News Category
From Date
To Date
Maximum Number of Result

සීනි මිනිස්සුන්ව වහල්ලු කළේ කොහොමද දන්නවද?.. මේක වුනේ ඔබ හිතන විදියට නෙවෙයි!

Aug 7, 2026 at 08:47 AM
|

"සීනි" කියන්නේ අපේ ජීවිතේට කොච්චර සමීප දෙයක්ද කියලා ඔබ කවදාහරි හිතලා තියෙනවද? උදේට බොන තේ එකේ ඉඳන්, දවල්ට කන බත් එකට දාන සෝස් එක, අතුරුපස, සහ රෑට බොන කිරි එක වෙනකම් හැමදේකම සීනි තියෙනවා.

හිතන්න, 1850 කාලේ ලෝකයේ සාමාන්‍ය මනුස්සයෙක් අවුරුද්දකටම කෑවේ සීනි කිලෝ 1.8 යි. හැබැයි 2017 වෙද්දී ඇමෙරිකාවේ සාමාන්‍ය මනුස්සයෙක් ඒ සීනි කිලෝ 1.8 කනවා දවස් 11 කින්! මේක ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරන ප්‍රමාණයට වඩා තුන් ගුණයකින් වැඩියි.

හැබැයි අද අපි කඩෙන් රුපියල් සීය දෙසීයට ගන්න මේ සීනි, මීට අවුරුදු 500 කට කලින් "රත්තරන්" තරම් වටිනා දෙයක් වුණා කිව්වොත් ඔබ පිළිගන්නවද? මේ අහිංසක පෙනුමක් තියෙන සුදු පාට සීනි කැටය පිටිපස්සේ හැංගිලා තියෙන්නේ ලෝක ඉතිහාසයේ දරුණුම වහල් වෙළඳාම, නූතන ධනවාදයේ ආරම්භය සහ අද ලෝකයම මුහුණ දෙන තරබාරුකමේ වසංගතය. අද අපි යන්නේ මේ සීනි කොහොමද ලෝකයම තමන්ගේ වහලෙක් කරගත්තේ කියන අඳුරු කතාව හොයාගෙන. 

මිනිස්සු ඈත අතීතයේ ඉඳන්ම කෑම පැණිරස කරගන්න පාවිච්චි කළේ මීපැණි, රටඉඳි වගේ දේවල්. හැබැයි උක් ගසෙන් ගන්න සීනි කියන්නේ ඊට වඩා වෙනස්, ඕනෑම දේකට පාවිච්චි කරන්න පුළුවන්, කවදාවත් නරක් වෙන්නේ නැති අපූරු දෙයක්. 

මේ උක් ග​හ මුලින්ම හොයාගත්තේ නිව් ගිනියාවෙන්. එතනින් ඉන්දියාවට ආපු මේ උක් යුෂ, ඝන සීනි කැට බවට පත් කරන තාක්ෂණය ඉන්දියානුවන් හොයාගත්තා. "Sugar" කියන වචනය හැදුණෙත් "සක්කර" (Sakara) කියන සංස්කෘත වචනයෙන්.

පස්සේ මේක අරාබියට සහ යුරෝපයට ගියාම, යුරෝපයේ රජවරු මේකට පිස්සු වැටුණා. කොච්චරද කිව්වොත් මේවා පාවිච්චි කළේ ලෙඩ රෝග වලට බෙහෙතක් විදිහට. මේ කාලේ සීනි කොච්චර ගණන්ද කිව්වොත්, 1226 දී එංගලන්තයේ රජතුමා කයිරෝ වල ඉන්න වෙළෙන්දෙක්ගෙන් සීනි රාත්තල් 3 ක් ඉල්ලලා යැව්වේ "ඔය තරම් ලොකු ප්‍රමාණයක් හොයාගන්න පුළුවන් නම් විතරක් එවන්න" කියලා අහලා!

කාලයත් එක්ක යුරෝපයට ගොඩක් සීනි ඕන වුණා. ස්පාඤ්ඤය සහ පෘතුගාලය මේකට අලුත් විසඳුමක් හොයාගත්තා. ඒ තමයි "වතු වගාව". වෙනත් රටක් අල්ලගෙන, එතන තියෙන කැලෑ කපලා මුළු ඉඩමේම උක් හිටවලා සල්ලි හොයන එක. 

