News Category
From Date
To Date
Maximum Number of Result

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ දින තුනේ ඉන්දීය සංචාරය සහ දින හතරේ චීන සංචාරය රටට යහපත් ද අයහපත් ද යන්න සංසන්ධනය කිරීමේ දී යම් යහපත් තත්වයක් පෙන්නුම් කරන බව ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩො මහතා පවසයි.

රංගන ශිල්පී ජගත් චමිල මහතා සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු සමග සිදුකරන සාකච්ඡාව‍ක වීඩියෝ පඨයක් මේ දිනවල සමාාජ මාධ්‍යන්හි සැරිසරමින් ඇත ඔහු ඒහි සදහන් කරන්නේ ජනප්‍රිය වීමට මිනිසුන් ඔ්නෑම දෙයක් සිදුකරන බවත් අප ‌දෙදෙනා මෙතන කලිසම් ගලවගෙන සිටියත් ජනප්‍රියවීමට හැකිබවයි. එමෙන්ම ඔහු සමා මාධ්‍ය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසන්නේ මීහරක් විසින් සිදුකරගෙන යන ලබන සමාජ මාධ්‍ය මුලින්ම නැතිකළ යුතු බවයි.

හදෘයාබාධ සහ පිළිකා ලඟට මිනිසාට තුන්වැනියාට මාරාන්තික දොස්තරලාම දෙන බටහිර බෙහෙත් බව ඩෙන්මාර්ක් කොපර්හෙගන් නුවර ස්වාධින විද්‍යාඥයෙක් වන වෛද්‍ය පීටර් ගෙට්ස්ච් මහතා පවසයි.

ඊනියා අරගලයෙන් පස්සේ ඉන්දියාව අපේ ත්‍රිකුණාමලය දිහ ඇහැ ගහගෙන හිටියේ බලවත් චීනය හම්බන්තොට කරන ආයොජන කුමන ක්‍රමයකින් වත් ඉන්දියාවට අත්පත් කර ගන්න බැරි පසුබිමක ඉන්දු සාගර කලාපයේ ශ්‍රී ලංකා මුහුදු කලාපයේ චීන ආධිපත්‍යයට එරෙහිව ඉන්දියානු බල ව්‍යාපෘතියේ සැලැස්ම වෙනුවෙන්.

චීනය ඉතිහාසයේ පටන්ම ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයන්ට ඉතා ඉහළ රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීමක් දැක්වූ රටක් බවට කදිම උදාහරණයක් අප වෙත ලැබී ඇත.

මේ පින්තූරයේ දැක්වෙන්නේ අප දෙවියන්ට පූජාවට්ටි පුදන ආකාරයට චීන ජනතාව මාක්ස් ගේ ප්‍රතිමාවකට දොඩම් ඇතුළු පළතුරු ද තෑගි ද පුදා ඇති සැටි ය.එමෙන්ම මාවෝට,ඩෙන්ග්ට පමණක් නොව චියැං කායිෂෙක්ටද හඳුන්කූරු පත්තු කරනු ද ඇති පදම් දැක ගත හැක.

1929 දී උපන් ඔහු අද ජීවත්ව සිටියේ නම් ඔහුගේ වයස අවුරුදු 96කි.

" ගෙයින් ගෙට ගොස් පාන් විකිණූ පෙරේරා පවුලෙන් බිහිවූ රටම දන්න “Perera and sons”

මියන්මාර රෝහින්‍යා අර්බුදය ගැන බටහිර මාධ්‍ය විසින් නොයෙක් ප්‍රතිරූපයන් මවා තිබුණද, ඇත්ත කතාව නම් රෝහින්‍යානුවන් යනු මියන්මාරය තුල ක්‍රියාත්මක වෙමින් පැවැති චීන බල ව්‍යාපෘති හා


ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.