News Category
From Date
To Date
Maximum Number of Result

දේශීය වෙළෙඳපොළේ පවතින සහල් හිඟය පියවීමේ පියවරක් ලෙස නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000ක් දක්වා ආනයනය කිරීමට රජය අවසර දී තිබේ.

මම ඇඩ්වාන්ස් ලෙවල් කරන කාලයේ ක්‍රිකට් සීසන් එක නොවෙන කාලයක, ගාල්ලේ ටියුෂන් පන්තියකට ගියා. මාතර ඒ තරම් පන්ති තිබුනට ඒ කාලයේ ලංකාවේ ශුද්ධ ගණිතය ගැන නම් දරාපු කොලඹ ආනන්ද විද්‍යාලයේ ගුරුවරයෙක්වූ මැදගම සර් ඒ පන්තිය කරපු නිසා, ඔන්න අපි යාලුවො කට්ටියයි මගේ ධම්මික අයියයි ඒ පන්තියට යන්න තීරණය කලා.

අහම්බෙන් ඉතිරි වුන මම, වසර 35 අත්නොහල ලියවිල්ලෙන්ම අදත් මෙසේ ලියා තබමි.

කොවිඩ් සමයෙන් පසුව කියුබාව තුළ වර්ධනය වූ ආර්ථික අර්බුදය සහ අමෙරිකා එක්සත් ජනපදය කියුබාවට එල්ලකර ඇති සම්බාධක හේතුවෙන් අද වන විට කියුබාව රාජ්‍යක් ලෙස ඉතා ශෝචනීය ඉරණමකට ගොදුරු වී තිබේ.

කවුද දුන්න ඔත්තුවක් නිසා සුජීව සේනසිංහගෙ ගෙදර තියෙන වාහනේ පරීක්ෂා කරල , සුජීවම ඒක පොලිසිය සහ අධිකරණය කිව්ව විදියට රස පරීක්ෂක ගාවටත් ගෙනිහිල්ල, ඉම්පෝට් කල ලියකියවිලි සියල්ලත් පොලිසියට උසාවියට දීල , ඒවට අදාල මුල් ලේඛන රේගුවෙන් සහ RMV එකෙනුත්, රස පරීක්ෂක වාර්තාවත් එන්න තියෙද්දි පොලිසිය ආයෙ ගිහින් උසාවි නියෝගයක් අරගෙන අර වාර්තා එනතුරු වාහනේ අරෙස්ට් කරන්න කියලා.

LGBTQ හෙවත් සමරිසි කණ්ඩායම් යනු උපතෙන්ම එම තත්ත්වයට පත්වූ පිරිසක් නොවන බවත්, එය මානසික විකෘතියක් බවත් ඔවුන්ට අවශ්‍ය අයිතිවාසිකම් නොව නිසි මාර්ගෝපදේශනයක් බවත් හෙළිකෙරෙන වීඩියෝවක් පහතින් දැක්වේ.

එකලට ද මෙකලට ද කාලෝචිත එක්තරා කතා වස්තුවක් මුහුණුපොතේ තිබී අපට හමුවිය. එදා තවුසන් කියා රැවටුණු සොරදෙටුවන්ට අද ද උත්තමයන් කියා අප රැවටෙනවා නොවේදැයි වටහාගනු පිණිස අපගේ පාඨකයන්ගේ අවධානයට එම කතාව මෙසේ පළ කරමු.

සෝමවංශ අමරසිංහ මහතා ජවිපෙන් ඉවත් වෙලා කරපු රූපවාහිනී සංවාදයකදී, ජවිපෙ 2015 ජාතික ලැයිස්තුවටත් රිංගාගත් බටහිර ඒජන්තයන් ගැන සුවිශේෂී හෙළිදරව්වක්ව කරනවා. ජාතික ලැයිස්තුවේ මුලටම රිංගපු ඒ බොහෝ දෙනා ජවිපෙ වෙත කැන්දන් ආවේ අනුර කුමාර කියලයි සෝමවංශ අමරසිංහ කියන්නේ.

සෝමවංශ අමරසිංහ මහතා ජවිපෙන් ඉවත් වෙලා කරපු රූපවාහිනී සංවාදයකදී, ජවිපෙ 2015 ජාතික ලැයිස්තුවටත් රිංගාගත් බටහිර ඒජන්තයන් ගැන සුවිශේෂී හෙළිදරව්වක්ව කරනවා. ජාතික ලැයිස්තුවේ මුලටම රිංගපු ඒ බොහෝ දෙනා ජවිපෙ වෙත කැන්දන් ආවේ අනුර කුමාර කියලයි සෝමවංශ අමරසිංහ කියන්නේ.


ප්‍රධාන පුවත්

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.