මේ මහා වතු වල වැඩ කරන්න යුරෝපයේ අයට ඕන වුණේ නෑ. ඒ නිසා එයාලා කළේ අප්‍රිකාවෙන් බලහත්කාරයෙන් මිනිස්සුන්ව අල්ලගෙන ඇවිත් මේ වතු වල වහලුන් විදිහට වැඩ කරවපු එක! අප්‍රිකාවෙන් මිලියන 12.5 ක වහලුන් ගෙනාවා. ඒකෙන් බාගෙකට වඩා ගෙනාවේ මේ උක් වතු වල වැඩ කරන්න.

අල වවනවා වගේ නෙවෙයි උක් වවන එක මාරම අමාරු, භයානක වැඩක්. උක් ගස් කපලා දවස් දෙකක් ඇතුළත ඒවා යන්ත්‍ර වලට දාලා යුෂ ගන්න ඕනේ. ගොඩක් වහලුන්ගේ අත් මේ යන්ත්‍ර වලට අහුවෙලා පොඩිවෙලා ගියා. ඒ අත් කපලා දාන්න කඩුවක් සෙබ​ළු ළඟින්ම තියාගෙන හිටියා. ඊටපස්සේ ඒ යුෂ රත් කරද්දී ඇඟට වැටිලා මිනිස්සු පිච්චිලා මැරුණා. මේ උදුන් හැඳින්නු​වෙ "අපායේ ගිනි" කියලා.

වහලුන්ගේ ලේ සහ දහඩිය මතින් හැදු​න සීනි යුරෝපයට ගොඩක් ලාභෙට ආවා. මේ නිසා සාමාන්‍ය මිනිස්සුත් තේ සහ කෝපි බොන්න පටන් ගත්තා. එංගලන්තයේ තේ බීම පාවිච්චි​ය 400 ගුණයකින් වැඩි වුණා! 

කාර්මික විප්ලවය ආවාම කර්මාන්තශාලා වල වැඩ කරන කම්කරුවන්ට උයන්න වෙලාවක් තිබුණේ නෑ. ඒ නිසා එයාලා කළේ ඉක්මන් ශක්තියක් ගන්න සීනි දාපු තේ එකකුයි, ජෑම් ගාපු පාන් කෑල්ලකුයි කාපු එක. මුළු කාර්මික විප්ලවයම දිව්වේ කොලනි වලින් ආපු මේ සීනි වල ශක්තියෙන්!

මේ කාලෙදි එංගලන්තයේ මිනිස්සු ප්‍රංශයට වඩා ගොඩක් සීනි කෑවා. සමහර ඉතිහාසඥයෝ අහනවා "එංගලන්තයේ කෑම ඒ තරම්ම රහ නැති නිසාද එයාලට මෙච්චර සීනි ඕන වුණේ?" කියලා! 

සීනි වලින් වෙන මේ අපරාධය දැකලා සමහර ආගමික කණ්ඩායම් මේකට විරුද්ධව නැගී හිටියා. එයාලා පොතක් ලිව්වා "දුප්පතුන් වෙනුවෙන් ආයාචනයක්" කියලා. ඒකෙ තිබුණේ "ඔබ කන හැම සීනි කැටයකම මනුස්ස ලේ තියෙනවා. මේක කනවා කියන්නේ මිනීමස් කනවා වගේ වැඩක්!" කියලා. 

මේක ඒ කාලේ අද වගේම වයිරල් වුණා. මිනිස්සු වහලුන් හදපු සීනි කන එක නැවැත්තුවා. මේ විරෝධතා සහ හයිටි වගේ රටවල වහලුන්ගේ කැරලි හින්දා අන්තිමේදී වහල් වෙළඳාම තහනම් කරන්න බ්‍රිතාන්‍යයට සිද්ධ වුණා.

