1996 ලෝක කුසලාන අවසන් තරගයේ රසමුසු සිදුවීම් පෙළක්
අර්ජුන ඇතුළු කණ්ඩායම 1996 ලෝක කුසලාන අවසන් තරගයට පෙර දිනයක ලාහෝර් පිටිය පරීක්ෂා කිරීමට ගියා. එහි දී ඔහුට දක්නට ලැබුණේ තණකොළ මත අධික ලෙස වතුර තිබුණු ආකාරය යි. ඒ අවස්ථාවේ දී ඔහුට හිතවත් පිටිය සකසන්නෙකු ළඟට ගිය අර්ජුන මෙසේ පවසා සිටියා.
“මොකද තණකොළ මත මේ තරම් වතුර? ෆයිනල් එක දවසෙ නම් මෙහෙම තණකොළවලට වතුර දාන්න එපා.”
එවිට පිටිය සකසන්නා මෙසේ පවසා සිටියා.
“නෑ සර් ඔය වතුර දාල එහෙම නෙවෙයි. මේ දවස්වල රෑට හරියට පින්න. ඉතින් 7 පහුවෙනකොට පින්න වැටෙන්න ගන්නව. ඒ හින්දා සර්ට තියෙන්නෙ ටොස් එක ආවොත් මුලින්ම බෝල් කරන එක. ඒ මොකද සර් රෑට මේකෙ බෝල දාන්න අමාරුයි පින්න හන්ද”
පිටිය සකසන්නා ලබාදුන් උපදෙස හිතේ තියාගත් අර්ජුන අවසන් තරගයේ දී කාසියේ වාසිය ලැබුණොත් මුලින්ම පන්දු යැවීමට තීරණය කළා.
තරගය පැවති දිනයේ කාසියේ වාසිය උරගා බැලීමට පැයක පමණ කාලයක් තිබිය දී ඉම්රාන් ඛාන් අර්ජුන හමුවීමට පැමිණියා. එම අවස්ථාවේ දී ඔවුන් දෙදෙනා අතර මෙවැනි කතාබහක් ඇතිවුණා.
ඉම්රාන්- ඔබට කාසියේ වාසිය ලැබුණොත් මොකද කරන්න ඉන්නෙ?
අර්ජුන- මං පන්දු යවන්න යි සූදානමින් ඉන්නෙ
ඉම්රාන්- නෑ නෑ එහෙම කරන්න එපා. ඔබ මුලින්ම පන්දුවට පහරදෙන්න. ඒ මොකද ලෝක කුසලාන අවසන් තරගයක තියන පීඩනයත් එක්ක ලකුණු හඹායන්න ලෙහෙසි නැහැ.
ඉම්රාන්ගේ එම උපදෙස නිසා අර්ජුන දෙගිඩියාවෙන් පසුවුණා. ඒ අවස්ථාවේ දී ඔහු සිය සගයන් හමුවී ඉම්රාන් පැවසූ දෙය පිළිබඳව මෙසේ පවසා සිටියා.
“ඇත්තටම තවමත් කිසිම කණ්ඩායමක් ලෝක කුසලාන අවසන් තරගයක දී දෙවනියට පන්දුවට පහරදීල ලෝක කුසලානයක් ජයග්‍රහණය කරල නෑ. ඉම්රාන් කියන්නේ පාකිස්ථානයට ලෝක කුසලානය දිනල දුන්න නායකයෙක්, ඉතින් එයා කියන්නෙ මුලින්ම පන්දුවට පහරදෙන්න කියල. දැන් අපි මොකද කරන්නෙ?”
එවිට කණ්ඩායමේ ක්‍රීඩකයන් එක හඬින් පවසා සිටියේ මෙච්චර දවසක් අර්ජුන අයියා ගත්ත තීරණ හරි ගියා. ඉතින් මේ තරගෙදිත් අර්ජුන අයියට හිතෙන දේ කරමු. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් තීරණය වුණේ කාසියේ වාසිය දිනාගතහොත් මුලින්ම පන්දු යැවීමට යි.
අවසන් තරගයේ දී කාසියේ වාසිය අර්ජුනට හිමිවුණා. ඔහු මුලින්ම පන්දු යැවීමට තීරණය කිරීමත් සමගම ලොව පුරා සිටි ක්‍රිකට් විචාරකයන් අර්ජුන විවේචනය කරන්නට පටන් ගත්තා.
ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට පිටියට පිවිසි අවස්ථාවේ, ආබාධිත පාකිස්ථානු ජාතිකයෙන් අර්ජුන ඇතුළු කණ්ඩායමට සුබ පතන ආකාරය දක්නට ලැබුණා. පසුකලෙක අර්ජුන පවසා තිබුණේ එය තමන්ට සුබ පෙරනිමිත්තක් සේ දැනුණු බව යි.
ඊටපස්සෙ අවසන් තරගයේ දී සිදු වුණු දේ අපි කවුරුත් දන්නවනෙ. ඕස්ට්‍රේලියාව 241කට කඩුලු 7යි. ශ්‍රී ලංකාව ලකුණු 245ට කඩුලු 3යි. කුසලානය අපිට ❤️.
ඡායාරූපය- අර්ජුනට සුබ පැතූ ආබාධිත පාකිස්තාන ජාතිකයා
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..