News Category
From Date
To Date
Maximum Number of Result

ඔවුන් ඔහුට කිව්වේ "ලාහෝර් නගරයේ සිංහයා" කියලා. මේ ඉම්රාන් ඛාන්ගේ අද තත්වය. ඔහු සිරකරුවෙක්.

Apr 2, 2025 at 08:50 PM
|

ඉම්රාන් ඛාන් සිවිල් ඉංජිනේරුවෙකුගේ පුත්‍රයෙක් වංශවත් පවුල් පසුබිමක උරුමක්කරුවෙක්. 1952 පාකිස්තානයේදී උපන්නත් 1971දී එංගලන්තයේ වූස්ටර්හි රාජකීය ව්‍යාකරණ පාසලට (Royal Grammar School) ඔහු ඇතුළත් වුණේ ක්‍රිකට් ක්‍රීඩාවත් කරන ගමන්. 1971දී සංචාරක පාකිස්තාන කණ්ඩායමට එංගලන්තයේදීම එක්වෙලා, ටෙස්ට් ක්‍රිකට් වරම් දිනාගන්න මේ යෞවනයා සමත් වුනා. ඔහු තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. අධ්‍යාපනයත් ඇතුළුව ඉරියව් 4ක්. 1972දී ඔහු එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් කීබ්ල් විශ්ව විද්‍යාලයෙන් දර්ශනය, දේශපාලන විද්‍යාව සහ ආර්ථික විද්‍යාව හදාරලා උපාධිය ලබාගත්තා. 1973-'75 කාලය තුළදී ඔහු ඔක්ස්ෆර්ඩ් සරසවියේ ක්‍රිකට් කණ්ඩායමත්, වූස්ටර්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමත් නියෝජනය කළා. 1982 වර්ෂය තුළදී ලොව වැඩිම ටෙස්ට් කඩුලුලාභියා වුණේ ඔහුයි. ටෙස්ට් තරගයකදී කඩුලු 10ක් සමග ශතකයක් වාර්තා කළ ලොව දෙවැන්නා වුණෙත් ඔහුයි. 1989දී "වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයා" නමැති සම්මානය දිනාගත් පළමු ආසියානුවා බවටත් පත්වුණා. හැකියාවෙන්, රුවෙන්, ධනයෙන් සහ බලයෙන් එක ලෙස බැබලුණු ඉම්රාන්ගේ පසුපසින් ආවේ ආසියානු තරුණියන් විතරක් නෙමෙයි. එංගලන්ත, ඕස්ට්‍රේලියානු, නවසීලන්ත කාන්තාවන් ඔහුගේ ඇසුර ප්‍රිය කළා. ඔහු තරුණ කාලේ නළුවෙක් වගේ ලස්සනයි. කෙළිලොල් තරුණයෙකු වුණත්, ඔහුගේ ක්‍රිකට් පරිච්ඡේදය හරි ඉහළින් ලියවුණා. 1987දී ක්‍රිකට් වලින් විශ්‍රාම ගෙන සිටි ඉම්රාන් ඛාන්ට නැවත ක්‍රිකට් කණ්ඩායම භාරගන්නැයි ආරාධනා කළේ එවකට පාකිස්තාන ජනාධිපති ජෙනරාල් සියා උල් හක්. එය භාරගෙන 1992දී පාකිස්තාන කණ්ඩායම ක්‍රිකට් ලෝක ශූරතාවය කරා මෙහෙයවූ නායකයා තමයි ඉම්රාන් ඛාන්. මුළු පාකිස්තානයටම සහ ලෝකයටම ඒක ඓතිහාසික දිනයක් වුණා. තරුණ කණ්ඩායමක් එක්ක ඕස්ට්‍රේලියාවට ගිහින් ලෝක කුසලාන අවසන් මහා තරගයේදී එංගලන්තය පරාජය කරලා ඔහු විසින් ජය ලබාගැනීම ඓතිහාසික කතාන්දරයක්. නායකයෙකු හැටියට ටෙස්ට් තරග 48කදී ජයග්‍රහණ 14ක් සහ පරාජයන් 8ක් ඔහු විසින් වාර්තා කළා. එක්දින තරග 139කදී ජයග්‍රහණ 75ක් සහ පරාජයන් 59ක් වාර්තා කළා. අපි '90 දශකයේදී දැකපු වසීම් අක්‍රම්, වකාර් යුනුස්, ඉන්සමාම් උල් හක් වගේ ක්‍රීඩකයන්ව හැදුවේ ඉම්රාන් ඛාන්. ඒ තමයි ඔහුගේ සුපිරි නායකත්වය. ක්‍රීඩකයෙකු හැටියට ඔහු ටෙස්ට් කඩුලු 362ක සහ ටෙස්ට් ලකුණු 3807ක හිමිකරුවෙක්. දුර්ලභ "ටෙස්ට් ලකුණු 3000+ටෙස්ට් කඩුලු 300" සමාජයේ සාමාජිකයෙක්. 