ඔවුන් ඔහුට කිව්වේ "ලාහෝර් නගරයේ සිංහයා" කියලා. මේ ඉම්රාන් ඛාන්ගේ අද තත්වය. ඔහු සිරකරුවෙක්.
ඉම්රාන් ඛාන් සිවිල් ඉංජිනේරුවෙකුගේ පුත්‍රයෙක් වංශවත් පවුල් පසුබිමක උරුමක්කරුවෙක්. 1952 පාකිස්තානයේදී උපන්නත් 1971දී එංගලන්තයේ වූස්ටර්හි රාජකීය ව්‍යාකරණ පාසලට (Royal Grammar School) ඔහු ඇතුළත් වුණේ ක්‍රිකට් ක්‍රීඩාවත් කරන ගමන්.
1971දී සංචාරක පාකිස්තාන කණ්ඩායමට එංගලන්තයේදීම එක්වෙලා, ටෙස්ට් ක්‍රිකට් වරම් දිනාගන්න මේ යෞවනයා සමත් වුනා. ඔහු තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. අධ්‍යාපනයත් ඇතුළුව ඉරියව් 4ක්. 1972දී ඔහු එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් කීබ්ල් විශ්ව විද්‍යාලයෙන් දර්ශනය, දේශපාලන විද්‍යාව සහ ආර්ථික විද්‍යාව හදාරලා උපාධිය ලබාගත්තා.
1973-'75 කාලය තුළදී ඔහු ඔක්ස්ෆර්ඩ් සරසවියේ ක්‍රිකට් කණ්ඩායමත්, වූස්ටර්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමත් නියෝජනය කළා. 1982 වර්ෂය තුළදී ලොව වැඩිම ටෙස්ට් කඩුලුලාභියා වුණේ ඔහුයි. ටෙස්ට් තරගයකදී කඩුලු 10ක් සමග ශතකයක් වාර්තා කළ ලොව දෙවැන්නා වුණෙත් ඔහුයි. 1989දී "වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයා" නමැති සම්මානය දිනාගත් පළමු ආසියානුවා බවටත් පත්වුණා.
හැකියාවෙන්, රුවෙන්, ධනයෙන් සහ බලයෙන් එක ලෙස බැබලුණු ඉම්රාන්ගේ පසුපසින් ආවේ ආසියානු තරුණියන් විතරක් නෙමෙයි. එංගලන්ත, ඕස්ට්‍රේලියානු, නවසීලන්ත කාන්තාවන් ඔහුගේ ඇසුර ප්‍රිය කළා. ඔහු තරුණ කාලේ නළුවෙක් වගේ ලස්සනයි. කෙළිලොල් තරුණයෙකු වුණත්, ඔහුගේ ක්‍රිකට් පරිච්ඡේදය හරි ඉහළින් ලියවුණා.
1987දී ක්‍රිකට් වලින් විශ්‍රාම ගෙන සිටි ඉම්රාන් ඛාන්ට නැවත ක්‍රිකට් කණ්ඩායම භාරගන්නැයි ආරාධනා කළේ එවකට පාකිස්තාන ජනාධිපති ජෙනරාල් සියා උල් හක්. එය භාරගෙන 1992දී පාකිස්තාන කණ්ඩායම ක්‍රිකට් ලෝක ශූරතාවය කරා මෙහෙයවූ නායකයා තමයි ඉම්රාන් ඛාන්. මුළු පාකිස්තානයටම සහ ලෝකයටම ඒක ඓතිහාසික දිනයක් වුණා. තරුණ කණ්ඩායමක් එක්ක ඕස්ට්‍රේලියාවට ගිහින් ලෝක කුසලාන අවසන් මහා තරගයේදී එංගලන්තය පරාජය කරලා ඔහු විසින් ජය ලබාගැනීම ඓතිහාසික කතාන්දරයක්.
නායකයෙකු හැටියට ටෙස්ට් තරග 48කදී ජයග්‍රහණ 14ක් සහ පරාජයන් 8ක් ඔහු විසින් වාර්තා කළා. එක්දින තරග 139කදී ජයග්‍රහණ 75ක් සහ පරාජයන් 59ක් වාර්තා කළා. අපි '90 දශකයේදී දැකපු වසීම් අක්‍රම්, වකාර් යුනුස්, ඉන්සමාම් උල් හක් වගේ ක්‍රීඩකයන්ව හැදුවේ ඉම්රාන් ඛාන්. ඒ තමයි ඔහුගේ සුපිරි නායකත්වය.