හැබැයි ප්‍රශ්නේ එතනින් ඉවර වුණේ නෑ. වහලුන් වෙනුවට එයාලා ආසියාවෙන්, විශේෂයෙන්ම ඉන්දියාවෙන් සහ චීනයෙන් කම්කරුවන්ව ගෙනල්ලා වහලුන් වගේම වැඩ ගත්තා. කියුබාවේ වැඩට ගිය චීන කම්කරුවන්ගෙන් බාගයක්ම තමන්ගේ කොන්ත්‍රාත්තුව ඉවර වෙන්න කලින් මැරිලා ගියා.

1800 ගණන් වල නැපෝලියන් යුරෝපයට උක් සීනි ගේන එක තහනම් කළාම, යුරෝපයේ අය බීට් වලින් සීනි හදන්න පටන් ගත්තා. මේකෙන් වුණේ ලෝකයේ සීනි නිෂ්පාදනය දෙගුණ තෙගුණ වු​න එක. සීනි ගොඩගැහෙන්න පටන් ගත්තාම කොම්පැණි කාරයෝ බය වුණා. 🥤🏭

එයාලා කළේ මේ අතිරික්ත සීනි ටික විකුණගන්න මිනිස්සුන්ව සීනි වලට ඇබ්බැහි කරපු එක.

හමුදාවට: ලෝක යුද්ධ දෙකේදිම සෙබළුන්ගේ කෑම වලට අනිවාර්යයෙන්ම සීනි දැම්මා.

පවුලට: උදේට කන කෝන්ෆ්ලේක්ස් (Breakfast cereals) වලට 70% ක්ම සීනි දැම්මා!

සෝඩා සහ බීම: කොකා කෝලා වගේ බීම ජාති ලෝකෙට ආවා. මේවා කොච්චර බිව්වත් බඩ පිරෙන්නේ නෑ.

සීනි කොම්පැණි මේක ළමයින්ගේ ඔළුවටම දැම්මා. මේක හරියට මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි වෙනවා වගේ වැඩක් වුණා. අන්තිමේදී 1999 දී ලෝක සෞඛ්‍ය සංවිධානයට මේ තරබාරුකම ගෝලීය වසංගතයක් කියලා නම් කරන්න සිද්ධ වුණා. දියවැඩියාව, හෘද රෝග ලෝකය පුරාම පැතිරුණා.

මේ තරම් ලෙඩ හැදෙද්දී ඇයි මිනිස්සු සීනි වලට බැන්​නෙ නැත්තේ? ඒකට හේතුව තමයි 50 සහ 60 දශක වලදී සීනි කොම්පැණි සල්ලි දීලා විද්‍යාඥයින් ලවා බොරු පරීක්ෂණ කරවපු එක! 

එයාලා කිව්වේ මේ හැම ලෙඩකටම හේතුව "මේදය" කියලා. ඊටපස්සේ කොම්පැණි වලින් "Light" සහ "Low-fat" කියලා කෑම ජාති ලෝකෙට ගෙනාවා. හැබැයි මේවගේ රස ගන්න මේදය වෙනුවට අඩුවක් නැතුව සීනි දැම්මා! මිනිස්සු රවටගෙන මේ සීනි කොම්පැණි ලෝකයම පාලනය කළා.

ඇත්තටම සීනි කියන්නේ නරක දෙයක් නෙවෙයි. හරි ප්‍රමාණයට කෑවොත් කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි අද වෙද්දී කඩෙන් ගන්න හැම කෑමකම, සෝස් එකකම, බීමකම සීනි පිරිලා. අපිත් නොදැනීම අපි මේකට ඇබ්බැහි වෙලා. මේක තමයි ලෝක ධනවාදයේ ඇත්තම මුහුණුවර. අඩුවට බඩු හදන්න ලෝකයේ කොහේ හරි ඉන්න අහිංසක මිනිස්සුන්ව සහ පරිසරය විනාශ කරන එක. 

මේක නවත්වන්න අපිට කරන්න පුළුවන් පොඩි දේවල් තියෙනවා.

සිහියෙන් කන්න : කඩෙන් බීමක්, කෑමක් ගනිද්දී ඒකේ පිටිපස්සේ තියෙන ලේබලය කියවලා බලන්න ඒකේ කොච්චර සීනි තියෙනවාද කියලා.

