News Category
From Date
To Date
Maximum Number of Result

කොරෝනා මරණ ගාණ හරියට කියන්න බැරි ගෝඨාභය වහා ඉල්ලා අස්වන ලෙස වත්මන් අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර එද‍ා පවසා සිටි ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.

වැලිකඩ බන්ධනාගාරයේ 2012 සිදුවු ඝාතනයට 2022 ජනවාරි මාසයේ දී එතෙක් වැඩතහනමට ලක්ව සිටි, පොලිස් පරික්ෂක නියොමාල් රංගජීව මහතා ගරු අධිකරනයෙන් නිදොස්කොට නිදහස් කරන ලද අතර, වැලිකඩ ඝාතනය හා ,සමාජ මාධ්‍ය අතර පැතිර යන දුටුගැමුණු කඩු කතාව සම්බන්ධයෙන්ද රංගජීව මහතා සිය ෆේස්බුක් ගිනුමේ, මෙසේ සටහනක් තබා ඇත.

ටිල්වින් සිල්වා එදිරිව විමල් වීරවංශ නඩුවේ තීන්දුව ඊයේ ලැබුණා. මේක බුද්ධිමය දේපළ ගැන නඩුවක්. විමල් විසින් ටිල්වින්ට රුපියල් මිලියනයක වන්දියක් ගෙවීමට නියම කළ නඩුවක්. ඒ විතරක් නෙවෙයි, පොත්/ ලිපි/ බ්ලොග් ලියන හැම ලේඛකයෙක්ම අනිවාර්යයෙන් කියැවිය යුතු නඩුවක්.

අපි හැමෝම දන්නා, හැමෝම කන්න ආස චොක්ලට් කියන්නේ කටට කෙළ උනන පැණිරස කෑමක්. හැබැයි, "චොක්ලට් කියන්නේ පැණිරස කෑමක් නෙමෙයි, ඒක ශරීරයට ගුණදෙන ශක්තිජනක ඖෂධීය ආහාරයක්" කියලා මුළු ලෝකෙටම ඔප්පු කරන්න හදන අපූරු තරුණයෙක් අපිට හමුවුණා. ඔහු නමින් සසික සඳරුවන්. වයස අවුරුදු 26ක් වුණු සසික, මොනරාගල, මැදගම ජීවත් වන Gen Z පරපුරේ වෙනස්ම විදියේ වැඩකාරයෙක්.

අධ්‍යාපනය ලැබීමට අත්‍යවශ්‍ය මූලික පහසුකම් පවා අවම මට්ටමක පැවති පසුබිමක, දැඩි කැපවීම සහ උත්සාහය පෙරදැරි කරගනිමින් මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල අත්කර ගැනීමට සේරුවිල ප්‍රදේශයේ පාසල් ශිෂ්‍යාවක් සමත්ව සිටින්නීය.

මඩ සෝදාගත් කළ ගොවියා රජ කමටත් සුදුසු බව ජනාධිපති වීමට පෙර අනුර කුමාර දිසානායක මහතා පැවසූ කතාවක් සහ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ගොවියා රජකමට සුදුසු බව අතීතයේදී පැවසුවේ උඩු නුවර යටිනුවර වංශවත් ගොවීන් පදනම් කරගෙන බව යැයි පැවසූ කතාවත් මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක දක්වා ඇති ආකරය බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව තිබේ.

70 දශකයේ මුල් භාගයේ දිනක ළාබාල තරුණයෙක් දේශපාලන පක්ෂයකට බැඳීම සඳහා අයදුම්පතක් යොමු කළේය.

ආණ්ඩුව අප්‍රේල් මාසයේ සහල් කිලෝ කෝටි 15 ක් ඉන්දියාවෙන් ආනයනය කලා. ඒ පොන්නි සම්බා. කිව්වේ කීරි සම්බාවල මිල බස්සන්න මේ ආනයනය කලා කියලා

ඕෂෝ යනු ලොව පුරා ඉහළ ආකර්ෂණයක් දිනාගත් සේම, විසිවන සියවසේ පහළ වූ වඩාත්ම මතභේදාත්මක සහ විවේචනයට ලක්වූ ආගමික නායකයෙකි. ඔහුගේ දර්ශනයට එහා ගිය, සමාජය තුළ දැඩි කතාබහට සහ අප්‍රසාදයට ලක්වූ අයහපත් පැතිකඩ බොහෝ තිබූ බව විවිධ තොරතුරු හරහා අනාවරණය වේ.


ප්‍රධාන පුවත්

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.