ක්‍රීඩකයෙකු හැටියට ඔහු ටෙස්ට් කඩුලු 362ක සහ ටෙස්ට් ලකුණු 3807ක හිමිකරුවෙක්. දුර්ලභ "ටෙස්ට් ලකුණු 3000+ටෙස්ට් කඩුලු 300" සමාජයේ සාමාජිකයෙක්. 37.69ක ටෙස්ට් ලකුණු සාමාන්‍යයක් සහ 22.81ක පන්දු යැවීමේ සාමාන්‍යයක් තියෙන ක්‍රීඩකයෙක් කියන්නේ කොච්චර ශ්‍රේෂ්ඨයෙකුද... එක්දින ලකුණු සාමාන්‍යය 33.41යි, මුළු ලකුණු 3709යි. එක්දින කඩුලු ලබාගැනීමේ සාමාන්‍යය 26.61යි, කඩුලු 182යි.
සුරංගනා කතාවක් වගේ ලස්සනට ලියැවිලා තිබුණු ඉම්රාන් ඛාන්ගේ කතාවට දේශපාලන සෙවණැල්ල පතිත වෙන්නේ 1987 ජනාධිපති, ජෙනරාල් සියා උල් හක් ඔහුට දේශපාලනයට ආරාධනා කිරීමත් එක්කයි. ඉන්පස්සේ නවාස් ශරීෆ්, ඉම්රාන්ට ආරාධනා කළා ඔහුගේ පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයට. ඔය ආරාධනා දෙකම ඉම්රාන් විසින් ප්‍රතික්ෂේප කළා. මේ තරම් ආරාධනා ගලා ඒමෙන් පැහැදිළි වෙන්නේ ඉම්රාන් ඛාන්, එවකට ලොව තුළ කෙතරම් බලවතෙකුද කියන එකයි.
1993දී ඔහු මොයිනුදීන් අහමඩ් ඛුරේෂිගේ අන්තර්වාර ආණ්ඩුවේ සංචාරක කර්මාන්ත තානාපතිවරයෙකු වුණා. 1995දීත් ඉම්රාන් ඛාන් පාකිස්තානයේ බලවත්ම තරුව වූ නිසා අගමැතිනි බෙනාසීර් භූතෝ බියවුණා. ඇය ඔහුට එරෙහිව විවිධ ප්‍රචාර දියත් කළා. 1996දී ඉම්රාන් තමන්ගේම පක්ෂයක් සමගින් දේශපාලනයට පිවිසුණා.
දෛවය හරි පුදුමාකාරයි. ඔහුව දේශපාලනය වෙත තල්ලු වුණු ආකාරය සහ ඉන් එහාට ඔහුගේ ගමන වෙනස්ම එකක්. විපක්ෂය නියෝජනය කරමින් කාලයක් දේශපාලනය කළ ඉම්රාන් ඛාන් 2018දී අගමැති ධුරයට පත්වුණා. ඒත් ඒ කාලය පාකිස්තානයට යහපත් කාලයක් වුණේ නෑ. ආර්ථික තත්වය වල පල්ලට යමින් තිබුණා. ඔහු ඔහුගේ කාර්‍යාල සේවකයන් ගණන 524සිට 2ට අඩු කළා. සුඛෝපභෝගී වාහන විකුණා දැම්මා. අගමැතිවරයාගේ නිල නිවාස වැයෙන් 49%කින් පහත හෙලුවා. කාර්‍යාල වියදම් වලින් 29%ක් පහත හෙලුවා.
IMF එකත් එක්ක එකතුවෙලා විශාල වැඩකටයුතු ටිකක් කරන්න ඔහුට සිදුවුණා. ඔහු චීන-පාකිස්තාන නිදහස් වෙළඳ ගිවිසුමකට අත්සන් කළා. වේලි දෙකක් ඉදිකිරීම වෙනුවෙන් ලොව වටා ගොස් පාකිස්තාන රු. බිලියන 17.2ක් එකතු කළා. ජල විදුලි ජනනය 20%කින් ඉහළ නංවාගත්තා. ගල් අඟුරු භාවිතය අවම කරගත්තා. දේශපාලකයන්ගේ දූෂණ සොයන්නට කමිටුවක් පත්කළා. ඉන්දියා-පාකිස්තාන ගැටුම් සමථයකට පත් කරගන්නට ඔහු ඔහුගේ ශූර නායකත්ව වචන භාවිතා කළා. ලෝකය ඉදිරියේ පාකිස්තානයේ ගෞරවය රැකගත්තා. කොවිඩ් 19 වෛරසයටත් මුහුණ දෙමින් රට කරගෙන ගියා.
ඒ සියල්ල එසේ තිබියදීත්, 2022දී විපක්ෂය ඉම්රාන්ට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ආවා. ඒ මොහොතේ ඔහුගේ ළඟම සගයනුත් ඔහුගෙන් ඉවත් වුණා. මන්ත්‍රණ සභාවේදී ඔහු විශ්වාස භංගය පරාජය වුණා. 2023දී ඔහුව නිවාස අඩස්සියට පත්වූ අතර, 2025දී අල්ලස් හා දූෂණ චෝදනා මත ඔහුව 14 වසරකට සිරගත කරනු ලැබුවා.
මේ 72හැවිරිදි ඔහුගේ අද තත්වයයි.
- අසංක හදිරම්පෑල.
Copped - colombo journalසම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..