සීනි කියන මේ පුංචි කැටය ලෝකයේ මිනිස්සුන්ව වහලුන් කරලා, අද වෙද්දී අපිවත් ලෙඩ කරලා තියෙන විදිහ ගැන ඔබට හිතෙන්නේ මොනවද?

(වෛද්‍ය ජානක වන්නකුගේ මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රිනියට චීනයට යන ගුවන් යානයට ගොඩවීමට නොහැකි වූ පුවතක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංවාදයක් නිර්මාණය වී ඇත.
ආන්තවාදයට විරුද්ධව කටයුතු කිරීම ආරම්භ කළේ 2002 වසරේදී එක්තරා ක්‍රිස්තියානි දෙමළ පූජකවරයකු විසින් බුදුපිළිමයක් පාගාගෙන සිදුකළ යාඥා කිරීමක් දැකීමෙන් පසුව බවත්, එදා එය දැක දැඩි කෝපයක් ඇති වූ බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමි විසින් ප්‍රකාශ කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
Born Again ඇදහීම ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වෙන්නේ දශකයකට එකහමාරකට කලින්.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) වගන්තියට අනුව ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් (Impeachment) ගෙන ඒමට පැහැදිලි ප්‍රතිපාදන ඇත.
භාස්කර II (භාස්කරාචාර්ය) යනු බ්‍රහ්මගුප්තගෙන් වසර 500කට පමණ පසු, එනම් ක්‍රි.ව. 12 වන සියවසේදී (ක්‍රි.ව. 1150 දී පමණ) විසූ තවත් ශ්‍රේෂ්ඨ ඉන්දීය ගණිතඥයෙකු සහ තාරකා විද්‍යාඥයෙකි. ඔහු බ්‍රහ්මගුප්ත ඉදිරිපත් කළ මූලික ගුරුත්වාකර්ෂණ අදහස් තවදුරටත් පුළුල් කරමින්, සිය සුප්‍රසිද්ධ “සිද්ධාන්ත ශිරෝමණී” නම් ග්‍රන්ථයේ "ගෝලාධ්‍යාය" නම් පරිච්ඡේදය තුළ මේ පිළිබඳව ඉතා පැහැදිලි විද්‍යාත්මක විග්‍රහයක් සිදු කළේය. සර් අයිසැක් නිව්ටන්ට වසර 500කට පෙර, භාස්කර II විසින් ගුරුත්වාකර්ෂණය සහ ආකාශ වස්තූන්ගේ පැවැත්ම ගැන ප්‍රකාශ කළ ප්‍රධාන කරුණු මෙසේය.
2050 වන විට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහණය සිංහල ජනගහණය අභිබවා යන බවත්, සිංහල ජාතිය මහ ජාතිය ලෙස මෙරට තුළ ජීවත්වන අවසාන සියවස මෙය බවත් මුස්ලිම් පූජකවරයකු විසින් පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
දණපතියන්ගේ කැසිනෝ බදු ඉවත් කර සබන් කැටේ බදු වැඩිකර හාල් මාෆියාව ඇතිකළේ වත්මන් ආණ්ඩුවේම පිරිස බව දේශපාලන වේදිකා තුළ ඇතිවූ කතාබහ ආශ්‍රයෙන් සමාජ මාධ්‍යයේ පළ වූ වීඩියෝවක් පහතින් දැක්වේ.
රනිල් වික්‍රමසිංහ මහතාව බොහෝ දෙනෙකු විශාල ලෙස අපවාදයට ලක්කළ බවත් පහර ගැසූ බවත්, එතරම් අපහාස විඳගත් ජනාධිපතිවරයකු තවත් නොමැති බවත් රංගන ශිල්පී කලන ගුණසේකර පවසයි.

ප්‍රධාන පුවත්

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්

උතුර සහ නැගෙනහිර පළාත් තුළ ජාතිවාදී හා බෙදුම්වාදී ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවත්, ඒවා වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?

ජාතික සංවිධාන විසින් මතුකරන ආගමික අන්තවාදය අවසන් කිරීම සඳහා වූ යෝජනා මොනවාදැයි ලංකා ලීඩර් පාඨකයෝ විමසති. ඒ නිසා ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් නැවත විමසීමට සිදුවිය. මේ ඔහුගේ කතාව,

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.