විදේශගත LTTE හිතවාදීන් සමග මාර්ගගත ආකාරයට පැවැත්වූ සාකච්ඡාවක් සඳහා සිරිල් ගාමිණී පියතුමා සහ තවත් පියතුමන්ලා කිහිපදෙනෙක් එක්ව සිටි බව එහිදී සුරේෂ් සලේට අපහාස වන ආකාරයෙන් ප්‍රකාශ සිදුකර ඇති බව සුරේෂ් සලේ විසින් සොයාගෙන තිබූ බවත් ඒ සම්බන්ධයෙන් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ පැමිණිල්ලක් ද දමා තිබූ බවත් විමල් වීරවංශ මහතා රූපවාහිනී සංවාදයකදී පවසන වීඩියෝවක් සමාජ මාධ්‍යතුළ සංසරණය වේ.
අතීත හෙළයන් යනු භූමියට පමණක් නොව, මහා සාගරයටත් එකසේ බලය පැතුරූ, ලෝකයේම ගෞරවයට පාත්‍ර වූ අතිශය දියුණු ජාතියක්! අපේ ඉතිහාස පොත්වල මේ ගැන සවිස්තරාත්මකව නොතිබුණත්, ලෝකයේ පැරණි ඓතිහාසික වාර්තා, විශේෂයෙන්ම චීන සහ ග්‍රීක ජාතිකයන්ගේ ලියවිලි පරීක්ෂා කිරීමේදී අපට අපේ මුතුන්මිත්තන්ගේ නාවික තාක්ෂණය ගැන අදහාගත නොහැකි තරම් අභිමානවත් තොරතුරු රැසක් අනාවරණය වනවා.
පසුගිය මැයි 28 වැනිදා කොළඹදී පැවැත්වුණු ශ්‍රී ලංකා වුෂු සම්මේලනයේ වාර්ෂික මහා සභා රැස්වීම දැඩි උණුසුම් මුහුණුවරක් ගත් බව වාර්තා වේ. වසර 32ක කාලයක් තිස්සේ වුෂු ක්‍රීඩාවේ පරිපාලනය හසුරුවන නිලධාරී පාර්ශවය විසින් ඉදිරිපත් කරන ලද මූල්‍ය හා අයවැය වාර්තාවල පවතින බරපතල අක්‍රමිකතා හේතුවෙන් සභාව තුළ මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..