කවුද කිවුවෙ ඉගෙනගන්න ඕන කියල රටේ ඉහල තනතුරු දරන්න..ලොකුම සුදුසුකම පක්ෂෙට කඩේ යාමයි, බොක්කු උඩ, කඩපිල්ගානෙ තෙල් බෙදන එකයි..
ජනාධිපති අනුර ප්‍රසිද්ධ මාධ්‍යයේ පුරසාරම් කියලා, බලහත්කාරයෙන් තමන් තනතුර දුන්නා කියපු සංචාරක සංවර්ධන මණ්ඩලයේ බුද්ධික හේවාවසම් තමන්ගේ අස්වීම දීලා ගෙදර ගියා.
මින්පෙර බුද්ධික හේවාවසම්ගේ සුදුසුකම්, කොලිෆිකේෂන්, ජාත්‍යන්තර වැඩ ගැන අනුර මහ ඉහළින් වර්ණනා කළා.
එහෙනම් දැන් ඔහු යද්දි අළුතෙන් එන බුවා ඊටත් වඩා කොලිෆයිඩ් මිනිහෙක් වෙන්න අවශ්‍යයිනෙ.
එම නිසා හොයලා බැලුවා සංචාරක සංවර්ධනයට අලුතෙන් පත්ව එන සභාපති ගැන.
මේ තනතුරට විශාල සුදුසුකම් ප්‍රමාණයක්, සමාජීය අත්දැකීම් සහ විශාල පෞරුෂයක් අවශ්‍යයි.
සාමාන්‍යයෙන් ඩොලර් බිලියන ගණන් වල ආයෝජකයො එක්ක ශ්‍රී ලංකාව වෙනුවෙන් ඩීල් කරන්නේ මේ සභාපති.
මේ සභාපතිට පාරම්පරික ධනවත් හෝටල් හිමියො එක්ක කොන්ද කෙළින් තියන්, ඇස් දිහා බලලා, ෆර්ස්ට් නේම් එකෙන් කතා කරන්න පුළුවන් වෙන්න ඕන.
එම නිසා මේ තනතුරට එන පුද්ගලයා උගත් විය යුතුයි, අත්දැකීම් බහුල විය යුතුයි. එමෙන්ම පෞරුෂයක් තිබිය යුතුයි.
මන්ද සංචාරක ක්ෂේත්‍රයේ ඉන්න පාරම්පරික ධනවතුන් ඉදිරියේ නැවෙන, ඇඹරෙන, ඉංග්‍රීසි බැරි බුවෙකුට මේ තනතුර දරන්න බැහැ. ආයෝජකයො ඉදිරියේ හැසිරෙන්න නොදන්නා පුද්ගලයෙකුට මේ තනතුර දරන්න බැහැ.
අලුතෙන් මේ තනතුරට පත්ව එන පුද්ගලයා සුරංජිත් වෑවිට.
ඔහු ගැන හොයලා බලද්දී, ඔහුගේ ඔහුගේ CV එක ලැබුණා.
එමෙන්ම යූටියුබ් එකේ ඔහුගේ වීඩියෝ කිහිපයකුත් හමුවුණා.
මිත්‍රවරුණි, විශ්වාස කරන්න. ඔහු සංචාරක මග පෙන්වන්නෙක්. සිංහලෙන් කිව්වොත් ගයිඩෙක්.
ඔබගේ සහ මාගේ රටේ ඉදිරියේ දී ආයෝජකයො එක්ක ගණුදෙනු කරන්නේ, හෝටල් හිමියො එක්ක රට වෙනුවෙන් ගණුදෙනු කරන්නේ ටුවර් ගයිඩෙක්.
ඒ විතරක් නෙවෙයි.
ඔහුගේ CV එකට අනුව ඔහුගේ විශේෂ දක්ෂතා, ඇගයුම් රාශියක් තිබුණා.
ඉන් වැඩිම බරක් තිබුණේ කිරි ගොවිතැනට. ඔහු කිරි ගොවිතැනෙන් බොහෝ දේවල් දිනාගත් පුද්ගලයෙක්.
ඔහු ටුවර් ගයිඩෙක් වගේම කිරි ගොවියෙක්!
ඔව්. ඔබ කියෙව්වා හරි. ඔහු කිරි ගොවියෙක්.
ඔහුගේ CV එකේ සුදුසුකම් කිහිපයක් මන් සිංහලෙන් පරිවර්ථනය කළා.
● කුඩා කල සිට කිරි ගොවිපලක වැඩ කර අත්දැකීම් තිබේ.
● කිරි ගොවිතැන සම්බන්ධ අතිරේක නිෂ්පාදන වලින් මධ්‍යම පළාතේ හොඳම කිරි ගොවියා. (අතිරේක නිෂ්පාදන නොහොත් බයි ප්‍රොඩක්ට්ස් ඉංග්‍රීසියෙන් ලියන්නේ by-products කියලා. හැබැයි මෙතුමා CV එකේ ලියලා තිබුණේ Bi Products කියලා)
● තවත් ඒ වගේම වැරදි ඉංග්‍රීසියෙන් ඔහු දක්ෂ කිරිගොවියෙක් බව ඒ CV එකේ ලියා තිබුණා.
කොතරම් සතුටුද ?
ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ සභාපතිව ලෙස පත්ව එන්නේ කිරි ගොවියෙක්. ඒ වගේම ටුවර් ගයිඩෙක්.
මම අහන්නේ සුදුස්සාට සුදුසු තැන දෙන්න මාලිමාවට ඡන්දය දීපු ඔබට දැන් සතුටු නැත්ද ?
විහිළු අමතක කළොත් මේ සුරංජිත් වෑවිට බුවාගේ පසුබිම ගැනත් හොයලා බැලුවා.
ඔහු රැකියාව කරලා තියෙන්නේ ඩිල්මා හිමිකරු, මලික් ෆර්නෑන්ඩුගේ සංචාරක සේවා සපයන ආයතනයක.
එනම් ඔහු මලික් ෆර්නෑන්ඩුගේ ගෝලයෙක්.
ඉදිරියේ දී ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය, මලික් ෆර්නෑන්ඩුට එදිරිව පැවරූ තීරණාත්මක නඩු පහක් අධිකරණයේ දී ඇසෙනවා.
ඉන් එක් නඩුවක් මලික් ෆ්‍රනාන්දුගේ බිරිඳ සහ හිටපු SLTDA සභාපතිනි අධිකරණ තීන්දුවක් ක්‍රියාත්මක නොකර සිටිමෙන් අධිකරණයට අපහාස කිරීමේ නඩුවක්.
තවත් නඩුවක් වන්නේ බිලියන ගණනක් වටිනා මාර්බල් බීච් ඉඩම සම්බන්ධ නඩුව.
යාලේ ඉඩම් දෙකක් අයථා අත්කරගැනීමට එරෙහිවත් නඩු දෙකක් පවතිනවා.
මේ නඩු වල මලික් ෆර්නෑන්ඩු වෙනුවෙන් පෙනී ඉන්නේ මාලිමාවේ නීතිඥයා උපුල් කුමාරප්පෙරුම.
දැන් මේ නඩු සියල්ල සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයාගේ ආස්ථානය ඉතා වැදගත්.
දැන් මලීක් ෆර්නෑන්ඩුගේ ගෝලයා, ටුවර් ගයිඩෙක් වෙච්ච සුරංජිත් වෑවිට මේ නඩු වල දී ලබා ගන්නා ආස්ථානය පිළිබඳවත් අප හොඳින් බලා ඉන්නවා.
උපුටාගැනීම:-
Sachin Rathwatte ✍️ FB සටහනක්
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්