37.69ක ටෙස්ට් ලකුණු සාමාන්‍යයක් සහ 22.81ක පන්දු යැවීමේ සාමාන්‍යයක් තියෙන ක්‍රීඩකයෙක් කියන්නේ කොච්චර ශ්‍රේෂ්ඨයෙකුද... එක්දින ලකුණු සාමාන්‍යය 33.41යි, මුළු ලකුණු 3709යි. එක්දින කඩුලු ලබාගැනීමේ සාමාන්‍යය 26.61යි, කඩුලු 182යි. සුරංගනා කතාවක් වගේ ලස්සනට ලියැවිලා තිබුණු ඉම්රාන් ඛාන්ගේ කතාවට දේශපාලන සෙවණැල්ල පතිත වෙන්නේ 1987 ජනාධිපති, ජෙනරාල් සියා උල් හක් ඔහුට දේශපාලනයට ආරාධනා කිරීමත් එක්කයි. ඉන්පස්සේ නවාස් ශරීෆ්, ඉම්රාන්ට ආරාධනා කළා ඔහුගේ පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයට. ඔය ආරාධනා දෙකම ඉම්රාන් විසින් ප්‍රතික්ෂේප කළා. මේ තරම් ආරාධනා ගලා ඒමෙන් පැහැදිළි වෙන්නේ ඉම්රාන් ඛාන්, එවකට ලොව තුළ කෙතරම් බලවතෙකුද කියන එකයි. 1993දී ඔහු මොයිනුදීන් අහමඩ් ඛුරේෂිගේ අන්තර්වාර ආණ්ඩුවේ සංචාරක කර්මාන්ත තානාපතිවරයෙකු වුණා. 1995දීත් ඉම්රාන් ඛාන් පාකිස්තානයේ බලවත්ම තරුව වූ නිසා අගමැතිනි බෙනාසීර් භූතෝ බියවුණා. ඇය ඔහුට එරෙහිව විවිධ ප්‍රචාර දියත් කළා. 1996දී ඉම්රාන් තමන්ගේම පක්ෂයක් සමගින් දේශපාලනයට පිවිසුණා. දෛවය හරි පුදුමාකාරයි. ඔහුව දේශපාලනය වෙත තල්ලු වුණු ආකාරය සහ ඉන් එහාට ඔහුගේ ගමන වෙනස්ම එකක්. විපක්ෂය නියෝජනය කරමින් කාලයක් දේශපාලනය කළ ඉම්රාන් ඛාන් 2018දී අගමැති ධුරයට පත්වුණා. ඒත් ඒ කාලය පාකිස්තානයට යහපත් කාලයක් වුණේ නෑ. ආර්ථික තත්වය වල පල්ලට යමින් තිබුණා. ඔහු ඔහුගේ කාර්‍යාල සේවකයන් ගණන 524සිට 2ට අඩු කළා. සුඛෝපභෝගී වාහන විකුණා දැම්මා. අගමැතිවරයාගේ නිල නිවාස වැයෙන් 49%කින් පහත හෙලුවා. කාර්‍යාල වියදම් වලින් 29%ක් පහත හෙලුවා. IMF එකත් එක්ක එකතුවෙලා විශාල වැඩකටයුතු ටිකක් කරන්න ඔහුට සිදුවුණා. ඔහු චීන-පාකිස්තාන නිදහස් වෙළඳ ගිවිසුමකට අත්සන් කළා. වේලි දෙකක් ඉදිකිරීම වෙනුවෙන් ලොව වටා ගොස් පාකිස්තාන රු. බිලියන 17.2ක් එකතු කළා. ජල විදුලි ජනනය 20%කින් ඉහළ නංවාගත්තා. ගල් අඟුරු භාවිතය අවම කරගත්තා. දේශපාලකයන්ගේ දූෂණ සොයන්නට කමිටුවක් පත්කළා. ඉන්දියා-පාකිස්තාන ගැටුම් සමථයකට පත් කරගන්නට ඔහු ඔහුගේ ශූර නායකත්ව වචන භාවිතා කළා. ලෝකය ඉදිරියේ පාකිස්තානයේ ගෞරවය රැකගත්තා. කොවිඩ් 19 වෛරසයටත් මුහුණ දෙමින් රට කරගෙන ගියා. ඒ සියල්ල එසේ තිබියදීත්, 2022දී විපක්ෂය ඉම්රාන්ට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ආවා. ඒ මොහොතේ ඔහුගේ ළඟම සගයනුත් ඔහුගෙන් ඉවත් වුණා. මන්ත්‍රණ සභාවේදී ඔහු විශ්වාස භංගය පරාජය වුණා. 2023දී ඔහුව නිවාස අඩස්සියට පත්වූ අතර, 2025දී අල්ලස් හා දූෂණ චෝදනා මත ඔහුව 14 වසරකට සිරගත කරනු ලැබුවා. මේ 72හැවිරිදි ඔහුගේ අද තත්වයයි. - අසංක හදිරම්පෑල. Copped - colombo journal

