhatsApp දුරකථනයෙන් විමසිය හැකිය).

- ධර්මන් වික‍්‍රමරත්න විසිනි











සම්බන්ධිත පුවත් | Related News

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රිනියට චීනයට යන ගුවන් යානයට ගොඩවීමට නොහැකි වූ පුවතක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංවාදයක් නිර්මාණය වී ඇත.
ආන්තවාදයට විරුද්ධව කටයුතු කිරීම ආරම්භ කළේ 2002 වසරේදී එක්තරා ක්‍රිස්තියානි දෙමළ පූජකවරයකු විසින් බුදුපිළිමයක් පාගාගෙන සිදුකළ යාඥා කිරීමක් දැකීමෙන් පසුව බවත්, එදා එය දැක දැඩි කෝපයක් ඇති වූ බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමි විසින් ප්‍රකාශ කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
Born Again ඇදහීම ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වෙන්නේ දශකයකට එකහමාරකට කලින්.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) වගන්තියට අනුව ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් (Impeachment) ගෙන ඒමට පැහැදිලි ප්‍රතිපාදන ඇත.
භාස්කර II (භාස්කරාචාර්ය) යනු බ්‍රහ්මගුප්තගෙන් වසර 500කට පමණ පසු, එනම් ක්‍රි.ව. 12 වන සියවසේදී (ක්‍රි.ව. 1150 දී පමණ) විසූ තවත් ශ්‍රේෂ්ඨ ඉන්දීය ගණිතඥයෙකු සහ තාරකා විද්‍යාඥයෙකි. ඔහු බ්‍රහ්මගුප්ත ඉදිරිපත් කළ මූලික ගුරුත්වාකර්ෂණ අදහස් තවදුරටත් පුළුල් කරමින්, සිය සුප්‍රසිද්ධ “සිද්ධාන්ත ශිරෝමණී” නම් ග්‍රන්ථයේ "ගෝලාධ්‍යාය" නම් පරිච්ඡේදය තුළ මේ පිළිබඳව ඉතා පැහැදිලි විද්‍යාත්මක විග්‍රහයක් සිදු කළේය. සර් අයිසැක් නිව්ටන්ට වසර 500කට පෙර, භාස්කර II විසින් ගුරුත්වාකර්ෂණය සහ ආකාශ වස්තූන්ගේ පැවැත්ම ගැන ප්‍රකාශ කළ ප්‍රධාන කරුණු මෙසේය.
2050 වන විට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහණය සිංහල ජනගහණය අභිබවා යන බවත්, සිංහල ජාතිය මහ ජාතිය ලෙස මෙරට තුළ ජීවත්වන අවසාන සියවස මෙය බවත් මුස්ලිම් පූජකවරයකු විසින් පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
දණපතියන්ගේ කැසිනෝ බදු ඉවත් කර සබන් කැටේ බදු වැඩිකර හාල් මාෆියාව ඇතිකළේ වත්මන් ආණ්ඩුවේම පිරිස බව දේශපාලන වේදිකා තුළ ඇතිවූ කතාබහ ආශ්‍රයෙන් සමාජ මාධ්‍යයේ පළ වූ වීඩියෝවක් පහතින් දැක්වේ.
රනිල් වික්‍රමසිංහ මහතාව බොහෝ දෙනෙකු විශාල ලෙස අපවාදයට ලක්කළ බවත් පහර ගැසූ බවත්, එතරම් අපහාස විඳගත් ජනාධිපතිවරයකු තවත් නොමැති බවත් රංගන ශිල්පී කලන ගුණසේකර පවසයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.