බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ ඇයි?..
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
ඔහු සංචාරක අධිකාරියේ සභාපති වෙලා ඇත්තටම හොරු එක්ක හැප්පුණා.
මම හිතන්නේ මිනිහා විශ්වාස කළා 'රට හදන්න තමන්ගේ කොටස හරියටම කරන්න ඕන' කියලා.
ඔහු හිතුවා මේ මාලිමාව බලයට පත්වීම විශාල පෙරළියක් කියලා.
කොහොමත් මිනිහා මාලිමාවේ හිටියට ජෙප්පෙක් නෙවෙයි.
රෝයල් ගියපු, ශ්‍රී ලංකන් වැඩ කරපු, දැන් අයටා එකේ කන්ට්‍රි මැනේජර්.
මිනිහා අතිශය බුද්ධිමත්.
ඒ වගේම හොරෙක් නෙවෙයි. හොරකමට විරුද්ධව වැඩ කරපු පොරක්.
ඔහු විසි වෙන්නේ මාස ගණනක් ඔහු ඉවත් කරන්න පොඩි හෝ ප්‍රශ්නයක් විජිත , රුවන් රණසිංහ හොයලා හොයලා එහෙම කුඩා හෝ අවුලක් නැති වුණාට පස්සේ.
(ඔය තනතුරට ආපු උන් අඩුම තරමේ හොටල්කාරයොන්ගෙන් කනවා බොනවා හරි.)
මිනිහා SLTDA ඇවිත් සෑහෙන වැරදි ගණනක් හරිගැස්සුවා.
ගෝඨා ආණ්ඩුව කාලේ SLTDA චෙයාමන් වෙච්ච කිමාලි ෆර්නෑන්ඩු , SLTDA වටිනා ඉඩම් ගොඩක් අනීතිකව තමන්ගේ හස්බන්ඩ්ට එනම් ඩිල්මා හිමිකරු මලික් ෆ්‍රනාන්දුට පැවරුවා.
බුද්ධික ඔය ඉඩම් ඔක්කොම යළි පවරාගන්න නඩු පැවරුවා.
ඉදිරියේ දී මලික් ෆ්‍රනාන්දු - SLTDA සම්බන්ධ නඩු පහක් ඇහෙනවා.
1) මාබල් බීච් ඉඩම සම්බන්ධ නඩුව
2) යාල ඉඩමක් සම්බන්ධ නඩුව
3) යාල ඩිල්මා හෝටලය අසල හෝටලයක් ඉදිකිරීමට ඇති ඉඩමක, බොරු දිවියන් ගැන පරීක්ෂන ආයතනයක් නමට අටවලා තරගකාරීත්වය බ්ලොක් කිරීම සම්බන්ධ නඩුව
4) කිමාලි ෆර්නෑන්ඩු SLTDA සභාපතිනි ලෙස අධිකරණ නියෝගයක් නොසලකා හරිමින් අධිකරණයට අපහාස කිරීමේ නඩුවක්.
5) පිකො ට්‍රේල් හිමිකාරීත්වය බලහත්කාරයෙන් මලික් පෙරේරා දැරීම සම්බන්ධ නඩුවක්.
මේ නඩු වලට SLTDA චෙයාමන්ගේ අත්සන අතිශය වැදගත්.
මලික් ෆර්නෑන්ඩු විජිත හේරත් සහ රුවන් රණසිංහ ඇල්ලුවා. ඔවුන්ට අල්ලස් දුන්නා. බුවාට යන්න වුණේ ඒ නිසා.
හොඳම වැඩේ මේ නඩු වල මලික් ෆර්නෑන්ඩුගේ නීතිඥයා කවුද දන්නවද ? උපුල් කුමාරප්පෙරුම.
මේ නඩු පහ මලික්ට අතිශය වැදගත්. වයිෆ් හිරේ ගියොත් බුවාගේ ලෙගසිය එතනින් ඉවරයි. බුද්ධික එලවා ගන්න ඔහු ඕනෑම මුදලක් වියදම් කරනවා.
දැන් නඩුවකට උපුල් කුමාරප්පෙරුම අල්ලන්නේ ඔහු දක්ෂතම නීතිඥයා නිසා නෙවෙයි. ඔහු හරහා රජය ශේප් කරගන්න පුළුවන් නිසා.
ඒ විතරක් නෙවෙයි.
මෙච්චර කාලයක් අවුරුද්දට ලක්ෂ විස්සක් දීලා තමයි හේලීස් ධම්මික කොළඹ හදවතේ අක්කර පහ හමාරක කිංග්ස්බරි ඉඩම තියාගත්තේ.
ඒ සම්බන්ධ ගිවිසුම යළි සලකා බැලීම 2025 ආවම බුද්ධික බුවා , ධම්මිකගෙන් අල්ලස් නොගෙන කෙළින්ම රජයේ තක්සේරුකරුගෙන් තක්සේරු කැදෙව්වා.
මිලියන දෙකට මිලියන තුන්සිය ගානක තක්සේරුවක් ආවා.
ඊටපස්සෙ මිනිහා නැවත ධම්මිකට නොනැවි අලුත්ම තක්සේරුව ගෙවන්න කියලා කේස් එක AG එකටත් දැම්මා.
එතනින් හේලීස් හරහා ජනාධිපති කාර්යාලයත් බුවා එක්ක තරහා වුණා.
බුද්ධික හේවාවසම්ට SLTDA දාලා යන්න වුණේ ඇත්තටම ජෙප්පො හොරුන්ට විරුද්ධව ෆයිට් කරාවි කියලා විශ්වාස කරලා හොරුන්ට විරුද්ධද ෆයිට් කරපු නිසා.
ඔහුව කන්ට්‍රෝල් කරන්නම බැරි තැන තමයි විජිත ලා ග්‍රාමසේවක DG ගැහැණියක් ගෙනල්ලා SLTDA එකට දැම්මේ.
නමුත් අවසානයේ නිර් ලුම්පන් නොවන තමන්ට, ලුම්පන් තක්කඩින් සමග එකට වසන්න බැරි බව බුද්ධික හේවාවසම් තේරුම් ගන්නට ඇති.
මේ තමයි බුද්ධිකට SLTDA දාලා යන්න වෙච්ච ඇත්තම කතාව. මිනිහා දක්ෂයෙක්. ඒ වගේම ක්ලීන් මිනිහෙක්.
(තවමත් ඔහු SLTPB - සංචාරක ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපති)
( post from Charitha Rathwathte)
(මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?