මෝඩ දේශපාලකයා සහ වීර රාජ්‍ය සේවකයා
Apr 1, 2025 at 03:04 PM
|
කලකට පෙර සිදු වූ සිදුවීමකදී කඩොලාන ඇති භූමියක ළමයිට සෙල්ලම් කරන්න ක්රීඩා පිට්ටනියක් හදන්න ප්රදේශවාසීන් කළ ඉල්ලීමක් කරනවා. එතකොට වනජීවි දෙපාර්තමේන්තුවෙන් පෙනී සිටි නිලධාරිනිය ඊට විරුද්ධ වෙනවා. එතනදී වනජීවි නිලධාරිනිය රජයේ නිලධාරිනියක් විදියට නිවැරදියි. ඇය කීවේ නීතියට පිටින් ක්රියා කරන්න බෑ කියලා. දෙවන සිද්ධියේදී ප්රදේශවාසීන් ඉල්ලීමක් කරනවා නුවර වැවේ වේල්ල උඩින් වාහන එළවන්න අයිතිය දෙන්න කියලා. එතනදී ප්රාදේශීය වාරිමාර්ග අධ්යක්ෂකවරයා කියන්නේ වේල්ල මතින් වාහන පැදවීමට සුදුසු නෑ කියලා. ඔහුත් නිවැරදියි.
මේ සිදු වීම් දෙකම සමානයි.
නමුත් පළමු අවස්ථාවේදී අමාත්ය සනත් නිශාන්ත ක්රියාකරන අන්දම සහ දෙවන අවස්ථාවේදී අමාත්ය වසන්ත සමරසිංහ ක්රියා කරන අන්දම මේ විඩියෝ පට දෙක සම්පූර්ණයෙන්ම නරඹා බලන්න.
සනත් නිශාන්ත ඉතා කාරුණිකව ඉල්ලනවා මේ අවස්ථාවේදී ප්රදේශවාසීන්ගේ ඉල්ලීම ගැන සැලකීමක් කරන්න කියලා. (විඩියෝ පටය බලන්න) වසන්ත සමරසිංහ ප්රාදේශීය වාරිමාර්ග අධ්යක්ෂකවරයාට තග දානවා. "එහෙම කොහොමද ඔයා ඒක තීරණය කරන්නේ. ඒක තීරණය කරන්නෙ අපි" කියලා. ඒක මහ මෝඩ කතාවක්.
පළමු සිද්ධියේදී "මෝඩ දේශපාලකයාට" විරුද්ධව හඬ නැගූ "වීර රාජ්ය සේවිකාව" විශාල සහායක් පළ වෙනවා.. මට මතකයි ඇයට සහාය පළ කරලා විශාල සන්දර්ශනයක් ඒ කාලයේ සමාජ මාධ්යවල තිබුනා. ඊට පස්සේ මාධ්ය සහ සමාජ මාධ්යව ඇයව විශාල චරිතයක් කළා. අන්තිමට ඒ නිලධාරිනිය ඒවා ඇඳගෙන බොරු පරිසර වීරවරියක් වෙන්න ගිහින් පඬු කරඳ ගහෙන් ඇන ගත්තා.
කොහොම හරි මේ මෝඩ දේශපාලකයාට විරුද්ධව සමාජ මාධ්ය තුළ ඇතිවුන ප්රපංචයේම දිගුවක් තමා වසන්ත සමරසිංහ ඇතුළු වත්මන් ආණ්ඩුව බලයට පැමිණීම.
අද වසන්ත සමරසිංහ තමා ඇත්තටම මෝඩ දේශපාලකයාගේ භූමිකාව වඩා අලජ්ජි විදියට කරන්නෙ.
නමුත් අර වසන්ත සමරසිංහට විරුද්ධ ව කතා කරපු මහත්තයාව නම් බුකී ප්රජාව වීරවරයෙක් කරල තියෙනවා තාම නම් මම දැක්කෙ නෑ.
උපුටා ගැනීම -නලීන් සුබසිංහ ෆේස්බුක් පිටුවෙන්