සම්බන්ධිත පුවත් | Related News

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රිනියට චීනයට යන ගුවන් යානයට ගොඩවීමට නොහැකි වූ පුවතක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංවාදයක් නිර්මාණය වී ඇත.
ආන්තවාදයට විරුද්ධව කටයුතු කිරීම ආරම්භ කළේ 2002 වසරේදී එක්තරා ක්‍රිස්තියානි දෙමළ පූජකවරයකු විසින් බුදුපිළිමයක් පාගාගෙන සිදුකළ යාඥා කිරීමක් දැකීමෙන් පසුව බවත්, එදා එය දැක දැඩි කෝපයක් ඇති වූ බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමි විසින් ප්‍රකාශ කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
Born Again ඇදහීම ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වෙන්නේ දශකයකට එකහමාරකට කලින්.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) වගන්තියට අනුව ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් (Impeachment) ගෙන ඒමට පැහැදිලි ප්‍රතිපාදන ඇත.
භාස්කර II (භාස්කරාචාර්ය) යනු බ්‍රහ්මගුප්තගෙන් වසර 500කට පමණ පසු, එනම් ක්‍රි.ව. 12 වන සියවසේදී (ක්‍රි.ව. 1150 දී පමණ) විසූ තවත් ශ්‍රේෂ්ඨ ඉන්දීය ගණිතඥයෙකු සහ තාරකා විද්‍යාඥයෙකි. ඔහු බ්‍රහ්මගුප්ත ඉදිරිපත් කළ මූලික ගුරුත්වාකර්ෂණ අදහස් තවදුරටත් පුළුල් කරමින්, සිය සුප්‍රසිද්ධ “සිද්ධාන්ත ශිරෝමණී” නම් ග්‍රන්ථයේ "ගෝලාධ්‍යාය" නම් පරිච්ඡේදය තුළ මේ පිළිබඳව ඉතා පැහැදිලි විද්‍යාත්මක විග්‍රහයක් සිදු කළේය. සර් අයිසැක් නිව්ටන්ට වසර 500කට පෙර, භාස්කර II විසින් ගුරුත්වාකර්ෂණය සහ ආකාශ වස්තූන්ගේ පැවැත්ම ගැන ප්‍රකාශ කළ ප්‍රධාන කරුණු මෙසේය.
2050 වන විට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහණය සිංහල ජනගහණය අභිබවා යන බවත්, සිංහල ජාතිය මහ ජාතිය ලෙස මෙරට තුළ ජීවත්වන අවසාන සියවස මෙය බවත් මුස්ලිම් පූජකවරයකු විසින් පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
දණපතියන්ගේ කැසිනෝ බදු ඉවත් කර සබන් කැටේ බදු වැඩිකර හාල් මාෆියාව ඇතිකළේ වත්මන් ආණ්ඩුවේම පිරිස බව දේශපාලන වේදිකා තුළ ඇතිවූ කතාබහ ආශ්‍රයෙන් සමාජ මාධ්‍යයේ පළ වූ වීඩියෝවක් පහතින් දැක්වේ.
රනිල් වික්‍රමසිංහ මහතාව බොහෝ දෙනෙකු විශාල ලෙස අපවාදයට ලක්කළ බවත් පහර ගැසූ බවත්, එතරම් අපහාස විඳගත් ජනාධිපතිවරයකු තවත් නොමැති බවත් රංගන ශිල්පී කලන ගුණසේකර පවසයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.